පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1222/2025
ගරු සුරංග රත්නායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ ‘අස්වැසුම’ ප්‍රතිලාභින් සංඛ්‍යාව කොපමණද;
(ii) ලැබිය යුතු සියලුම පුද්ගලයන්ට ‘අස්වැසුම’ ප්‍රතිලාභය ලබා දෙන්නේද;
(iii) මේ වනවිට එම ප්‍රතිලාභය නොලැබන එහෙත් සුදුසුකම් සහිත පුද්ගලයන්ට එම ප්‍රතිලාභය ලබා දීමට කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, ඔවුන්ට එම ප්‍රතිලාභය ලබා දෙන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-01-21
අසන ලද්දේ
ගරු සුරංග රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වන විට "අස්වැසුම" ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,657,621යි.(ii) ඔව්. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්, සුදුසුකම් සම්පූර්ණ කරනු ලැබූ ප්‍රතිලාභීන් සියලුදෙනාට ඉදිරියේදී ප්‍රතිලාභ ගෙවීමේ හැකියාව තිබෙනවා.
(iii) ඔව්. මේ වනකොට ප්‍රතිලාභ ඉල්ලා තිබෙන අය අතුරින් තෝරා ගත්තේ නැති තව පිරිසක් ඉන්නවා. මේ වන විට ඒ පිරිස තේරීම් ක්‍රියාවලියට ලක් වෙමින් පවතිනවා.
දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සත්‍යාපනය කරන්න එවපු අයදුම්කරුවන් 97දෙනෙක් ඉන්නවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන්න නියමිත 4,228දෙනෙක් ඉන්නවා. ඒ අනුමැතිය ලැබිලා බැංකු ගිණුම් විවෘත කරගත්තේ නැති ප්‍රතිලාභීන් පළමුවැනි වටයට අදාළව 33,513දෙනෙක් සහ දෙවැනි වටයට අදාළව 28,985දෙනෙක් ඉන්නවා. මීටත් අමතරව, අභියාචන හා විරෝධතා හේතුවෙන් අවසන් තීරණ ලබා දීමට ඇති සංඛ්‍යාව 67,531ක් වනවා.
එතකොට මෙන්න මේ කියපු පිරිසත් අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ අවසන් වුණාට පසුව ප්‍රතිලාභ ලබන්න සුදුසුකම් සහිත අය බවට පත් වුණොත් ඒගොල්ලන්ටත් ඒ ප්‍රතිලාභය ලැබෙනවා. ඊටත් අමතරව, මා කලින් සඳහන් කළ, "බැංකු ගිණුම් විවෘත නොකළ ප්‍රමාණය" යටතේ සඳහන් කර තිබෙන පිරිසටත් බැංකු ගිණුම් විවෘත කළාට පසුව එම ප්‍රතිලාභය ලැබෙනවා.
(iv) 2026 ජනවාරි 28
අභියාචනා හා විරෝධතා පරීක්ෂණ අවසන් කර මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති නාම ලේඛන සඳහා මණ්ඩලය විසින් මේ වන කොට අනුමැතිය ලබා දෙමින් පවතිනවා. ප්‍රතිලාභීන් විසින් බැංකු ගිණුම් විවෘත කර මණ්ඩලය වෙත දැනුම් දුන් පසු එම ගිණුම්වලට ඒ මුදල් බැර කරනු ලබනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks