01

E   |     |  

 දිනය: 2025-08-22   පිළිතුර ලබා දී ඇත 

1117/2025: පෞද්ගලික ආරක්ෂක සේවා: නියාමනය

----

අසන ලද දිනය

2025-08-22

අසන ලද්දේ

ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)‍           (i)      ඔව්.

              (ii)      පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතනයන්හි සේවය කරනු ලබන සේවකයන්ගේ වැටුප්, පුහුණුව, පිළිගැනීම සම්බන්ධ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ නොවන අතර වැටුප් සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් විසින් වරින් වර නිකුත් කරනු ලබන විධිවිධාන හා උපදෙස්වලට යටත් වේ.

             (iii)      1998 අංක 45 දරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතනයන් විධිමත් කිරීමේ පනත ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි කරනු ලබයි. එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් අදාළ රාජ්‍ය ආයතන නියෝජිතයින් හා නියෝජ්‍යායතන සංගම්වලද සාමාජිකත්වය සහිත කමිටුවක් පත් කර ඉදිරි අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතී.

(iv) උක්ත (iii)හි දක්වන කමිටුව මඟින් වැඩිදුර අධ්‍යයනයක් සිදු කෙරේ.

(ආ) පැන නොනගී.

 

පිළිතුරු දුන් දිනය

2025-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks