පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1102/2025
ගරු සුරංග රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) 2025.01.01 දින වනවිට ශ්‍රී ලංකාවේ රැකියා විරහිත උපාධිධාරින් සංඛ්‍යාව කොපමණද;
(ii) වර්තමාන රජය විසින් උපාධිධාරින්ට ලබාදී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද;
(iii) එම රැකියා සංඛ්‍යාව එක් එක් ක්ෂේත්‍රය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දීමේ ඉදිරි වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට පවතින රජයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(ii) එම පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-19
අසන ලද්දේ
ගරු සුරංග රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණයේ 2024 වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ රැකියා විරහිත උපාධිධාරින් සංඛ්‍යාව 42,254කි.
(ii) මේ වනවිට බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් උපාධිධාරි තනතුරු සංඛ්‍යාව 12,309කි. එම බඳවා ගැනීම්, බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව අමාත්‍යාංශ මට්ටමින් මේ වනවිට සිදු කරගෙන යනු ලබයි. තවද, ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට උපාධිධාරින් 25,000ක ප්‍රමාණයක් බඳවා ගැනීමට වර්තමාන රජයේ ඉදිරි සැලැස්මක් තිබේ. ඒ අනුව උපාධිධාරින් 37,309කට රැකියා ලබා දීමට රජයේ සැලැස්ම ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබයි.
(iii) ඇමුණුමෙහි** දක්වා ඇත.
(iv) රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් රජයේ ඉදිරි සැලැස්ම අනුව, රජයේ සේවයේ තනතුරුවල පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතුව විධිමත් ක්‍රමවේදයක් හරහා බඳවා ගැනීම සිදු කරනු ලබයි. තවද, උපාධිධාරින්ට ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීමේ නිවේදනයට අදාළව අභියාචනාධිකරණයේ පැවතුණු නඩුවේ අවසන් තීරණය නිල වශයෙන් ලැබුණු පසු ගුරු සේවයට උපාධිධාරින් බඳවා ගැනීමට කටයුතු කිරීමට නියමිතය. තවද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ සැලැස්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය විසින් කටයුතු කරනු ලබයි.
(ආ) (i) 2025.05.31 දිනට සියලුම ජාතික හා පළාත් පාසල්හි ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පහත දැක්වේ.
|
පළාත් පාසල් / ජාතික පාසල් |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
|
ජාතික පාසල් |
1501 |
|
|
පළාත් පාසල් |
බස්නාහිර |
4,630 |
|
|
දකුණ |
2,513 |
|
|
මධ්‍යම |
6,318 |
|
|
වයඹ |
2,990 |
|
|
ඌව |
2,780 |
|
|
උතුරු මැද |
1,568 |
|
|
නැඟෙනහිර |
6,613 |
|
|
සබරගමුව |
3,994 |
|
|
උතුර |
3,271 |
|
එකතුව |
36,178 |
|
(ii) ඔව්.
(iii) ඉදිරියේදී සිදු කිරීමට නියමිත බඳවා ගැනීම් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.
(a) දිවයිනේ ජාතික පාසල්වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයයන්, විදේශ භාෂා හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය යටතේ වන විෂයයන් සඳහා පවතින අපොස (උසස් පෙළ) සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2024.07.08 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට උපාධිධාරින් බඳවා ගැනීමෙන් අනතුරුව වැඩ භාර නොගැනීම මත ඇති වී ඇති පුරප්පාඩු 353ක් සඳහා දෙවන වටය යටතේ ඉදිරි මාස 2 තුළදී බඳවා ගැනීම සිදු කිරීමට නියමිතය.
(b) එමෙන්ම, අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/24/0693/601/047 හා 2024.04.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව "සැමට ඉංග්‍රීසි" වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරු 2,500ක් බඳවා ගැනීමට ද නියමිතය.
(c) අංක 2233 හා 2021.06.18 දිනැති ගැසට් නිවේදනය අනුව දිවයිනේ ජාතික පාසල් සඳහා විදේශ භාෂා ඉගැන්වීමට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට උපාධිධාරින් බඳවා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් 92 සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීම මත එම පරීක්ෂණය 2025.08.19 දින පැවැත්වූ අතර, ඒ අනුව ඉතුරු පුරප්පාඩු සඳහා ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, ජර්මන් හා හින්දි යන විෂයයන් 6 සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.
(d) දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 77/2023 හා 88/2023 දරන නඩු 2025.08.06 දිනැතිව නිෂ්ප්‍රභ කරන ලද අතර, අංක 78/2023 හා 95/2023 දරන නඩුවලට අදාළව නීතිපති මඟින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අංක 2317 හා 2023.01.27 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාරව, විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් අයදුම්කරුවන්ගේ උපරිම වයස අවුරුදු 40 යන්න වයස අවුරුදු 45 දක්වා මෙම අවස්ථාවට පමණක් සීමා වන පරිදි දීර්ඝ කිරීමට යටත්ව එම නඩු කටයුතු අවසන් කර ඇත. ඒ අනුව, එකී තීන්දු ප්‍රකාරව එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අවසන් බැවින් අදාළ විභාගය පැවැත්වීමට කටයුතු කළ යුතු වුවද, මෙම අයදුම්පත් කැඳවීමේ නිවේදනයට අදාළව අභියාචනාධිකරණයේ පැවතුණු CA 92/2023 (Writ) නඩුවේ අවසන් තීරණය නිල වශයෙන් ලැබුණු පසු විභාගය පැවැත්වීමට නියමිතයි. ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ප්‍රකාරව රජයේ සේවයේ නියුතු උපාධිධාරින් හා සෙසු උපාධිධාරින් බඳවා ගැනීමට අදාළව වෙන වෙනම විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් 2025.10.08 දිනැතිව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරන ලදී. ඒ සඳහා 2025.10.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ලැබී ඇති අතර, එම තීරණය සම්බන්ධ උක්ත නඩු තීන්දුව නිල වශයෙන් ලැබුණු පසු ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට උපාධිධාරින් බඳවා ගැනීමට කටයුතු කිරීමට නියමිතය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks