පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1179/2025
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කිළිනොච්චි දිස්ත්‍රික්කයේ —
(i) තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රියාත්මක වන්නේද;
(ii) තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල සංඛ්‍යාව ශ්‍රේණි අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ස්ථිර ඉඩම් හා ගොඩනැගිලි සහිත/රහිත තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) දිස්ත්‍රික්කයේ ස්ථිර ගොඩනැගිලි නොමැති උප තැපැල් කාර්යාලවලට ස්ථිර ගොඩනැගිලි ලබා දෙන කාල වකවානු කවරේද;
(v) කිළිනොච්චි, පරන්තන්, පච්චිලෙයිප්පල්ලි සහ පුනරින් තැපැල් කාර්යාලවලට නවීන පහසුකම් සහ පරිගණක පහසුකම් තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) භාරතිපුරම්, පුන්නෙයිනීරාවී සහ පල්ලික්කුඩා ප්‍රදේශවල උප තැපැල් කාර්යාල පිහිටුවිය යුතු බව පිළිගන්නේද;
(ii) එසේ නම්, 2016.09.05 දිනැති මාගේ ලිපිය අනුව අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි විසින් තැපැල්පතිට යොමු කළ 2016.09.09 දිනැති අංක PPS&MR / HR / 09-182 ලිපියට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-24
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ප්‍රධාන තැපැල් කාර්යාල - 01
I පෙළ - 03
II පෙළ - 01
උප තැපැල් කාර්යාල - 38
(iii)
|
තැපැල් කාර්යාල |
|
|
ස්ථිර ඉඩම් හා ගොඩනැඟිලි සහිත |
ස්ථිර ඉඩම් හා ගොඩනැඟිලි රහිත |
|
කිලිනොච්චි |
|
|
පල්ලෙයි |
|
|
තලයඩි |
|
|
පරන්තන් |
|
|
පුනාකරි |
|
|
උප තැපැල් කාර්යාල |
|
|
ස්ථිර ඉඩම් හා ගොඩනැඟිලි සහිත |
ස්ථිර ඉඩම් හා ගොඩනැඟිලි රහිත |
|
අක්කරායන්කුලම් |
අම්බල්නගර් |
|
රාමනාදපුරම් |
කල්මඩුනගර් |
|
ස්කන්දපුරම් |
කරඩිපොක්කු |
|
වඩ්ඩකච්චි |
කෝනාවිල් |
|
වන්නේරිකුලම් |
තිරුනගර් |
|
උරුතිරපුරම් |
තිරුවෙයියාරු |
|
විනයාගපුරම් |
එලුදුමඩ්ඩුවාල් |
|
|
ඉයක්කච්චි |
|
|
කිලාලි |
|
|
මුහමාලෙයි |
|
|
සෝරන්පත්තු |
|
|
තඩ්ඩුවාන්කොඩි |
|
|
අලියාවලයි |
|
|
චෙම්පියන්පට්ටු |
|
|
චුන්ඩිකුලම් |
|
|
මුල්ලියාන් |
|
|
කුඩතනෙයි |
|
|
නාගර් කෝවිල් |
|
|
කන්දවාලෙයි |
|
|
කුන්චුපරන්තන් |
|
|
මුරසුමෝඩෛ |
|
|
පුලියම්පොක්කනයි |
|
|
සිවනගර් |
|
|
දර්මපුරම් |
|
|
චෙඩ්ඩියාර්කුරිච්චි |
|
|
ඉරනයිතිව් |
|
|
කවුදාරිමුනෙයි |
|
|
පල්ලවරයාන්කඩ්ඩු |
|
|
පුනකරි - නල්ලූර් |
|
|
සිවපුරම් |
|
|
වීරවිල් |
(iv) උප තැපැල් කාර්යාලය සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් උප තැපැල් ස්ථානාධිපති විසින් සපයා ගත යුතු බැවින්, තැපැල් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මඟින් උප තැපැල් කාර්යාල සඳහා ගොඩනැඟිලි ඉදි කිරීම සාමාන්‍යයෙන් සිදු නොකෙරේ.
(v) කිලිනොච්චි, පරන්තන් හා පුනරින් යන තැපැල් කාර්යාල සඳහා නවීන පහසුකම් හා පරිගණක පහසුකම් සපයා ඇත.
පච්චිලෙයිප්පල්ලි නමින් තැපැල් හෝ උප තැපැල් කාර්යාලයක් නොමැත.
(ආ) (i) මෙම ප්‍රදේශවල පදිංචිකරුවන් හට තැපැල් පහසුකම් ලබා ගැනීමට කිලෝමීටර 2-3ක් අතර දුරක් තුළ දැනටමත් තැපැල් හෝ උප තැපැල් කාර්යාලයක් පිහිටා ඇති බැවින් ඒ හරහා ඔවුන්ට තැපැල් සේවා සපයා ගැනීමට හැකියාව පවතී.
(ii) මෙවැනි ලිපියක් තැපැල්පති වෙත ලද බවට හා ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව, දැනට පවත්නා ලේඛන අනුව තොරතුරු සොයා ගැනීමට නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks