පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1122/2025
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරනු ලබන සිවිල් සේවකයන් සහ සේවිකාවන් සංඛ්‍යාව යුධ, ගුවන් සහ නාවික අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඔවුන් නියැලී සිටින වෘත්තීන් කවරේද;
(iii) ඔවුන් අතරින් සේවය ස්ථිර කර ඇති සිවිල් සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) තාවකාලික පදනම මත මේ වනවිට සේවය කරනු ලබන සිවිල් සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(v) තාවකාලික පදනම මත සේවය කරන ලද සිවිල් සේවකයන් අවසන් වතාවට ස්ථිර කරන ලද වර්ෂය කවරේද;
(vi) තාවකාලික පදනම මත මේ වනවිට සේවය කරනු ලබන සිවිල් සේවකයන් ස්ථිර කිරීමට කටයුතු කරන්නේද;
(vii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(viii) තාවකාලික පදනම මත සේවය කරනු ලබන සිවිල් සේවකයන් ස්ථිර කිරීමට අදාළ ක්‍රියාපටිපාටිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ත්‍රිවිධ හමුදාවල සිවිල් සේවක පුරප්පාඩු තිබේද;
(ii) එම පුරප්පාඩු පිරවීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-11
අසන ලද්දේ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
ආයතනය |
සේවක සංඛ්‍යාව |
|
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
7,391 |
|
ශ්‍රී ලංකා නාවික හමුදාව |
1,158 |
|
ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
2,075 |
(ii) ඇමුණුමෙහි සඳහන් වගුවෙහි දැක්වේ. එම ඇමුණුම සභාගත* කරනවා.
(iii)
|
ආයතනය |
සේවයේ ස්ථිර කර ඇති සේවකයින් සංඛ්‍යාව (2025.06.30) |
|
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
6,159 |
|
ශ්‍රී ලංකා නාවික හමුදාව |
1,149 |
|
ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
1,993 |
(iv)
|
ආයතනය |
තාවකාලික පදනම මත සේවය කරන සිවිල් සේවකයින් සංඛ්‍යාව |
|
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
1,232 |
|
ශ්‍රී ලංකා නාවික හමුදාව |
09 |
|
ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
තාවකාලික 54 කොන්ත්‍රාත් 28 |
(v)
|
ආයතනය |
වර්ෂය |
|
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
2014 |
|
ශ්‍රී ලංකා නාවික හමුදාව |
2019 |
|
ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
2019 |
(vi) ත්‍රිවිධ හමුදාවේ තාවකාලික පදනම මත මේ වන විට සේවය කරනු ලබන සිවිල් සේවකයන් ස්ථිර කිරීම සම්බන්ධව කටයුතු කරමින් පවතී.
(vii) ත්‍රිවිධ හමුදාවේ මේ වන විට තාවකාලික පදනම මත සේවය කරනු ලබන සිවිල් සේවකයන් ස්ථිර කිරීම සඳහා කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නිරීක්ෂණ හා නිර්දේශ ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ කෙටුම්පතක් 2025.03.04 දිනැතිව ඉදිරිපත් කර ඇති අතර, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 25/2014 සහ 29/2019 අනුව රාජ්‍ය අංශයේ ආයතන සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතින අතර, එකී අනුමැතිය ලද පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත. [බාධා කිරීම්]
(viii) රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් වරින් වර නිකුත් කරනු ලබන චක්‍රලේඛයන්හි විධිවිධාන පරිදි සුදුසුකම් සම්පූර්ණ කරනු ලබන, තාවකාලික පදනම මත සේවය කරනු ලබන සේවකයන් ස්ථිර කරනු ලැබේ. [බාධා කිරීම්]
(ආ) (i) ඔව්.
(ii) ත්‍රිවිධ හමුදා සිවිල් කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය විමසා ඇති අතර, අදාළ අනුමැතිය ලද පසු ඉදිරි කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
(ඇ) අදාළ නොවේ.
* සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
|
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
ශ්‍රී ලංකා නාවික හමුදාව |
ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
අරක්කැමි |
ප්‍රධාන ගණකාධිකාරි |
අධ්‍යක්ෂ මුදල් |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
භෝජනාගාර සේවා සහායක |
අධ්‍යක්ෂ (සිවිල් පරිපාලන) |
අධ්‍යක්ෂ අභ්‍යන්තර විගණන |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
සේවා සහායක |
ගණකාධිකාරි |

සනීපාරක්ෂක සේවා සහායක |
ප්‍රධාන අභ්‍යන්තර විගණන |
පරිපාලන නිලධාරී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
පෙදරේරු |
පරිපාලන නිලධාරී |
භාෂා පරිවර්තක |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
නළ මාර්ගකරු/ ජල නළ කාර්මික |
තාක්ෂණ නිලධාරි (අධි පන්තිය) |
සංවර්ධන නිලධාරී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
වඩු කාර්මික |
සැලසුම් නිලධාරි (අධි පන්තිය) |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
මුරකරු |
භාෂා පරිවර්තක |
සිවිල් ආයතන අධිකාරී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
පිංතාරුකරු |
මූල්‍ය සහකාර |
කළමනාකරණ සේවා නිලධාරී |

යන්ත්‍ර ක්‍රියාකරු |
සංවර්ධන නිලධාරී |
පුස්තකාලයාධිපති |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
යා/මොටෝ/වාහන ශිල්පී |
තාක්ෂණ නිලධාරී |
කාලගණක |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
ගබඩාකරු |
සැලසුම් නිලධාරී |
කාර්යාල කාර්යය සහායක |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
බීම ගබඩා සේවක |
වැඩ මූලික |
සනීපාරක්ෂක කම්කරු |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
උද්‍යාන කම්කරු |
සහකාර වැඩ මූලික |
ශීතකරණ හා වායු සමීකරණ ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
අමදින්නා |
කළමනාකරණ සේවා නිලධාරී |
ආමේචර් විද්‍යුත් මෝටර් එතුම් ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
පැන්ට්‍රි කම්කරු |
රියැදුරු |
වඩු කාර්මික ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
සියන්කරු |
මෝටර් විදුලි කාර්මික |
විදුලි කාර්මික ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
විදුලි සෝපාන යන්ත්‍ර ක්‍රියාකරු |
ආමේවර් ඔතන්නා / විද්‍යුත් මෝටර් එතුම් ශිල්පී |
පෙදරේරු කාර්මික ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
රෙදි සෝදන යන්ත්‍ර ක්‍රියාකරු |
විදුලි වෑද්දුම් ශිල්පී |
මෝටර් රථ කාර්මික ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
පිට්ටනිකරු |
පාවෙන යාත්‍රා කාර්මික ශිල්පී |
ජලනළ කාර්මික ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
වෙඩි පිටි ලකුණු තබන්නා |
මෝටර් කාර්මික ශිල්පී |
ඩුප්ලෝ යන්ත්‍ර ක්‍රියාකරු |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
නාට්ටාමි |
පොම්පකරු |
ටින්කරින් ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
පෙදරේරු ශිල්පී |
පෑස්සුම් ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
බෝට්ටු තනන්නා |
වෑද්දුම් ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
වඩු කාර්මික ශිල්පී |
සුළු පරිපාලක ශිල්පී |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
හැන්ඩිමන් |
වේවැල් හා ඔපකරු |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
වැද්දුම් ශිල්පී |
වොල්කනයිසර් |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
සුළු පරිපාලක |
ලයින්ස්මන් (ටෙලිකොම්) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
රේඩියේටර් කාර්මික ශිල්පී |
ලයින්ස්මන් (විදුලි) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
පෑස්සුම් ශිල්පී |
පිංතාරුකරු |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
ලෝහ තහඩු කාර්මික ශිල්පී |
යන්ත්‍රාගාර ක්‍රියාකරු |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
යාන්ත්‍රික ලී ඉරන්නා |
බැටරි කාර්මික |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
විදුලි රැහැන්කරු |
විදුලි කම්බිකරු |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
බැටරි කාර්මික |
එන්ජින් ක්‍රියාකරු |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
කේබල් පුරුද්දන්නා |
සුවිච්පුවරු ක්‍රියාකරු |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
ශීතකරණ හා වායු සමීකරණ ශිල්පී |
රිගර් |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
දුරකථන වැද්දුම්කරු |
දුරකථන කාර්මික
|
පිළිතුරු දුන් දිනය
2025-09-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks