04

E   |     |  

 දිනය: 2026-02-17   පිළිතුර ලබා දී ඇත 

1223/2026: සූර්ය පැනල මඟින් උත්පාදනය කරන විදුලිය: විස්තර

----

අසන ලද දිනය

2026-02-17

අසන ලද්දේ

ගරු සුරංග රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මුළු ප්‍රමාණය දළ වශයෙන් දිනකට ගිගාවොට් පැය 9ක් (9 GWh) පමණ වේ.                    

              (ii)      කිලෝවොට් පැය එකක් සඳහා රුපියල් 12.73 සිට රුපියල් 37.46 දක්වා ගාස්තු ගෙවනු ලබන අතර, වර්තමානයේ ඇති කර ගන්නා ගිවිසුම් සඳහා කිලෝවොට් පැයකට ගෙවන සාමාන්‍ය මිල රුපියල් 17.16කි.

             (iii)      එම මුදල වැඩි කිරීම හෝ අඩු කිරීම යැයි පැවසිය නොහැක.

නව සූර්ය පැනල පද්ධති මඟින් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන විදුලි බලය සඳහා ගෙවීම් කරනු ලබන අනුපාත ගණනය කිරීමට බලශක්ති අමාත්‍යාංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහ බැංකුව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි (පුද්ගලික) සමාගම යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සිදු කරනු ලබයි.

සූර්ය පැනල පද්ධතීන්හි ප්‍රාග්ධන පිරිවැය වැනි මූල්‍ය පරාමිතීන් ඇතුළත් කර එකඟ වූ සූත්‍ර මත පදනම්ව කමිටුව විසින් කාලානුරූපව එම අනුපාත තීරණය කරනු ලබන අතර, කැබිනට් අනුමැතිය මත ඒවා ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, සූර්ය පැනල සඳහා ගෙවනු ලබන මුළු මුදල (අයක්‍රම අනුපාත) සූර්ය පැනල සවි කිරීමට වැය වූ පිරිවැය ප්‍රතිපූරණය කර ගැනීම පිණිස ගෙවන - cost-reflective tariff - මුදල වන අතර, එම අනුපාත කලින් කලට චක්‍රලේඛ මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

  (iv) දැනට පවතින සූර්ය පැනල බලාගාර සඳහා වන අයක්‍රම වන්නේ:

a. 2025 ජූනි මස සිට හඳුන්වා දුන් පොළොව මත ඉදි කළ හා පාවෙන සූර්ය බලාගාර සඳහා ස්ථාවර අය ක්‍රමය  - FIT - පිළිවෙළින් රුපියල් 17.62ක් හා රුපියල් 24.33ක් වේ. එය ගිවිසුම්ගත දින සිට වසර 20ක කාලයකට වලංගු වේ.

  b. වහල මත ඉදි කළ සූර්ය පැනල සඳහා අදාළ ගාස්තුව 2025.06.16 හඳුන්වා දුන් ආකාරයට පහත සඳහන් පරිදි වේ. එයත් වර්ෂ 20ක් සඳහා වලංගු වේ.

අය ක්‍රමය අදාළ වන කාලය

මිලදී ගැනීම් සිදු කරන ගිවිසුම් කාල පරාසය

විදුලිය ඒකකයක් සඳහා අගය/රුපියල්

 2025.06.16

මුළු වසර 20ම සඳහා

කිලෝවොට් 05 දක්වා - 20.90

 

 

කිලෝවොට් 05ට වැඩි කිලෝවොට් 20 දක්වා - 19.61

 

 

කිලෝවොට් 20ට වැඩි කිලෝවොට් 100 දක්වා - 17.46

 

 

කිලෝවොට් 100ට වැඩි  කිලෝවොට් 500 දක්වා - 15.49

 

 

කිලෝවොට් 500ට වැඩි - 15.07

 

 

මෙගාවොට් 01 සහ වැඩි - 14.46

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(v) දිගු කාලීන ජනන සැලැස්ම - 2025-2044 - සම්පාදනය කර ඇත්තේ 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති මඟින් සපුරා ගැනීමේ ඉලක්කය පදනම් කරගෙනය. ඊට අමතරව දැනට ක්‍රියාත්මක කිරීමට නියමිත බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ඉදිකිරීමෙන් අතිරික්තව නිපදවෙන බලශක්තිය ගබඩා කර තබාගෙන අවශ්‍ය විට විදුලිබල පද්ධතියට ලබා දීමට හැකිවීම තුළ සූර්ය බල පැනල මඟින් විදුලි උත්පාදනය දිරිගැන්වීමට ද කටයුතු කර ඇත.

(ආ) අදාළ නැත

පිළිතුරු දුන් දිනය

2026-02-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks