පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1242/2025
ගරු තිළිණ සමරකෝන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඟ නැගුම ආයතනය මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, එම ආයතනයේ ක්‍රියාත්මකව පවතින කාර්යාල සහ කර්මාන්ත අංගන කවරේද;
(iii) ක්‍රියාත්මක නොවේ නම්, වසා දමා ඇති කාර්යාල සහ කර්මාන්ත අංගන කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අනුරාධපුර, කැකිරාව, ගනේවල්පොල ප්‍රදේශයේ මඟ නැගුම අංගනයක් පවතින බව දන්නේද;
(ii) එහි වර්තමාන තත්ත්වය කවරේද;
(iii) එය වසා දැමීමට හේතු කවරේද;
(iv) එහි පවතින යන්ත්‍රෝපකරණ සහ වාහන වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) ඒවායේ වර්තමාන වටිනාකම කොපමණද;
(vi) ඒවා ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට භාවිතා කිරීමට වැඩපිළිවෙළක් තිබේද;
(vii) එම මධ්‍යස්ථානය තවදුරටත් පවත්වාගෙන නොයන්නේ නම්, එය පවරා ගනු ලබන පදනම කවරේද;
(viii) එය පවරා ගනු ලබන ආයතනය කවරේද;
(ix) පවරා ගැනීම සඳහා ගත වන කාලය කොපමණද;
(x) පවරා ගනු ලබන කාල වකවානු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-24
අසන ලද්දේ
ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නිෂ්පාදන හා ඉදිකිරීම් කටයුතු සිදු නොවන අතර ඈවර කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතී.
|
(a) මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පෞද්ගලික සමාගම |
(b) මඟ නැඟුම ඉමල්ෂන් නිෂ්පාදන පෞද්ගලික සමාගම |
(c) මඟ නැඟුම උපදේශන සහ කළමනාකරණ පෞද්ගලික සමාගම |
|
· සියලු සේවකයින් විශ්‍රාම ගන්වා ඇත. · ඈවර කිරීමට පෙර සැපයුම්කරුවන් වෙනුවෙන් සිදු කළ යුතු ගෙවීම් ආදී කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවම සේවක සංඛ්‍යාවක් කාර්ය පැවරුම් යටතේ පවත්වා ගෙන යනු ලබයි. · කිසිදු නිෂ්පාදන හෝ ඉදිකිරීම් කටයුත්තක් සිදු කරනු නොලබයි. |
· මාර්ග සංවර්ධන අධිකාරියට අයත් යන්ත්‍රසූත්‍ර හා භාණ්ඩ නැවත මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාර දී ඇත. |
· ඈවර කිරීමට අදාළ කටයුතු ආරම්භ කර ඇත. |
(ii)
|
(a) මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පෞද්ගලික සමාගම |
(b) මඟ නැඟුම ඉමල්ෂන් නිෂ්පාදන පෞද්ගලික සමාගම |
(c) මග නැඟුම උපදේශන සහ කළමනාකරණ පෞද්ගලික සමාගම |
||||||||||||||||||||||||||||||||
|
පෑලියගොඩ ප්‍රධාන කාර්යාලය |
මෙම සමාගම භාවිත කරන ලද මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉමල්ෂන් යන්ත්‍රාගාරය නැවත ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් තීරණය කර ඇති අතර අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව නැවත ක්‍රියාකරවීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. (iii) (a) මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පෞද්ගලික සමාගම - ආරක්ෂාව සහ අදාළ වැඩබිම්හි වගකීම් කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවක ප්‍රමාණයක් රඳවා ඇත.
|
අඟුලාන පිහිටි ප්‍රධාන කාර්යාලය සහ අටබාගේ පෙරමුසු යන්ත්‍රාගාරය |
(b) මඟ නැඟුම ඉමල්ෂන් නිෂ්පාදන පෞද්ගලික සමාගම - මෙම සමාගම ඈවර කිරීමේ කටයුතු අවසන් කර නොමැති අතර ප්‍රධාන කාර්යාලය පැවති අඟුලානේ පිහිටි ගොඩනැඟිල්ල පමණක් මේ වනවිට භාවිතයට නොගෙන වසා දමා ඇත.
(ආ) (i) ඔව්.
(ii) අක්‍රිය මට්ටමේ පවතී.
(iii) අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 23/0394/608/033 හා 2023.03.20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් මඟ නැඟුම සමාගම් ඈවර කිරීමට නියමිත බැවින්.
(iv) ගනේවල්පොල වැඩබිමෙහි ඇති යන්ත්‍රාගාර සංඛ්‍යාව 04කි.
|
1. |
පෙරමුසු යන්ත්‍රාගාරය |
01 |
|
2. |
ක්‍රෂර් යන්ත්‍රාගාරය |
01 |
|
3. |
VSI ක්‍රෂර් යන්ත්‍රාගාරය |
01 |
|
4. |
කොන්ක්‍රීට් යන්ත්‍රාගාරය |
01 |
ගනේවල්පොල වැඩබිමෙහි නවතා ඇති වාහන සංඛ්‍යාව 33කි. ඒවා මෙසේයි.
|
No. |
Description |
Registration Number |
|
1 |
Motor Lorry 6 Wheel-Tipper |
LJ-3845 |
|
2 |
Motor Lorry 6 Wheel-Tipper |
LH-6959 |
|
3 |
Motor Lorry 6 Wheel-Tipper |
LH-6943 |
|
4 |
Motor Lorry 6 Wheel-Tipper |
LH-6949 |
|
5 |
Motor Lorry 6 Wheel-Tipper |
LH-9528 |
|
6 |
Motor Lorry 6 Wheel-Tipper |
LO-5864 |
|
7 |
Motor Lorry 6 Wheel-Tipper |
LO-5865 |
|
8 |
Motor Lorry 6 Wheel-Tipper |
LO-5866 |
|
9 |
Motor Lorry 6 Wheel-Tipper |
LO-5868 |
|
10 |
Motor Lorry 10 Wheel-Tipper |
LJ-6543 |
|
11 |
Motor Lorry 10 Wheel-Tipper |
LI-5465 |
|
12 |
Motor Lorry 10 Wheel-Tipper |
LI-5464 |
|
13 |
Motor Lorry 10 Wheel-Tipper |
LI-1542 |
|
14 |
Motor Cycle |
WQ-3379 |
|
15 |
Tractor |
RB-0663 |
|
16 |
Tractor |
RB-8304 |
|
17 |
Tractor |
RB-9242 |
|
18 |
Trailer Bowser |
|
|
19 |
Air Compressor |
MAC 004 |
|
20 |
Air Compressor |
MAC 011 |
|
21 |
Air Compressor |
MAC 012 |
|
22 |
Wheel Loader |
MWL 002 |
|
23 |
Wheel Loader |
MWL 004 |
|
24 |
Wheel Loader |
MWL 005 |
|
25 |
Excavator |
MEX 101 |
|
26 |
Excavator |
MEX 104 |
|
27 |
Excavator with Breaker |
MEX 114 |
|
28 |
Excavator |
MEX 115 |
|
29 |
Excavator |
MEX 116 |
|
30 |
Excavator with Breaker |
MEX 117 |
|
31 |
Excavator |
MEX 118 |
|
32 |
Generator (Ganewalpola) |
MGEN-010 |
|
33 |
BARGE |
MFB-001 |
(v) 2024 වර්ෂයෙහි සැප්තැම්බර් මස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ නිලධාරින් සමඟ සිදු කරන ලද තක්සේරුවට අනුව,
ගනේවල්පොල වැඩබිමෙහි ඇති යන්ත්‍රාගාරවල වටිනාකම - රුපියල් 91,000,000.00
ගනේවල්පොල වැඩබිමෙහි නවතා ඇති වාහනවල වටිනාකම - රුපියල් 72,710,000.00
(vi) ඔව්.
· එහෙත් ආයතනයට විරුද්ධව සේවා සපයන්නන් කිහිපදෙනෙකු පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් අධිකරණයේ අවසරයකින් තොරව මෙම උපකරණ භාවිතයට ගත නොහැක.
· අමප/25/0858/809/064 හා 2025.05.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් මෙම සමාගම ඈවර කිරීමට යටත්ව රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතන වෙත බදු පදනම මත එම යන්ත්‍රෝපකරණ නිදහස් කිරීමට අනුමත කර ඇත. ඒ අනුව නීතිමය අවසරය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.
(vii) කොළඹ වාණිජ මහාධිකරණයේ පවතින CHC/32/23/CO දරන නඩුකරය මත එසේ පවරා දීමට දැනට නොහැක.
(viii) පවරා දෙනු ලබන්නේ නම් සමාගමේ තනි අයිතිකරු වන මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා දිය යුතුය.
(ix) කොළඹ වාණිජ මහාධිකරණයේ පවතින CHC/32/23/CO දරන නඩුවෙන් ලබා දෙන තීන්දු මත රඳා පවතී.
(x) කොළඹ වාණිජ මහාධිකරණයේ පවතින CHC/32/23/CO දරන නඩුවෙන් ලබා දෙන තීන්දුව මත රඳා පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks