පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1111/2025
ගරු තුරෛරාසා රවිකරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුලතිව් දිස්ත්‍රික් මහා රෝහලේ ස්ත්‍රී සහ පුරුෂ රෝගී වාට්ටු සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති අතර එම වාට්ටු තාවකාලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන බවත්;
(ii) ඉන්දීය රජයේ ආධාර මත එම වාට්ටු සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වර්ෂ 2017-2018 කාල වකවානුවේදී සැලසුම් කිරීම ආරම්භ කරන ලද බවත්;
(iii) 2024 වර්ෂයේදී ඊට අදාළ පාංශු පරීක්ෂණය සිදු කරන ලද බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ වනතෙක් ඉහත ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ නොකිරීමට හේතු;
(ii) ඉහත සැලසුම මේ වනවිටත් බලපවත්වන්නේ නම්, එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලබන දිනය;
(iii) ඉහත ගොඩනැගිල්ල ඉදිකිරීම අත්හිටුවා හෝ අවලංගු කර තිබේ නම්, ඊට හේතු;
කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-23
අසන ලද්දේ
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලෙහි ස්ත්‍රී සහ පුරුෂ වෛද්‍ය වාට්ටු තාවකාලික ගොඩනැඟිලි දෙකක පවත්වාගෙන යනු ලැබේ.
(ii) ඉන්දියානු ආධාර මත සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලැබී ඇති අතර, ඊට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතයි.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඉන්දියානු ආධාර සහිතව ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කළා. ඊළඟට මේ ගිවිසුම අත්සන් කරනවා.
(iii) යෝජිත සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට අදාළ පාංශු පරීක්ෂණය සිදු කර ඇති අතර, ඊට අදාළ වාර්තාව Soil and Mineral Engineering (Pvt.) Limited වෙතින් 2024.06.24 දින ලබා දී ඇත.
(ආ) (i), (ii)
රටවල් දෙකක් අතර පවත්නා අවබෝධතා මඟින් මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීමට නියමිත බැවින් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ යුතුය. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව ලබා ගත යුතුය. එමෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා ගත යුතුය. එම කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කර ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
(iii) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks