පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1221/2025
ගරු සුරංග රත්නායක මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කලාවැව දුම්රිය ස්ථානය, ශ්‍රී ලංකාවේ පැරණිතම දුම්රිය ස්ථානයක් බවත්;
(ii) කලාවැව, අවුකන බුදු පිළිමය, කඩවර දේවාලය, විජිතපුර රජමහා විහාරය, දුටුගැමුණු මහා විහාරය සහ චාමරගල රජමහා විහාර වැනි ප්‍රසිද්ධ ස්ථානයන් නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් එම දුම්රිය ස්ථානය භාවිතා කරන බවත්;
(iii) එහෙත්, එහි දුම්රිය ආසන වෙන් කිරීමේ පහසුකම් නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේ නම්, එම දුම්රිය ස්ථානයට ආසන වෙන් කිරීමේ පහසුකම් ලබා දිය හැකිද;
(ii) එසේ නම්, එම පහසුකම් ලබා දෙන දිනය කවරේද;
(iii) එම දුම්රිය ස්ථානයට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (A.T.M) ලබා දිය හැකිද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-10
අසන ලද්දේ
ගරු සුරංග රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කලාවැව දුම්රිය ස්ථානය, ශ්‍රී ලංකාවේ පැරණිතම දුම්රිය ස්ථානයකි.
(ii) දේශීය හා විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් කලාවැව දුම්රිය ස්ථානය භාවිත කරනු ලැබේ.
(iii) ඔව්.
(ආ) (i) ඉදිරියේදී කලාවැව දුම්රිය ස්ථානයට ආසන වෙන් කිරීමේ පහසුකම් ලබා දිය හැක.
(ii) මේ වනවිට මොබිටෙල් ආයතනය හා එක්ව දුම්රිය ආසන වෙන් කිරීමේ පහසුකම අන්තර්ජාලය මඟින් දුම්රිය ස්ථාන 50කට ලබා දී ඇත. ඒ අනුව මගීන්ට අදාළ දුම්රිය ස්ථානයට ගොස් හෝ අන්තර්ජාලය හරහා ආසන වෙන් කර ගැනීමට හැක.
දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සියලු සාමාන්‍ය ප්‍රවේශපත්‍ර හා වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආදිය ඇතුළත් නව ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී.
ඒ අනුව එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී කලාවැව දුම්රිය ස්ථානයට මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ආසන වෙන් කිරීමේ පහසුකම් ලබා දිය හැක.
(iii) දුම්රිය ස්ථානයන්හි ATM යන්ත්‍ර ස්ථාපිත කිරීම අදාළ බැංකුවල ඉල්ලීම මත සිදු කෙරේ. ඒ අනුව දුම්රිය ස්ථානවල පාලන කටයුතුවලට බාධාවක් නොවන පරිදි අදාළ උප දෙපාර්තමේන්තු නිර්දේශ ද සහිතව භූමි පරිශ්‍රයක් ලබා දීම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබේ.
එසේ වුවද එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට ප්‍රථම අදාළ බැංකුව විසින් මහ බැංකුවේ සහ අදාළ ATM යන්ත්‍රය ස්ථාපිත කිරීමට යෝජිත ස්ථානයට අයත් පොලිස් ස්ථානවල අනුමැතිය ලබා ගැනීම වැනි අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ කළ යුුතු අතර, එම අනුමැතිය ලබා ගැනීමේ වගකීම අදාළ බැංකුව සතු වේ.
ඒ අනුව කලාවැව දුම්රිය ස්ථානයේ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා යම්කිසි බැංකුවකින්/බැංකුවලින් ඉල්ලීම් ඉදිරිපත් වුවහොත් ඒ අනුව ක්‍රියා කළ හැකිය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks