01

E   |     |  

 දිනය: 2025-12-03   පිළිතුර ලබා දී ඇත 

1219/2025: Production and importation of Maize from year 2023 to 2025 and dairy industry in Anuradhapura District

1219/2025

ගරු සුරංග රත්නායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ සිටින කිරි ගොවීන් සංඛ්‍යාව සහ දෛනික කිරි නිෂ්පාදනය ලීටර්වලින් කොපමණද;

            (ii)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින කිරි ගොවීන් සංඛ්‍යාව සහ එම දිස්ත්‍රික්කයේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර්වලින් කොපමණද;

(iii) මේ වනවිට කිරි ලීටරයක් සඳහා ගෙවනු ලබන මුදල කොපමණද;

(iv) එම මුදල මෑතකදී සංශෝධනය කරනු ලැබුවේද;

(v) එසේ නම්, ඊට හේතු කවරේද;

(vi) කිරි ගොවීන් නගා සිටුවීමට ගනු ලබන පියවර කවරේද;

‍යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) 2025/2026 මහ කන්නයේදී රජය වී මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේද;

(ii) වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ණය ලබා දෙන්නේද;

(iii) වී අලෙවි මණ්ඩලයේ අසාදු ලේඛනගත ව්‍යාපාරිකයන්ටත් ණය ලබා දෙන්නේද;

(iv) වී කිලෝවක් සඳහා සාධාරණ මිලක් ලබා දෙන්නේද;

(v) එසේ නම්,  එක් එක් වී වර්ගය අනුව එම මිල වෙන් වෙන් වශයෙන් කවරේද;

‍යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-12-03

අසන ලද්දේ

ගරු සුරංග රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks