පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1185/2025
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනහරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිලි/ මුලංගාවිල් මහා විද්‍යාලය යනුවෙන් ජාතික පාසලක් තිබෙන බවත්;
(ii) එම පාසලේ ගුරු පුරප්පාඩු, සේවක පුරප්පාඩු, ගෘහ භාණ්ඩ හිඟයක් සහ සම්පත් හිඟයක් මේ වනවිට පවතින අතර ඒ හේතුවෙන් එම පාසල අධ්‍යාපන කටයුතුවලදී යම් පසුබෑමකට ලක්වී ඇති බවත්;
(iii) එම පුරප්පාඩු/හිඟයන් සම්පූර්ණ නොකර එම පාසලේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවිය නොහැකි බවත්;
එතුමිය පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත පාසලේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත පාසලේ කනිෂ්ඨ සේවක පුරප්පාඩු 17ක් පැවතියද, මේ වනතෙක් එම පුරප්පාඩු නොපිරවීමට හේතු කවරේද;
(iii) එම පාසලේ ගොඩනැගිලි අවශ්‍යතා සම්පූර්ණ කරනු ලබන දිනය කවරේද;
(iv) එම පාසලේ ගෘහ භාණ්ඩ හිඟයට විසඳුම් ලබා දෙන දිනය කවරේද;
(v) ඉහත පාසලේ කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු සම්පූර්ණයෙන්ම පුරවනු ලබන දිනය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-05
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2026-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks