පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1220/2025
ගරු සුරංග රත්නායක මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා සිටින වනඅලින් සංඛ්‍යාව කොපමණද;
(ii) එයට අයත් භුමි ප්‍රමාණය අක්කර කොපමණද;
(iii) එම භූමිය තුළ තිබූ වගා ඉඩම් ප්‍රමාණය අක්කර කොපමණද;
(iv) එම ඉඩම් වෙනුවට අයිතිකරුවන්ට විකල්ප වගා ඉඩම් ලබාදී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත මධ්‍යස්ථානය අලිමංකඩක පිහිටුවීම හේතුවෙන් ඒ හරහා ගමන් කරනු ලබන වනඅලින් සඳහා විකල්ප මාර්ග නොමැති වීමෙන් වෙනත් වගා බිම් හරහා ගමන් කිරීම හේතුවෙන් වගා හානි සිදුවන බව දන්නේද;
(ii) ඒ සඳහා ලබා දෙන විසඳුම් කවරේද;
(iii) වනඅලින් සිදු කරනු ලබන වගා හානි සඳහා වන්දි ලබා දීමට ගත වන කාලය කොපමණද;
(iv) තම ඉඩම් සඳහා ඔප්පු හෝ අවසර පත්‍ර නොමැති ගොවීන්ට වගා හානි වෙනුවෙන් වන්දි නොගෙවන්නේද;
(v) එසේ නම්, ඔවුන්ට සාධාරණයක් ඉටුකරන ආකාරය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-23
අසන ලද්දේ
ගරු සුරංග රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වනවිට හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත පීඩාකාරි වනඅලි 73දෙනෙකු නිදහස් කර ඇත. මෙම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළදී මිය ගොස් විධිමත් පරිදි පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇති වනඅලි සංඛ්‍යාව 21කි. මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානය හෙක්ටෙයාර 997ක භූමි ප්‍රමාණයක පවතින අතර, මෙම ප්‍රදේශය තුළ නිදහස් කර ඇති දැනට ජීවත් වන වනඅලින්ගේ සංඛ්‍යාව සමීක්ෂණය කර නොමැත. පීඩාකාරි වනඅලි සැරිසරන මෙම ප්‍රදේශය තුළ සාමාන්‍ය පරිදි වනජීවී නිලධාරින් ඇතුළු වී සමීක්ෂණය කිරීම නිලධාරින්ගේ ජීවිත අවදානමකට ලක් විය හැකි බැවින් එම සමීක්ෂණ කටයුතු සිදු කර නොමැති බව සඳහන් කරමි.
(ii) හෙක්ටෙයාර 997කි. (අක්කර 2463.64)
(iii) වගා ඉඩම් නොමැත. රජයේ ඉඩම් පමණක් හොරොව්පතාන ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
(iv) ඔව්. රජයේ ඉඩම් පමණක් හොරොව්පතාන ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් විකල්පයක් වශයෙන් ඉඩම් ලබා දී නොමැත.
(ආ) (i) හොරොව්පතාන ජාතික උද්‍යානය හෙක්ටෙයාර 2,570ක පමණ භූමි ප්‍රමාණයක පවතී. එම ප්‍රමාණයෙන් හෙක්ටෙයාර 997ක ප්‍රමාණයක හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටා ඇති අතර, ඉතුරු හෙක්ටෙයාර 1,573ක ප්‍රමාණය තුළ වනඅලි සංචරණයට බාධාවක් නොමැත. මෙම ජාතික උද්‍යානය අවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන භූමි ප්‍රමාණයක්ද පවතින අතර එම භූමියද වනඅලින්ගේ සංචරණය සඳහා භාවිත කිරීමේ හැකියාවක් ඇත. කෙසේ නමුත් දිස්ත්‍රික්කය පුරා පවතින පොදු ගැටලුවක් ලෙස වනඅලි වගාවන්ට හානි සිදු කිරීම් එම ප්‍රදේශයේද සිදු වන බව නිරීක්ෂණය වේ.
(ii) ප්‍රදේශයේ පවතින ඉඩම් පරිහරණ රටාව හඳුනාගෙන විසඳුමක් වශයෙන් විදුලි වැට ඉදි කිරීමට යෝජිත විදුලි වැට මාර්ග හඳුනා ගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් පවතී.
(iii) වනඅලි විසින් සිදු කරන වගා හානි සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන්දි නොගෙවන අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වන්දි ගෙවීම් සිදු කරයි. ඒ සඳහා අදාළ ගොවි මහතුන් තමන්ගේ වගා රක්ෂණය කර ගත යුතු වේ.
(iv) කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා 06ක් (වී, බඩ ඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා සහ මිරිස්) සඳහා වන්දි ගෙවන බැවින් වන්දි ගෙවීමට අදාළ කොන්දේසි අනුව වගා හානි සඳහා වන්දි ගෙවීම් සිදු කර ඇත.
(v) කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පනවා ඇති විධිවිධාන අනුව කටයුතු කරයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks