පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1119/2025
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හමුදාගත බඳවාගැනීම් යන වර්ගීකරණය යටතේ වෘත්තීය රාජකාරි සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදාවලට බඳවාගෙන ඇති සංඛ්‍යාව එක් එක් හමුදාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඔවුන් බඳවාගෙන ඇති වෘත්තීන් කවරේද;
(iii) එම වර්ගීකරණය යටතේ ඔවුන් බඳවාගැනීමට හේතු කවරේද;
(iv) රාජකාරිවලට යෙදවීමේදී, ඉහත වර්ගීකරණය යටතේ බඳවාගන්නා ලද හමුදා සාමාජිකයන් සහ සෙසු හමුදා සාමාජිකයන් අතර වෙනස්කම් තිබේද;
(v) එසේ නම්, ඒවා කවරේද;
(vi) සෙසු හමුදා සාමාජිකයන්ට පරිදිම තනතුරු සහ උසස්වීම්, ඉහත වර්ගීකරණය යටතේ බඳවාගන්නා ලද හමුදා සාමාජිකයන්ටත් ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ත්‍රිවිධ හමුදාව ප්‍රතිසංවිධානය කරන්නේ නම්, ඉහත වර්ගීකරණය යටතේ බඳවාගත් සාමාජිකයන් ඉවත් කරන්නේද;
(ii) ඒ සම්බන්ධයෙන් ගණනය කර තිබේද;
(iii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
(iv) ත්‍රිවිධ හමුදා ප්‍රතිසංවිධානය කිරීමේදී ඉවත් කරන, ඉවත් කිරීමට නියමිත සහ විශ්‍රාම ගන්වන හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කර තිබේද;
(v) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-24
අසන ලද්දේ
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වනවිට යුද්ධ හමුදාවේ 9,970ක්ද, නාවික හමුදාවේ 6,144ක් හා ගුවන් හමුදාවේ 471ක් ලෙස බඳවාගෙන ඇත.
(ii) ත්‍රිවිධ හමුදාවේ අවශ්‍යතා මත ඉදිකිරීම්, කාර්මික හා කෘෂි කාර්මික ක්ෂේත්‍රයට අදාළ වෘත්තීන් ඇතුළත්ව ගබඩාකරුවන්, පරිගණක ක්‍රියාකරුවන්, රියදුරු රාජකාරි සඳහා හමුදාගත පදනම මත බඳවා ගෙන ඇති අතර එහි සවිස්තරාත්මක විස්තරය පහත දක්වා ඇත. විශේෂයෙන්ම වායුසමීකරණ ශිල්පීන්, යාන්ත්‍රික ඉංජිනේරු (නැව්බද), ගුවන් යානා ඉංජිනේරු වැනි අය ජාතික වශයෙන් විශාල මට්ටමේ වැඩ කටයුතු කරමින් සිටින අය. ඒ අනුකූලව කටයුතු කර තිබෙනවා.
|
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
ශ්‍රී ලංකා නාවික හමුදාව |
ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
||
|
|
|
නිලධාරින්/ නිලධාරිනියන්ගේ වෘත්තින් |
ගුවන් භට/ ගුවන් කාන්තාවන්ගේ වෘත්තීන් |
|
|
1. ඉදිකිරීම් වෘත්තීය රාජකාරි |
1. වායුසමීකරණ යන්ත්‍ර ශිල්පී |
24. යාන්ත්‍රික ඉංජිනේරු (නැව්බද) |
1. ගුවන් යානා ඉංජිනේරු |
1. වැඩමූලික |
|
2.කෘෂිකාර්මික වෘත්තීය රාජකාරි |
2. ගිණුම්කරණ |
25. මේසන්කරු |
2. පරිපාලන |
2. සැලසුම් ශිල්පි |
|
3. වෙනත් වෘත්තීය රාජකාරි (පරිපාලන සහායක/ගබඩාකරු/පරිගණක ක්‍රියාකර/රියදුරු ආදී රාජකාරි සඳහා |
3. කෘෂි ව්‍යාපෘති |
26. මාධ්‍ය අංශය |
3. විද්‍යුත් හා විදුලි සංදේශ |
3. ප්‍රමාණ සමීක්ෂණ |
|
|
4. ඇලුමිනියම් නිෂ්පාදන |
27. වෛද්‍ය අංශය |
4. සැපයුම් |
4. ගඟන ගුවන් විදුලි තාක්ෂණික ශිල්පි |
|
|
5. ඇලුමිනියම් වැඩ |
28. පින්තාරුකරු |
5. වෛද්‍ය |
5. විදුලි සන්නිවේදන තාක්ෂණික ශිල්පි |
|
|
6. වාදක |
29. ජලනල කාර්මික |
6. නීති |
6. විගණන සහායක |
|
|
7. කම්බි නැවුම්කරු |
30. රූකඩකරු |
7.තොරතුරු තාක්ෂණ ඉංජිනේරු |
7. පරිගණක තාක්ෂණ ශිල්පි |
|
|
8. රූපලාවන්‍ය කටයුතු |
31. ගුවන් විදුලි කාර්මික |
8. අධ්‍යාපන |
8. කම්හල් හා පෑස්සුම් ශිල්පි |
|
|
9. පොත් බඳින්නන් |
32.ගුවන් විදුලි කුලුණු නඩත්තුකරු |
9. සිවිල් ඉංජිනේරු |
9. රථවාහන කාර්මික ශිල්පි |
|
|
10. වඩු වැඩ |
33. මාර්ග නඩත්තුකරු |
10. කෘෂි |
10.ඉදිකිරීම් උපකරණ තාක්ෂණික ශිල්පි |
|
|
11. සිවිල් ඉංජිනේරු ශිල්පි |
34.කරණවැමිහල රාජකාරි |
11. පශු වෛද්‍ය |
11.භෝජනගාර භාරකරු |
|
|
12. සිමෙන්ති ගල් පින්තාරුකරු |
35. නාවික මැහුම්හල් රාජකාරි |
12. විගණන |
12. අධ්‍යාපන සහායිකා |
|
|
13.සූපවේදි |
36. අකුරුකරු |
13.ප්‍රාසාංගික කලා |
13. රූපලාවන්‍ය සහායිකා |
|
|
14.කුෂන් වැඩ |
37. ක්‍රීඩා |
14. දන්ත වෛද්‍ය |
14. හෙද සහායක |
|
|
15.සරඹ උපදේශක |
38. ලඝුලේඛිකා |
|
|
|
|
16.විදුලි කාර්මික |
39. භෝජනවේදී |
|
|
|
|
17.ෆයිබර් වැඩකරු |
40. පෙර පාසල් ගුරුවරු |
|
|
|
|
18.පොම්පකරුවන් |
41. ටයර්කරු |
|
|
|
|
19තොරතුරු තාක්ෂණ |
42. ප්‍රවාහන සහායක |
|
|
|
|
20.බුද්ධි අංශය |
43. වාහන විදුලි කාර්මික |
|
|
|
|
21. පට්ටල යන්ත්‍රකරු |
44. වෑද්දුම්කරු |
|
|
|
|
22. යාන්ත්‍රික ඉංජිනේරු (සිවිල් ඉංජිනේරු) |
45. ලිපිකරු |
|
|
|
|
23. යාන්ත්‍රික ඉංජිනේරු (කර්මාන්ත) |
46. පොදු රාජකාරි (පිළිගැනීමේ නිලධාරිනි, සේවා වනිතා කටයුතු) |
|
|
(iii) වෘත්තීය සුදුසුකම් ඇති අය බඳවා ගැනීමේදී වෘත්තීය පුහුණු කරවීම සඳහා වැය කරන මුදල අවම කර ගැනීමට හා වෘත්තීය සේවා පුද්ගලයෙකු බිහි කිරීමට ගතවන කාලය ඒ වාගේම ශ්‍රමය ඉතිරි කර ගනිමින් රාජකාරි අවශ්‍යතාව මත ජාතික ආරක්ෂාව සහ ජාතිය ගොඩනැඟීමේ ක්‍රියාවලියට අත්වැලක් ලබා දීම සඳහා කෙටි කාලයක් තුළදී සක්‍රිය දායකත්වයක් ලබා ගැනීම අරමුණු කරගනිමින් ඔවුන් බඳවාගෙන තිබෙනවා. ඒ වාගේම පරිපාලන කටයුතු ක්‍රමවත්ව සපුරා ලීම ශ්‍රම බලකාය පවත්වාගෙන යාම සඳහා ද එය ඉතාම පිටුවහල් වෙනවා. වෘත්තීය මට්ටම ලෙස NVQ Levels 03, 04, 05 සහ ඩිප්ලෝමා වැනි සුදුසුකම් සපුරා ඇති පිරිසක් කෙටි කාලයක් තුළදී හමුදාවන් සඳහා සක්‍රීය දායකත්වයක් ලබා ගැනීම.
(iv) ඔව්.
(v) හමුදාගත පදනම මත බඳවා ගනු ලබන පුද්ගලයන් විශේෂ වූ වෘත්තීන්ට අදාළ රාජකාරි සඳහා බඳවා ගනු ලබන අතර ඔවුන්හට අනෙකුත් හමුදා සෙබළුන්ට ලබාදෙන ආකාරයේ හමුදා පුහුණුවීමක් හෝ අවිපුහුණුව ලබා දීමක් සිදු නොකරයි. එහෙත් හමුදා අවශ්‍යතාව මත සති දෙකක පමණ හැඩගැස්වීමේ පුහුණුවක් ලබා දීම සිදු කරනු ලබයි. ඒ අනුව බඳවා ගෙන ඇති වෘත්තිය සහ පාලන රාජකාරි සඳහා පමණක් සේවයේ යොදවනවා.
(vi) මෙම හමුදාගත පදනම මත බඳවා ගන්නා අය සඳහා පහත සඳහන් පරිදි එක් එක් හමුදාවන්ට අදාළ වන පරිදි නිල උසස්වීම් ලබා දීම සිදු කෙරේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - අදාළ වෘත්තිය පරීක්ෂණය සමත් වීම හා නිලයට සරිලන සේවා කාලය සම්පූර්ණ වීම සලකා බලා, ඒකක සංස්ථාවේ ඇබෑර්තු මත සැරයන් නිලය දක්වා පමණක් උසස් කරනු ලැබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව - බඳවා ගනු ලබන නිලයේ සිට වසර 5කට වරක් ඊළඟ නිලයට උසස්වීම් ලබා දෙනු ලබයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව - බඳවා ගනු ලබන නිලයට අනුව නිලයේ සම්පූර්ණ කළ යුතු කාල සීමාවෙන් පසු නිල උසස්වීම් සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ නිල උසස්වීම් ලබා දෙනු ලබයි.
හමුදාගත පදනම මත බඳවා ගනු ලබන පිරිස සඳහා ත්‍රිවිධ හමුදාවන්ට අදාළ උසස්වීම් ලබා දීමේ ක්‍රියා පටිපාටිය පහත සඳහන් පරිදි වේ.
|
නිලය |
උසස්වීම් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අවම සේවා කාලය |
||
|
|
සාමාන්‍ය බඳවා ගැනීම |
බඳවා ගැනීම් (Direct Entry) |
|
|
|
|
නායක ගුවන් භට (Direct Entry) |
තාවකාලික කෝප්‍රල් (Direct Entry) |
|
නායක ගුවන් භට නිලයේ සිට තාවකාලික කෝප්‍රල් නිලය දක්වා |
06 |
4 ½ |
අදාළ නැත |
|
තාවකාලික කෝප්‍රල් නිලයේ සිට ස්ථිර කෝප්‍රල් නිලය දක්වා |
08 |
6 ½ |
04 |
|
ස්ථිර කෝප්‍රල් නිලයේ සිට තාවකාලික සැරයන් නිලය දක්වා |
11 |
9 ½ |
07 |
|
තාවකාලික සැරයන් නිලයේ සිට ස්ථිර සැරයන් නිලය දක්වා |
13 |
11 ½ |
09 |
|
නිලය |
උසස්වීම් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අවම සේවා කාලය |
||
|
|
සාමාන්‍ය බඳවා ගැනීම |
බඳවා ගැනීම් (Direct Entry) |
|
|
|
|
නායක ගුවන් භට (Direct Entry) |
තාවකාලික කෝප්‍රල් (Direct Entry) |
|
ස්ථිර සැරයන් නිලයේ සිට තාවකාලික බලපන්ති සැරයන් නිලය දක්වා |
15 |
13 ½ |
11 |
|
තාවකාලික බලපංති සැරයන් නිලයේ සිට ස්ථිර බලපන්ති සැරයන් නිලය දක්වා |
17 |
15 ½ |
13 |
|
ස්ථිර බලපංති සැරයන් නිලයේ සිට තාවකාලික බලලත් නිලධාරි නිලය දක්වා |
18 |
16 ½ |
14 |
|
තාවකාලික බලලත් නිලධාරි නිලයේ සිට ස්ථිර බලලත් නිලධාරි නිලය දක්වා |
19 |
17 ½ |
15 |
|
ස්ථිර බලලත් නිලධාරි නිලයේ සිට ප්‍රධාන බලලත් නිලධාරි නිලය දක්වා |
20 |
18 ½ |
16 |
(ආ) (i) මේ වන විට ත්‍රිවිධ හමුදා ප්‍රතිසංවිධානය ඉතා සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් පවතින අතර, හමුදාගත පුද්ගලයන් ඉවත් කිරීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) ත්‍රිවිධ හමුදා ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලිය කාලයට ගැළපෙන පරිදි සකස් කිරීමට කටයුතු කරමින් ඇත. එනමුදු, ප්‍රශ්නයේ සඳහන් පරිදි එම ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය තුළින් දැනට සේවයේ සිටින හමුදා සාමාජිකයන් ඉවත් කිරීමක් හෝ විශ්‍රාම ගැන්වීමක් ගැන කිසිදු තීරණයකට එළැඹී නැති බව ප්‍රකාශ කරමි. නියමිත කාලය සපුරා ඉදිරියේදී විශ්‍රාම යාමට නියමිත සහ දැනට විශ්‍රාම ගොස් සිටින හමුදා සාමාජිකයන්ගේ හැකියාවන්, ඒ වාගේම ඔවුන්ගේ නිපුණතා අනුව ඔවුන් ජාතික ආර්ථිකයට බද්ධ කර ඵලදායී සේවයක් රටට ලබා ගැනීමේ විධිමත් වැඩ පිළිවෙළක් සැකසීමේ කටයුතු ආරම්භ කර ඇත. ඒ සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, මූලික අදියරයන් මේ වන විටත් ආරක්ෂක අමාත්‍යාංශය ආරම්භ කර ඇති බව සඳහන් කරමි.
(v) ආරක්ෂක හමුදා ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවට බඳුන් කර ඇති හා ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව ස්වකීය සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම යන සහ මේ වන විටත් විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ව ව්‍යවසායකයන් ලෙස පුහුණු කර රටේ ආර්ථිකයට බද්ධ කිරීමේ වැඩසටහනක් කලින් මා සඳහන් කළ පරිදි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. එහිදී අපි විශේෂයෙන්ම සංකල්පයක් හැටියට "Mission Reboot" යන නමින් හැඳින්වූ නියමු ව්‍යාපෘතියක් - pilot project එකක් - සැලසුම් කර
තිබෙනවා. ඊට අවශ්‍ය හමුදා පිරිස් තෝරා ගැනීම සඳහා මේ වන විටත් සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන්. ගරු චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහයෝගය මත මූලික සම්මුඛ පරීක්ෂණයට භාජන වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට ඔවුන් තෝරාගත් ව්‍යවසායකත්ව ක්ෂේත්‍ර මත මනා පුහුණුවක් ලබා දීමේ කටයුතු සකසමින් පවතිනවා. ඒ වාගේම එම පුහුණුව ඉදිරි කාලය තුළ ආරම්භ කිරීමට කටයුතු කරන බවත් මෙම ගරු සභාවට දැනුම් දීමට කැමැතියි. මෙම වැඩ පිළිවෙළ ඉදිරි අවුරුදු දෙකකට තමයි ඉලක්ක කර තිබෙන්නේ. ඒ සඳහා දැනුවත් කිරීම්, පිරිස් හඳුනා ගැනීම්, වැඩසටහන් සැකසීමේ කටයුතු පිළිබඳ සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතිනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks