පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (2)
(අ) (i) කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, තමිල්චෝලෛ විද්‍යාලය නමින් පාසලක් පැවැති බව දන්නේද;
(ii) එසේ නම්, එම පාසල ආරම්භ කරන ලද දිනය කවරේද;
(iii) එම පාසලේ සිසුන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට සහ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අවසන් වරට පෙනී සිට ඇති වර්ෂ වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) මේ වනවිට ඉහත පාසලේ නාමය කවරේද;
(v) එම පාසලේ නාමය සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබූයේ කවුරුන් විසින්ද;
(vi) ඊට හේතු කවරේද;
(vii) එම සංශෝධනය කරනු ලැබූ දිනය කවරේද;
(viii) එම පාසලේ නාමය සඳහා එම පාසලේ නිර්මාතෘවරයාගේ හෝ පාසල ආරම්භ කිරීමට පුරෝගාමීවූ පුද්ගලයෙකුගේ නමක් යොදා ගත හැකිද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-17
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2010.11.22 දිනැති ස්ථාවර නියෝගය මඟින් කිලි/තමිළ්චෝලයි විද්‍යාලය ලෙස නම් කරන ලද පාසල කිලි/විවේකානන්ද විද්‍යාලය ලෙස නම් කර ඇති අතර, එම පාසල මීට පෙර කිලි/තමිළ්චෝලයි විද්‍යාලය ලෙස ක්‍රියාත්මක වූ බව තහවුරු වේ. ස්ථාවර නියෝගය ඇමුණුම 01 ලෙස ද අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ 2010.10.09 දිනැති අංක NP/03/06/01/NAMECHANGE/2010 දරන ලිපිය ඇමුණුම 02 ලෙස ද දක්වා ඇත.
(ii) ආරම්භක දිනය පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා තිබේ.
(iii) කිලි/තමිළ්චෝලයි විද්‍යාලය නමින් අපොස (සාමාන්‍ය පෙළ) සඳහා අවසන් වරට 2009 වර්ෂයේදී ද, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා 2010 වර්ෂයේදී ද පෙනී සිට ඇත.
කිලි/විවේකානන්ද විද්‍යාලය නමින් අපොස (සාමාන්‍ය පෙළ) විභාගයට 2025 වර්ෂයේදී ද, ශිෂ්‍යත්ව විභාගයට 2025 වර්ෂයේදී ද පෙනී සිට ඇත. (2026 වර්ෂයට අදාළව තොරතුරු යාවත්කාලීන කර නොමැත.)
(iv) දැනට මෙම පාසල කිලි/විවේකානන්ද විද්‍යාලය ලෙස නම් කර ඇත. (NP/45/20/1/12/9 අංක 22.10.2010 දරන ස්ථාවර නියෝගය - 50 අනුව) ඇමුණුම 03 ලෙස දක්වා ඇත.
(v) 2010.10.10 දින සිට උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යුහ කමිටු යෝජනාවකට අනුව ලේකම්, අධ්‍යාපන, සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ, උතුරු පළාත විසින් පාසලේ නම සංශෝධනය කර ඇත.
(vi) තමිළ්චෝලයි විද්‍යාලය පාසල් සංවර්ධන සංගමයේ ඉල්ලීම, 2010.09.03 දිනැති අංක NP/45/20/1/1/12/9 දරන ලිපිය මඟින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ඉල්ලීමක් කර ඇති අතර, එම වෙනස පළාත් ව්‍යුහ කමිටුව විසින් නිර්දේශ කර ඇති බවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ 2010.10.09 දිනැති අංක NP/03/06/01/NAMECHANGE/2010 දරන ලිපිය මඟින් මේ සඳහා අවසර ලබා දී ඇත. ව්‍යුහ කමිටු රැස්වීම කලාප මට්ටමින් පැවැත් වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත.
(vii) 2010.10.10 දින සිට පාසලේ නාමය සංශෝධනය කර ඇත.
(viii) ඉහත පරිදි පාසල් නාමය සඳහා පාසලේ නිර්මාතෘවරයා හෝ පාසල ආරම්භ කිරීමට පුරෝගාමී වූ පුද්ගලයෙකුගේ නමක් යෙදීම හෝ නොයෙදීම පිළිබඳව ව්‍යුහ කමිටුවට තීරණය කළ හැකිය.
(ආ) අදාළ නොවේ.
ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2026-08-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks