පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1117/2025
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කර විශ්‍රාම ගොස් සිටින විශාල පිරිසක් පෞද්ගලික ආරක්ෂක සේවාවල සේවය කරන බව දන්නේද;
(ii) ඔවුන්ට සාධාරණ වැටුපක්, ප්‍රමාණවත් පහසුකම්, නිසි පුහුණුවක් සහ නිසි පිළිගැනීමක් ලැබෙන්නේද;
(iii) පෞද්ගලික ආරක්ෂක සේවා නියාමනය කිරීමේ ක්‍රමවේදයක් තිබේද;
(iv) නොඑසේ නම්, නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-22
අසන ලද්දේ
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතනයන්හි සේවය කරනු ලබන සේවකයන්ගේ වැටුප්, පුහුණුව, පිළිගැනීම සම්බන්ධ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ නොවන අතර වැටුප් සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් විසින් වරින් වර නිකුත් කරනු ලබන විධිවිධාන හා උපදෙස්වලට යටත් වේ.
(iii) 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතනයන් විධිමත් කිරීමේ පනත ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි කරනු ලබයි. එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් අදාළ රාජ්‍ය ආයතන නියෝජිතයින් හා නියෝජ්‍යායතන සංගම්වලද සාමාජිකත්වය සහිත කමිටුවක් පත් කර ඉදිරි අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතී.
(iv) උක්ත (iii)හි දක්වන කමිටුව මඟින් වැඩිදුර අධ්‍යයනයක් සිදු කෙරේ.
(ආ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2025-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks