01

E   |     |  

 දිනය: 2025-09-09   පිළිතුර ලබා දී ඇත 

1178/2025: කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම්: සින්නක්කර ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර

1178/2025

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      කිළිනොච්චි දිස්ත්‍රික්කයේ —            

              (i)       ස්ථිර පදිංචි පවුල් සංඛ්‍යාව සහ ඔවුන්ට අයත් ඉඩම් ප්‍රමාණය;

             (ii)       පදිංචි, සින්නක්කර ඉඩම් ඔප්පු හිමි පවුල් සංඛ්‍යාව සහ පුද්ගලයන් සංඛ්‍යාව;

‍(iii) පදිංචි, ඉඩම් බලපත්‍ර හිමි පවුල් සංඛ්‍යාව සහ පුද්ගලයන් සංඛ්‍යාව;

‍(iv) පදිංචි, එහෙත් මේ වනවිටත් සින්නක්කර ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර නොමැති පවුල් සංඛ්‍යාව සහ පුද්ගලයින් සංඛ්‍යාව;

(v) ඇති, බලපත්‍ර සහිත කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් ප්‍රමාණය;

  වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කිළිනොච්චි දිස්ත්‍රික්කයේ අවුරුදු 60කට අධික කාලයක් ජීවත්වන පුද්ගලයන්ට මේ වනතෙක් සින්නක්කර ඔප්පු ලබා නොදීමට හේතුව කවරේද;

(ii) සින්නක්කර ඔප්පු නොමැති වීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය හා උකස් සේවා ලබා නොදීමෙන් ඔවුන්ට තම ආර්ථිකය වර්ධනය කර ගැනීමට නොහැකිව සිටින බව දන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-09

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පවුල් 46,787ක් හා හෙක්ටෙයාර 19,525.71කි.

              (ii)      පවුල් 1,850කි.

             (iii)      පවුල් 21,479කි.

             (iv)      පවුල් 5,118කි.

              (v)      හෙක්ටෙයාර 12,748.57කි.

(ආ)         (i)      නිදහස් දීමනා පත්‍ර ලබා දීමේ වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු 1,850ක් නිකුත් කර ඇත. තවත් අයදුම් පත් 477කට අදාළව ඔප්පු සැකසීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී.

(ii) තහවුරු කර ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නොමැත.

(ඇ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-09-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks