පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1244/2025
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති වනජීවී කලාප එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම එක් එක් වනජීවී කලාපයට අයත් භූමි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම වනජීවී කලාප තුළ වනජීවීන් වෙනුවෙන් ඇති වැව්, අමුණු සහ විල් හඳුනාගෙන තිබේද;
(iv) එසේ නම්, එම සංඛ්‍යාව එක් එක් වනජීවී කලාපය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ඉහත වනජීවී කලාප තුළ මේ වනවිට ප්‍රතිසංස්කරණය කර හෝ ඉදිකර ඇති වැව්, අමුණු සහ විල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විද්‍යාත්මකව හඳුනාගෙන ඇති වනඅලි කොරිඩෝ කවරේද;
(ii) ඒවා ගැසට් කිරීම සඳහා පියවර ගෙන තිබේද;
(iii) එසේ නම්, මේ වනවිට ගැසට් කර ඇති වනඅලි කොරිඩෝ කවරේද;
(iv) හඳුනාගෙන ඇති වනඅලි කොරිඩෝ මේ වනතෙක් ගැසට් කර නොමැති නම්, ඊට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-18
අසන ලද්දේ
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
|
වනජීවි කලාපය |
වනජීවි කලාපයට අයත් දිස්ත්‍රික්ක |
|
01 |
කිලිනොච්චිය |
යාපනය, කිලිනොච්චිය, මුලතිව් |
|
02 |
වවුනියාව |
වවුනියාව, මන්නාරම |
|
03 |
ත්‍රිකුණාමලය |
ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව (කොටසක්) |
|
04 |
නැඟෙනහිර |
අම්පාර, මඩකලපුව, බදුල්ල, මොනරාගල (කොටසක්) |
|
05 |
පෙළොන්නරුව |
පොළොන්නරුව, මාතලේ (කොටසක්) |
|
06 |
මධ්‍යම |
මහනුවර, නුවරඑළිය, බදුල්ල, (කොටසක්) රත්නපුරය (කොටසක්) |
|
07 |
පුත්තලම |
පුත්තලම |
|
08 |
වයඹ |
කුරුණෑගල, අනුරාධපුරය (කොටසක්), මාතලේ (කොටසක්) |
|
09 |
බස්නාහිර |
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කෑගල්ල |
|
10 |
දකුණ |
හම්බන්තොට, මොනරාගල (කොටසක්), රත්නපුරය (කොටසක්), මාතර |
|
11 |
අනුරාධපුරය |
අනුරාධපුරය, පුත්තලම (කොටසක්) |
|
12 |
ඌව |
මොනරාගල, හම්බන්තොට (කොටසක්) |
(ii)
|
|
වනජීවි කලාපය |
වනජීවි කලාපයට අයත් දිස්ත්‍රික්ක |
භූමි ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
01 |
කිලිනොච්චිය |
යාපනය, කිලිනොච්චිය, මුලතිව් |
475,818 |
|
02 |
වවුනියාව |
වවුනියාව, මන්නාරම |
399,947 |
|
03 |
ත්‍රිකුණාමලය |
ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව (කොටසක්) |
311,307 |
|
04 |
නැඟෙනහිර |
අම්පාර, මඩකලපුව, බදුල්ල, මොනරාගල |
713,426 |
|
05 |
පෙළොන්නරුව |
පොළොන්නරුව, මාතලේ (කොටසක්) |
546,466 |
|
06 |
මධ්‍යම |
මහනුවර, නුවරඑළිය, බදුල්ල, රත්නපුරය |
655,790 |
|
07 |
පුත්තලම |
පුත්තලම |
262,340 |
|
08 |
වයඹ |
කුරුණෑගල, අනුරාධපුරය, මාතලේ (කොටසක්) |
549,326 |
|
09 |
බස්නාහිර |
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කෑගල්ල |
693,454 |
|
10 |
දකුණ |
හම්බන්තොට, මොනරාගල, රත්නපුරය (කොටසක්), මාතර |
603,412 |
|
11 |
අනුරාධපුරය |
අනුරාධපුරය, පුත්තලම (කොටසක්) |
725,305 |
|
12 |
ඌව |
මොනරාගල, හම්බන්තොට (කොටසක්) |
620,354 |
(iii) වනජීවී කලාප තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශිත වනජීවී රක්ෂිත මෙන්ම ඉන් පිටත පිහිටි ඉඩම්වල වැව්, අමුණු සහ විල් විශාල වශයෙන් පවතින බැවින් විශේෂ හඳුනා ගැනීමක් සිදු කර නොමැත.
(iv) වනජීවී කලාප තුළ පවතින වැව්, අමුණු සහ විල් විශේෂ හඳුනා ගැනීමක් සිදු කර නොමැත.
(v) අදාළ වනජීවී කලාපයන්හි ප්‍රකාශිත වනජීවී රක්ෂිත තුළ පිහිටි වැව් ඇතුළු ජල මූලාශ්‍ර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වසර ගණනාවක සිට නඩත්තු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතර මෑතකාලීනව සිදු කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු පහත පරිදි වේ.
|
වර්ෂය |
වනජීවී කලාපය |
ප්‍රතිසංස්කරණය කරන ලද ජල මූලාශ්‍රයේ නම |
රක්ෂිතය/අභයභූමිය |
|
2022 |
අනුරාධපුර |
පාලුඉලන්දගහ වැව |
විල්පත්තුව අභයභූමිය |
|
2022 |
අනුරාධපුර |
කරඹ වැව |
විල්පත්තුව අභයභූමිය |
|
2023 |
පුත්තලම |
දිගලිය වැව |
තබ්බෝව අභයභූමිය |
|
2023 |
නැඟෙනහිර |
පලුකොටවල දිය වල |
කුමන ජාතික උද්‍යානය |
|
2023 |
නැඟෙනහිර |
අලියාවල දිය වල |
කුමන ජාතික උද්‍යානය |
|
2023 |
පොළොන්නරුව |
දිවුලාන විල්ලුව |
ජලගැලුම්නිම්න ජාතික උද්‍යානය |
|
2023 |
ඌව |
පස්කෙම වැව |
යාල කලාප iv v |
|
2024 |
නැඟෙනහිර |
සියඹලාගස්වැව |
කුමන ජාතික උද්‍යානය |
|
2025 |
ඌව |
අරංගමුව වැව |
යාල කලාප i |
|
2025 |
ඌව |
පනාගම්මන වැව |
යාල කලාප i |
|
2025 |
ඌව |
දෙයියන්ගෙ වැව |
යාල කලාප i |
ඊට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැව් විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරලා තිබෙනවා.
(ආ) (i) විද්‍යාත්මකව හඳුනාගත් අලි සංක්‍රමණික මාර්ගවල -වනඅලි කොරිඩෝ- ඉඩම් හිමිකාරිත්වය හා ඒවාට සම්බන්ධ රක්ෂිත ප්‍රදේශ පහත දැක්වේ.
ඉහත වගුව තුළ සඳහන් කර තිබෙන්නේ විද්‍යාත්මකව හඳුනා ගත් අලි කොරිඩෝ පිළිබඳවයි. මීට අමතරව සැලකිය යුතු මට්ටමේ අලි කොරිඩෝ කිහිපයක් තව තිබෙනවා. ඒ සියල්ල categorize කළාම, අංක එකට වැටෙන්නේ මෙහි සඳහන් කර තිබෙන ටිකයි. ඊට අමතරව තව විශාල ප්‍රමාණයක් තිබෙනවා.
(ii) ඉහත (ආ) (i)හි සඳහන් පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගත් අලි සංක්‍රමණික මාර්ග 16 අතුරින් 02ක් වනඅලි කළමනාකරණ රක්ෂිත ලෙසත්, 02ක් අභය භූමි ලෙසත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙයින් 09ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කර තිබෙනවා. උල්හිටිය, හුංගමාලඔය සහ මහවැව යන අලි සංක්‍රමණික මාර්ග ත්‍රිත්වයේ ඉඩම් අයිතිය මහවැලි අධිකාරිය සතු වන අතර මෙම අලිමංකඩ පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතිනවා.
(iii) ජූනි 05වැනි දාට යෙදුණු ලෝක පරිසර දිනයේදී මාර්ග කිහිපයක් අලි කොරිඩෝ තුනක් හැටියට ප්‍රකාශයට පත් කරන්න අවශ්‍ය Cabinet approval එක ලැබුණා. ඉදිරියේදී එම ගැසට් නිවේදනය නිකුත් කරනවා. එම අලි කොරිඩෝ තුන අතරින් කොහොලංකල ගත්තාම, ඒ කියන්‍නේ ලුණුගම්වෙහෙර අලි කළමනාකරණ රක්ෂිතයේ සිට - MER එකේ සිට - බූන්දලට යන මාර්ගය අලි කොරිඩෝවක් හැටියට නම් කර තිබෙනවා. ඊට අමතරව වැටහිරකන්ද, උඩවලව සහ ලුණුගම්වෙහෙර යා කරන අලි කොරිඩෝවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අමතරව හඳපානාගල සහ දෙමෝදර යා කරන අලි කොරිඩෝවක් නම් කර තිබෙනවා. දෙමෝදර අලි කොරිඩෝව හරහා වනඅලින්ට යාලටත් ප්‍රවේශ වෙන්න හැකියාව තිබෙනවා. පසුගිය රජයන් විවිධ උත්සාහයන් දැරුවා මේවා අලි කොරිඩෝ හැටියට declare කරන්න. නමුත්, එහෙම කරන්න බැරි වුණා. පසුගිය ජූනි 05වැනි දාට යෙදී තිබුණු ලෝක පරිසර දිනයේදී මෙන්න මේ අලි කොරිඩෝ තුන ගැසට් කරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු අපි සිදු කළා. ඒ වාගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කලින් කියපු අලි සංක්‍රමණික මාර්ග 16න් ඉතුරු ඒවා අලි කළමනාකරණ රක්ෂිත භූමි, අභය භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. හැබැයි, ඒවා අලි කොරිඩෝ හැටියට නොවෙයි, රක්ෂිත හැටියටයි ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. අපි ඉදිරියේදී ඒ පිළිබඳව සැලසුම් කරනවා. විශේෂයෙන්ම අපිට ඒවා අලි කොරිඩෝ හැටියට ගැසට් කිරීමේ අපහසුව තිබෙන්නේ පසුගිය රජයන් විසින් ගනු ලැබූ තීන්දු තීරණ නිසායි. මොකද, විවිධ ව්‍යාපෘති නිසා අවතැන් වන ජනතාව පදිංචි කරවන්නේ අලි කොරිඩෝ මැද්දේ. ඒ වාගේම තමයි, විවිධ දේශපාලන බලපෑම් මත මේ අලි කොරිඩෝවලට අදාළ භූමි ප්‍රමාණය ආක්‍රමණය කරලා මේගොල්ලන් ඒවා අත්පත් කරගෙන තිබෙනවා. ඒ වාගේම තව සමහර ඒවා සමහර companiesවලට බදු දීලා තිබෙනවා. මෙන්න මේ ඉඩම් නිදහස් කර ගැනීමේ අපහසුතාව බරපතළ ලෙස දක්නට තිබෙනවා. අපි මේ දවස්වල ඒ පිළිබඳව සාකච්ඡා කරමින් එම ඉඩම් නිදහස් කරන්න බලනවා.
උදාහරණයක් හැටියට කිව්වොත්, එක තැනකදී අපිට නිර්දේශ කරනවා, මීටර් 20ක පළලක් සහිත අලි කොරිඩෝවක්. ඒක හාස්‍යජනකයි නේ. මොකද, මීටර් 20ක් තුළ අලියෙකුට තියා මිනිහෙකුටවත් හරියට ගමන් කරන්න බැහැ. අපි මේ ගැන සාකච්ඡා කරලා, එය අලින්ට නිදහසේ සංචරණය කරන්න අවශ්‍ය කරන වටපිටාව සහිත අලි කොරිඩෝවක් බවට පරිවර්තනය කරනවා.
(iv) දැනට හඳුනා ගත් අලිමංකඩ 16ක් ඇති අතර එයින් උල්හිටිය, හුංගමාලඔය සහ මහවැව අලි සංක්‍රමණික මාර්ග ත්‍රිත්වයේ ඉඩම් අයිතිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු වන අතර, මෙම අලිමංකඩ පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතිනවා. අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් තීරණය කිරීම සඳහා මෙම කාරණය ඉදිරිපත් කර ඇති අතර මහවැලි අධිකාරිය සමඟද මේ සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks