පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1241/2025
ගරු තිළිණ සමරකෝන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම්, වාර්ෂික හෝ දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදී තිබේද;
(ii) ඉපලෝගම සහ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉඩම්, සංවර්ධනය කිරීමට බදු පදනම මත ලබාදී තිබේද;
(iii) එසේ නම්, එම ඉඩම් ප්‍රමාණය සහ ඒවා ලබාදී ඇති කාල සීමාවන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අංක 519-ඉහලකාගම, අංක 621-ඉහලගම සහ අංක 618-කරඹවත්ත යන ග්‍රාම නිලධාරි වසම්වල බදු පදනම මත ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඒ සඳහා බදු ගිවිසුම් අත්සන් කර තිබේද;
(iii) එසේ නම්, අදාළ පාර්ශ්වයන් කවරේද;
(iv) එම එක් එක් ඉඩමේ විශාලත්වය සහ බදු කාල සීමාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එම ඉඩම් සංවර්ධනය කර තිබේද;
(vi) සංවර්ධනය නොකරන ලද ඉඩම් නැවත පවරා ගෙන තිබේද;
(vii) ඉහත ඉඩම් අතුරු බදු ලබාදී තිබේද;
(viii) ඉහත ඉඩම් වටා අලිවැට ඉදිකර ඇති බව දන්නේද;
(ix) ඒ සඳහා අවසර ලබා ගෙන තිබේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් කොටස් 42ක් ද, කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් 535ක් ද ලබා දී ඇත. එය ඇමුණුම I සහ ඇමුණුම II මඟින් දැක්වේ. මෙම සියලු බදු වසර 30ක කාලයක් සඳහා ලබා දී ඇත.
(ආ) (i) කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 618 කරඹවත්ත නමින් ග්‍රාම නිලධාරි වසමක් නොමැති බවත්, අංක 618 ඔළුකරද යන නමින් ග්‍රාම නිලධාරි වසමක් ඇති බවත් එම ප්‍රාදේශීය ලේකම් දන්වා ඇත.
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළව අංක 618 ඔළුකරද ග්‍රාම නිලධාරි කොට්ඨාසයෙහි ඉඩම් කැබලි 09ක්ද, අංක 621 ඉහළගම ග්‍රාම නිලධාරි කොට්ඨාසයෙහි ඉඩම් කැබලි 04ක් සහ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අංක 519 ඉහලකාගම ග්‍රාම නිලධාරි වසමේ ඉඩම් කැබලි 01ක් දීර්ඝ කාලීන බදු ලෙස බැහැර කර ඇත.
(ii) ඇමුණුම III හි (ii) තීරුවෙහි සඳහන් වේ.
ඇමුණුම් I, II සහ III සභාගත* කරමි.
(iii) ඇමුණුම III හි (iii) තීරුවෙහි, ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කළ පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු සඳහන් වේ.
(iv) මෙම ඉඩම වසර 30ක බදු කාලයක් සඳහා ලබා දී ඇති අතර, ඉඩමේ විශාලත්වය ඇමුණුම III හි (i) තීරුවෙහි දැක්වේ.
(v) ප්‍රාදේශීය ලේකම් විසින් සඳහන් කර ඇති ආකාරයට මෙම ඉඩම් කොටස් සංවර්ධනය කර ඇත. ඇමුණුම III හි (v) තීරුවෙහි දැක්වේ.
(vi) නැවත පවරාගෙන නැත. ඇමුණුම III හි (vi) තීරුවෙහි දැක්වේ.
(vii) නැත. ඇමුණුම III හි (vii) තීරුවෙහි දැක්වේ.
(viii) අලි වැට ඉදිකර නැති බව වාර්තා කර ඇත. ඇමුණුම III හි (viii) තීරුවෙහි දැක්වේ.
(ix) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-11-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks