පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1118/2025
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සක්‍රිය සේවයේ යෙදී සිටිය යුතු වුවත්, ආබාධිත වීම හේතුවෙන් සක්‍රිය සේවයේ නොයෙදෙන හමුදා සාමාජිකයන් වෙනුවෙන් සිය ආබාධිත තත්ත්වය නිසාම ලබා දෙන සහන/දීමනා කවරේද;
(ii) එම ආබාධිත හමුදා සාමාජිකයන් වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ පසු මියගියහොත් ඔවුන්ගේ යැපෙන්නන්ට ලබා දෙන සහන/දීමනා කවරේද;
(iii) එම සහන/දීමනා ප්‍රමාණවත්ද;
(iv) නොඑසේ නම්, එම සහන/දීමනා ඉහළ නැංවීමට ක්‍රියා කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සක්‍රිය සේවයේ යෙදී සිටින ආබාධිත යුධ හමුදා සාමාජිකයන් විශ්‍රාම ගැන්වීමට පෙර මියගියහොත් ඔවුන්ගේ යැපෙන්නන්ට ලබා දෙන සහන/දීමනා කවරේද;
(ii) ආබාධිත වීම හේතුවෙන් සේවයට වාර්‌තා නොකරන ලද, පසුව සේවය අනවශ්‍ය යැයි යන පදනම මත සේවයෙන් ඉවත් කරන ලද යුධ හමුදා සාමාජිකයන්ට සිය ආබාධිත තත්ත්වය නිසා යම් සහනයක්/දීමනාවක් මේ වනවිට ලබා දෙන්නේද;
(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(iv) ඔවුන්ට සහනයක්/දීමනාවක් ලබා දිය යුතු බව පිළිගන්නේද;
(v) එසේ නම්, ඒවා ලබා දීමට පියවර ගෙන තිබේද;
(vi) එම පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ ත්‍රිවිධ හමුදා පුද්ගලයන් වෙත පහත සඳහන් පරිදි සහන සලසනු ලැබේ.
ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතව වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් වීමෙන් පසු එම වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශය මත ඉපයීමේ හැකියාව හීන වීමේ ප්‍රතිශතය මත සියයට 20ට වැඩි නම්, පහත සඳහන් දීමනා සහිතව වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්වීමට හැකියාව ඇත.
ඉපයීමේ ශක්තිය හීනවීම - සියයට 20 - රු.20,000.00
ඉපයීමේ ශක්තිය හීනවීම - සියයට 40 - රු.40,000.00
ඉපයීමේ ශක්තිය හීනවීම - සියයට 60 - රු.60,000.00
ඉපයීමේ ශක්තිය හීනවීම - සියයට 80 - රු.80,000.00
ඉපයීමේ ශක්තිය හීනවීම - සියයට 100 - රු.100,000.00
ත්‍රස්තවාදී ප්‍රහාර නොවන හේතුන් මත ආබාධිත වූ අය වෙත පහත සඳහන් පරිදි සහන සලසනු ලැබේ.
(ii) · මෙම හමුදා සාමාජිකයින් මිය යන විට වයස අවුරුදු 55 ඉක්මවා ඇත්නම් අංක අමප/21/0561/303/047 හා 2021.04.27 සහ අංක අමප/23/2527/603/061 හා 2024.01.24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව හමුදා සාමාජිකයාට ගෙවන ලද ස්ථාවර මාසික දීමනාව වැන්දඹුවගේ ජීවිතාන්තය දක්වා ගෙවනු ලැබේ.
(iii) · දීමනා ප්‍රමාණවත් වීම, නොවීම යන කරුණු අදාළ දීමනා ලබන අයගේ ජීවන රටාව හා ඔවුන්ගේ දැරීමට ඇති වියදම්වල ස්වභාවය අනුව තීරණය වන බැවින්, මේ සඳහා නිශ්චිත පිළිතුරක් ඉදිරිපත් කළ නොහැක. කෙසේ වුවද, යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්වීමෙන් පසු මිය ගිය හමුදා සාමාජිකයින්ගේ දෙදෙනෙකුගේ යැපෙන්නන් සම්බන්ධව 2025 අගෝස්තු මාසයට අදාළව හිමිගන්වනු ලබන වැටුප් හා දීමනා පහත සඳහන් පරිදි වේ.
(iv) අදාළ නොවේ.
(ආ) (i) • ආබාධිත සාමාජිකයා මිය යෑමකදී ඔහු විවාහක අයෙකු වේ නම් එකී වැන්දඹු බිරිඳ සහ දරුවන්හට වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප මාසිකව හිමිගැන්වීම සහ මියගිය ආබාධිත හමුදා සෙබළා අවිවාහක අයෙකු වේ නම් ඔහුගේ මව, පියාහට වැන්දඹු අනත්දරු දායක මුදල එකවර ගෙවීම 1970 අංක 18 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා) පනතට අනුව සිදු කරනු ලැබේ.
(ii) • මෙම කාණ්ඩයේ අයවලුන්හටද වෛද්‍ය හේතුන් මත සේවයෙන් ඉවත් වීමටත්, ඒ අනුව වයස අවුරුදු 55 දක්වා වැටුප් හා දීමනා/ දුබලතා විශ්‍රාම වැටුප්/ ස්ථාවර මාසික දීමනාව හිමිගැන්වීම සඳහා යෝජනා කරමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා සකස් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මූලික එකඟතාව ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන ලද අතර එහිදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක DMS/DEFENCE/CM හා 2025.06.27 දිනැති ලිපිය මඟින් එකී යෝජනාව සඳහා අනුමැතිය හා එකඟතාව ලබා නොදෙන බව දැනුම් දෙන ලදී.
(iii) අවසර නිවාඩු නොමැතිව නොපැමිණ සිටීම හමුදා නීති සහ රෙගුලාසිවලට අනුව නීති විරෝධී දෙයක් වන බැවින් හමුදාවලින් ඉවත් කර ඇත.
(iv) ඔව්.
(v) පියවර ගනිමින් පවතී.
(vi) නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය වෛද්‍ය මණ්ඩලයක් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා තීරණය කරන කමිටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු බරපතළ, ස්ථිර දුබලතාවක් පවතින බව සඳහන් වේ නම්, ආබාධිත අස් කිරීමේදී ලබා දෙන සහන ඒ අයටත් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2025-09-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks