පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1158/2025
ගරු කිට්නන් සෙල්වරාජ් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත්, කළුගල්ල වතුයායේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 53ක් වූ, තේ වගාව සහ අති සුඛෝපභෝගී බංගලාව සහිත ඉඩමේ අයිතිකරු ඉන්දියාවේ සිටින බවත්;
(ii) එම ඉඩම් සඳහා ව්‍යාජ අයිතිකරුවෙක් ඉදිරිපත්වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ඉඩමට බලහත්කාරයෙන් ඇතුළුවී තේ දළු නෙළීම නීති විරෝධී බව පිළිගන්නේද;
(ii) ඉහත ඉඩමේ අයිතිය නිරවුල් නොමැති බැවින් එම ඉඩම රජයට පවරා ගැනීමට කටයුතු කළ හැකිද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු කිට්නන් සෙල්වරාජ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(i) 2019 වර්ෂය දක්වා ඉහත සඳහන් ඉඩම් කොටස සහිත බංගලාව නමුණුකුල වැවිලි සමාගමේ බදු අයිතිය යටතේ පාලනය වූ අතර ,2018 වර්ෂයේදී සතාසිවම් හරිදරන් නම් පුද්ගලයෙකු විසින් එම ඉඩම් කොටස ඔහුට අයත් බැවින් වැවිලි සමාගමෙන් නිදහස් කර දෙන මෙන් එවකට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමන් වෙත ඉදිරිපත් කළ ඉල්ලීමේ ලේඛන අනුව මේ පිළිබඳව ඇල්ල ප්‍රාදේශීය ලේකම්ගෙන් වාර්තාවක් කැඳවන ලදී. ඒ අනුව, හිඳගල වතුයායට අයත් කළුගල බංගලාව සහිත ඉඩම 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19වන වගන්තිය යටතේ අංක 138/5 හා 1974.11.19 දිනැති රජයේ අති විශේෂ ගැසට් නිවේදනය අනුව අන්නමලේ කරුප්පන් චෙට්ටියාර් යන අය වෙත ව්‍යවස්ථාපිත නිශ්චය ලෙස ප්‍රකාශයට පත් කරන ලද අක්කර 53ක ඉඩම ලෙස දක්වා ඇත. එම පුද්ගලයා 2009 වර්ෂයේදී මිය ගොස් ඇති බව උක්ත ඉල්ලුම්කරුගේ ලිපියේ ඇමුණුමක් ලෙස ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විධායක අධ්‍යක්ෂ විසින් බදුල්ල දිසාපති හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කළ 2018.09.21 දිනැති ලිපියේ සඳහන් වේ.
(ii) ඇල්ල ප්‍රාදේශීය ලේකම් විසින් මෙම අමාත්‍යාංශය වෙත යොමු කළ තොරතුරු අනුව, මෙම ඉඩම1975 වර්ෂයේදී ගම් පුළුල් කිරීම සඳහා රජයට අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටි ඉඩමක් බවට වාර්තා වේ.
1975 වර්ෂයෙන් පසු 2017 වර්ෂය දක්වා අත්කර ගැනීමේ කටයුතු සිදු වී නොමැති අතර, ගම් පුළුල් කිරීම සඳහා සුදුසු නොවන බවටද නිර්දේශ වී ඇත. ඒ අනුව, එවකට ඉඩම් අමාත්‍යතුමා විසින් ප්‍රසිද්ධ කරන ලද 2017.12.22 දිනැති ඉඩම් අත්කර ගැනීමේ පනතේ 39(අ)(1) වගන්තිය යටතේ අවසතු කිරීමේ නියෝගය පරිදි ඉඩමේ භුක්තිය මුල් අයිතිකරුට භාරදීම සඳහා කටයුතු කළ බව සඳහන් කර ඇත.
එහිදී මුල් අයිතිකරු හෝ මුල් අයිතිකරුගේ උරුමකරුවන් ඉදිරිපත් වී නොමැති අතර, මුල් අයිතිකරු වෙනුවෙන් මෙම ඉඩම සඳහා ඇටෝර්නි බලපත්‍රකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් වී ඇත. පෙරිඅන්නන් සුබ්‍රමනියම් කන්දසාමි සහ මොහමඩ් සවාහීර් මොහමඩ් සහීර් එලෙස ඉදිරිපත් වී ඇත. එබැවින්, ඔවුන් කිසිවෙකුහට භුක්තිය බාරදී නොමැති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් විසින් වාර්තා කර ඇත.
(ආ) (i) හිඳගල වතුයායේ කළුගල කොටස 1992 වර්ෂය තෙක් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව මඟින් පාලනය වී ඇති අතර, එම වර්ෂයේ සිට එම ඉඩම් කොටසේ සේවය කළ සේවකයන්ගේ වගකීම් ඇතුළුව එම කොටසේ තේ ක්ෂේත්‍රවල අස්වනු නෙළීම් පිළිබඳ වාර්තා සහ බංගලා, ලයින් කාමර ඇතුළු වත්කම් නමුණුකුල වැවිලි සමාගම වෙත පැවරී ඇත. එසේ තිබියදී (අ) (i)හි සඳහන් කළ පරිදි 2018 වර්ෂයේදී සතාසිවම් හරිදරන් නම් පුද්ගලයා විසින් ඉහත ඉඩම සඳහා ඔප්පුවක් ඉදිරිපත් කරමින් එම ඉඩම් කොටස ඔහුට අයත් බව පවසමින් හා එවකට පැවති දේශපාලන මැදිහත්වීම යොදා ගනිමින් නමුණුකුල වැවිලි සමාගම එම ඉඩමේ භුක්තියෙන් පහ කර ඇත. ඒ අනුව, නමුණුකුල වැවිලි සමාගම අනීතික ලෙස උක්ත ඉඩමේ භුක්තියෙන් පහ කිරීම හේතුවෙන් භුක්තියේ රැඳවීම සඳහා එම සමාගම විසින් බණ්ඩාරවෙල දිසා අධිකරණයේ නඩුවක් (නඩු අංක: 317/2019) ගොනු කර ඇති අතර, දැනට එම නඩුව කොළඹ දිසා අධිකරණයේ විභාග වෙමින් පවතී.
මෙම නඩුව ආරම්භයේදීම සමාගමේ ඉල්ලීම පරිදි උක්ත සතාසිවම් හරිදරන් විසින් එම ඉඩමේ දලු කඩා ලාභ ප්‍රයෝජන ලබා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇත. එසේ වුවද, එම නියෝගයෙන් සමාගමට දලු කැඩීම සඳහා අවසරයක් ලබා දී නොමැති බව සඳහන් කරමින් උක්ත පුද්ගලයා විසින් එම ඉඩමට ඇතුළුවීමට සමාගමට ඉඩ ලබා නොදෙන බව වැවිලි සමාගම වාර්තා කර ඇත.
ඒ අනුව අයිතිකරු, අයිතිකරුගේ උරුමකරුවන් හෝ 1992 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා භුක්තිකරු ලෙස සිටි නමුණුකුල වැවිලි සමාගම හෝ නොව වෙනත් බාහිර පුද්ගලයෙකු විසින් ඉඩමෙහි භුක්තිය දරමින් සිටින බව වාර්තා වී ඇති කරුණු අනුව පෙනී යයි.
(ii) දැනට එම ඉඩම රජයට පවරා ගැනීමට කටයුතු කිරීමේ හැකියාවක් නොමැත.
(ඇ) ඉහත (ආ) (i)හි සඳහන් කළ පරිදි දිසා අධිකරණයේ නඩුකරයක් විභාග වෙමින් පවතින බැවින් එම ඉඩම පවරා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැටලු සහගත වේ.
තවද, ඉහත සඳහන් කළ පරිදි ගම් පුළුල් කිරීම සඳහා යෝග්‍ය නොවන බවටද ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් පවතින බැවින් එම කාරණය හැර වෙනත් කාර්යයක් සඳහා අත් කර ගන්නේ නම්, මේ පිළිබඳව කටයුතු කළ හැකි වන්නේ නෛතික තත්ත්වයන් අවසන්වීමෙන් පසුව බව නිරීක්ෂණය වේ.
පිළිතුරු දුන් දිනය
2025-09-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks