01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1174/2025: Vacancies in Sri Lanka Police

1174/2025

ගරු සුනිල් රත්නසිරි මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ශ්‍රී ලංකාවේ ඇති පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;‍

             (ii)       ශ්‍රී ලංකා පොලීසියේ මේ වනවිට සේවය කරනු ලබන මුළු නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

            (iii)       ශ්‍රී ලංකා පොලීසියේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් නිලය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන්නේද;

(v) එසේ නම්, එම පුරප්පාඩු පුරවනු ලබන දිනය එක් එක් නිලය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

‍ යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2024 වර්ෂයේ සිට 2025 මැයි මාසය දක්වා අත්අඩංගුවට ගන්නා ලද සංවිධානාත්මක අපරාධකරුවන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) මේ වනවිට ශ්‍රී ලංකා පොලීසියේ සිදුවන අක්‍රමිකතා හඳුනාගෙන තිබේද;

(iii) එසේ නම්, එම අක්‍රමිකතා මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

‍යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-22

අසන ලද්දේ

ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks