පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1236/2025
ගරු කේ. කාදර් මස්තාන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මන්නාරම දිස්ත්‍රික්කයේ, මුසලි ප්‍රාදේශීය සභාවට අයත්, වේප්පම්කුලම් සිට සිලාවතුරෛ දක්වා වූ අභ්‍යන්තර මාර්ගය 2010 වර්ෂයේදී එවකට නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යාංශය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බව දන්නේද;
(ii) ඉහත මාර්ගයේ දුර කොපමණද;
(iii) එම මාර්ගය කුමන ගම්මානයක් ඔස්සේ දිවෙන්නේද;
(iv) එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද දිනය සහ අවසන් කරන ලද දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව සමාගම සමඟ එළඹි ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන්නේද;
(ii) ගිවිසුමට එළඹෙන අවස්ථාව වනවිට සමාගමේ හිමිකරුවන් කවුරුන්ද;
(iii) එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සමාගමට වෙන් කරන ලද මුදල කොපමණද;
(iv) ඉහත මාර්ගය ප්‍රතිසංස්කරණය කර නොමැති බවත්, ඒ සඳහා වංචා සහගත ලෙස මුදල් ලබා ගෙන ඇති බවත් දන්නේද;
(v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පළාත් සභාව හෝ ඒ යටතේ වූ ආයතනවලට අයත්, වේප්පම්කුලම් සිට සිලාවතුරෛ දක්වා අභ්‍යන්තර ඍජු මාර්ගයක් මන්නාරම දිස්ත්‍රික්කය තුළ නොමැති බැවින් එවැනි මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු අපේ ලිපිලේඛනවල අන්තර්ගත වන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන අදහසක් පළ කරන්න හැකියාවක් නැහැ.
(ii) ඉහත (i)ට ලබා දුන් පිළිතුර අනුව මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්කමක් නැහැ.
(iii) මාර්ගයක් නැති නිසා මේ ප්‍රශ්නයටත් පිළිතුරක් ලබා දෙන්න හැකියාවක් නැහැ.
(iv) මේ ප්‍රශ්නයටත් එසේමයි. මීට අදාළ පිළිතුරක් දෙන්න පුළුවන්කමක් නැහැ. හේතුව, (අ) යටතේ අසා තිබෙන කොටස් හතරටම අදාළව ගත්තොත් කියන්න තිබෙන්නේ, එහෙම මාර්ගයක් නැහැ කියලායි.
(ආ) (i) ගිවිසුමක පිටපතක් ඉදිරිපත් කරන්න විධියක් නැහැ. මොකද, එහෙම ගිවිසුමක් නැහැ.
(ii) ගිවිසුමක් නැති නිසා හිමිකරුවන් කවුද කියා කියන්න පුළුවන්කමක් නැහැ.
(iii) ඒ ප්‍රශ්නයටත් පිළිතුරක් දෙන්න පුළුවන්කමක් නැහැ. මොකද, (අ) (i) ප්‍රශ්නයට පිළිතුරක් නොමැති නිසා -එහෙම මාර්ගයක් නොමැති නිසා- අනෙක් කොටස් සියල්ලටම පිළිතුරු දෙන්න විධියක් නැහැ.
(iv) නොදනී.
(v) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks