01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1244/2025: Regularization of Elephant Migration Paths

1244/2025

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති වනජීවී කලාප එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

              (ii)       එම එක් එක් වනජීවී කලාප‍යට අයත් භූමි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (iii)       එම වනජීවී කලාප තුළ වනජීවීන් වෙනුවෙන් ඇති වැව්, අමුණු සහ විල් හඳුනාගෙන තිබේද;

(iv) එසේ නම්, එම සංඛ්‍යාව එක් එක් වනජීවී කලාප‍ය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත වනජීවී කලාප තුළ මේ වනවිට ප්‍රතිසංස්කරණය කර හෝ ඉදිකර ඇති වැව්, අමුණු සහ විල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ආ) ‍(i) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විද්‍යාත්මකව හඳුනාගෙන ඇති වනඅලි කොරිඩෝ කවරේද;

(ii) ඒවා ගැසට් කිරීම සඳහා පියවර ගෙන තිබේද;

(iii) එසේ නම්, මේ වනවිට ගැසට් කර ඇති වනඅලි කොරිඩෝ කවරේද;

(iv) හඳුනාගෙන ඇති වනඅලි කොරිඩෝ මේ වනතෙක් ගැසට් කර නොමැති නම්, ඊට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-18

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks