පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-22
අසන ලද්දේ
ගරු සුරංග රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025 ජූනි මස 11වන දින සිට ජූනි මස 13වන දින දක්වා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා නියැළුණු ජර්මානු නිල සංචාරයෙන් ලැබුණු ප්‍රතිලාභ පහත පරිදි වේ.
- ආර්ථික ස්ථාවරත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ආයෝජන වපසරිය පිළිබඳ විශ්වාසවන්තභාවය ඉහළ නැංවීම.
- ජර්මනිය යුරෝපා සංගමයේ ප්‍රධාන සාමාජිකයෙකු වන බැවින් සංචාරය අතරතුර සිදු කරන ලද සාකච්ඡා සහ සහයෝගීතාවන් හරහා යුරෝපා සංගමය සමඟ වන අපගේ සබඳතාවලට හිතකර බලපෑමක් සිදු වීම.
- ජර්මනිය යුරෝපයේ විශාලතම වෙළෙඳ පොළ වන අතර යුරෝපයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 25ක් නියෝජනය කරයි. සාම්ප්‍රදායික වශයෙන් ගත් කළ එය ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වන සිව්වන විශාලතම වෙළෙඳ පොළ වේ. වර්ෂ 2024දී ජර්මනිය වෙත සිදු කරන ලද සමස්ත අපනයන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 628කි. මෙරට ආර්ථිකයට සහ රැකියා උත්පාදනයට දායකත්වය ලබා දෙමින් මේ දක්වා දළ වශයෙන් ජර්මානු සමාගම් 160ක් පමණ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇත. එහෙයින්, මෙරට ආර්ථිකයේ වැඩිදියුණු කිරීම් පිළිබඳ ජර්මානු සමාගම්, වෙළෙඳ හවුල්කරුවන් සහ විභවතාවක් සහිත ආයෝජකයින් දැනුවත් කිරීමටත්, ඔවුන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සඳහා ආරාධනා කිරීමටත් අවස්ථාව හිමි වීම.
- 2024 වර්ෂයේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය, රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සහ යහ පාලන පියවර ස්ථාපිත කිරීම පිළිබඳ ජර්මානු රජයට කරුණු පැහැදිලි කිරීම.
- මෙම සංචාරයේදී අතිගරු ජර්මානු ජනපති Frank-Walter Steinmeier හමු වූ අතර, රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ වෘත්තීය පුහුණුව සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල නැඟී එන ආර්ථික අවස්ථා උපයෝගී කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. මෙහිදී ආර්ථිකය ස්ථාවර කිරීම උදෙසා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා ජර්මනියේ සහාය ලබා දෙන බව ජර්මානු ජනාධිපතිවරයා සහතික වීම.
- ජර්මානු විදේශ අමාත්‍ය Dr. Johann David Wadephul හමු වූ අතර, එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉහළ නැංවීම, ආර්ථිකය ස්ථාවර කිරීම, ජර්මානු ආයෝජන වැඩිදියුණු කිරීම, යුරෝපා සංගමයේ GSP Plus පහසුකම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීම.
- ජර්මනියේ ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධන අමාත්‍ය, Reem Alabali-Radovan හමු වූ අවස්ථාවේදී, ශ්‍රී ලංකාව සඳහා වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජර්මනියේ අවධානය යොමු කරවීම.
ආර්ථික දෘෂ්ටි කෝණයකින් ගත් කළ ලැබෙන ප්‍රතිලාභ;
- 2025 ජූනි 13වන දින බර්ලින් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජර්මානු වාණිජ්‍ය හා කර්මාන්ත මණ්ඩලය - DIHK - සහ ජර්මානු ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමය -OAV- සමඟ සහයෝගීතාවෙන් සංවිධානය කරන ලද ව්‍යාපාරික සංසදයක් අතිගරු ජනාධිපතිතුමා විසින් අමතනු ලැබූ අතර, එම අවස්ථාවට පහත නියෝජිතයින් සහභාගි විය.
i. ශ්‍රී ලංකාවේ දැනටමත් ආයෝජනය කර ඇති ජර්මානු සමාගම්,
ii. විභවතාවක් සහිත ජර්මානු ආයෝජකයින්,
iii. සංවර්ධනයට අදාළ ජර්මානු රාජ්‍ය ආයතන,
(ජර්මනියේ ආර්ථික සංවර්ධන නියෝජිතායතනය - GTAI, ජර්මානු බලශක්ති නියෝජිතායතනය - DENA.)
iv. වාණිජ්‍ය මණ්ඩලවල - DIHK, OAV - නියෝජිතයින්,
මෙහිදී අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ජර්මානු ව්‍යාපාරවලට ආරාධනා කළ අතර, ඔවුන්ගේ ආයෝජන සඳහා පහසුකම් සැලසීම සහ ආරක්ෂාව සහතික කරන ලදී.
සංචාරක සහයෝගීතාව සම්බන්ධයෙන් මෙම සංසදයේදී පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.
(උදා: ජර්මානු භාෂාව කථා කරන සංචාරක මාර්ගෝපදේශකයින්)
(උදා: විශිෂ්ට දුම්රිය සේවා, මාර්ගගත ආසන වෙන් කිරීමේ පද්ධති)
ජර්මානු විශ්‍රාමිකයන් සඳහා දිගු කාලීන වීසා සඳහා උනන්දු කරවීම.
මෙම සංසදය තුළින් ලැබුණු ප්‍රධාන ප්‍රතිඵල වන්නේ,
1. දෘඪ ටයර් නිෂ්පාදනය සහ ආගන්තුක සත්කාර යන අංශ ඔස්සේ ව්‍යාපාර පුළුල් කිරීමට දැනටමත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවල නියැළෙන ජර්මානු සමාගම් කිහිපයක් විසින් ඔවුන්ගේ අභිලාෂයන් ප්‍රකාශ කිරීම.
2. සංසදයෙහි සාකච්ඡාවල ඍජු ප්‍රතිඵලයක් වශයෙන්, තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය, පුහුණුව සහ ආගන්තුක සත්කාර වැනි අංශයන්හි නව ව්‍යාපාර ක්ෂේත්‍රවලට ප්‍රවේශවීමේ අභිලාෂය අනාගත ආයෝජකයින් කිහිපදෙනෙකු විසින් පළ කර ඇති අතර, මෙම ව්‍යාපාර සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරමින්, එම ක්ෂේත්‍රයන්හි ව්‍යාපාරික අවස්ථා වර්ධනය කර ගැනීමට හැකි වීම.
3. ජර්මානු ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාව විභවතාවක් සහිත වෙළෙඳ පොළක් ලෙස හඳුනා ගැනීම.
4. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට පෙලඹවීම.
5. පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, සැපයුම් සේවා, වරාය, තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් සේවා, ජර්මානු ආයෝජනය සඳහා විභවතාවක් ඇති අංශ ලෙස හඳුනා ගැනීම.
6. සෞඛ්‍ය සේවා, යාන්ත්‍රික විදුලි සහ පරිගණක පද්ධති හා ආගන්තුක සත්කාර යන කර්මාන්ත ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන ජර්මානු ව්‍යාපාර සමඟ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අංශයට අවස්ථා විවර කර ගැනීම.
7. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ ජර්මානු ආර්ථික කටයුතු සහ බලශක්ති පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් Thomas Stephan අතර පැවැති හමුවේදී, ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රගතිය, වැඩිදියුණු වූ දේශපාලන ස්ථාවරත්වය සහ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජය විසින් දරා ඇති අඛණ්ඩ ප්‍රයත්නයන් පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්තිය, කෘෂි තාක්ෂණය, මෝටර් රථ වාහන කර්මාන්තය, වෛද්‍ය තාක්ෂණය සහ වෘත්තීය පුහුණුව වැනි අංශවල සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම.
ජර්මානු සංචාරක කර්මාන්ත නියෝජිතයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර :-
1. ජර්මානු වෙළෙඳ පොළ තුළ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම.
2. සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රජාවන් ඊට සම්බන්ධ කර ගැනීම.
3. ඉහළ පෙළේ සංචාරකයින් සඳහා අගය එකතු කරන ලද සුඛෝපභෝගී සංචාරක ව්‍යාපාරයක් නිර්මාණය කිරීම.
4. වෘත්තීය පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම.
(ii) රුපියල් 2,533,748.91 (ඇමුණුම**)
(iii) මෙම සංචාරයේදී ජනාධිපතිවරයා හමු වූ රාජ්‍ය නායකයා වූයේ ජර්මානු ජනාධිපති අතිගරු Frank-Walter Steinmeier වේ.
මීට අමතරව, ජර්මානු විදේශ අමාත්‍ය, Dr. Johann David Wadephul, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධන අමාත්‍ය Reem Alabali-Radovan, ආර්ථික කටයුතු සහ බලශක්ති පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් Dr. Thomas Stephan ද හමුවන ලදී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks