පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1092/2025
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘කුඩාඔය’ ගඟේ සිට ‘දෙබරආර’ වැව දක්වා කපන ලද ඇළ මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) ඒ සඳහා වෙන් කරන ලද මුළු මුදල කොපමණද;
(iii) එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද මූලාශ්‍ර කවරේද;
(iv) එම ව්‍යාපෘතියේදී නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරනු ලැබ තිබේද;
(v) එසේ නම්, ඒ පිළිබඳ තොරතුරු සභාගත කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු කවුරුන්ද;
(ii) එම ව්‍යපෘතියේ තාක්ෂණික සහාය හා අධීක්ෂණය සපයන ලද ආයතනය කවරේද;
(iii) මෙම ඇළ මාර්ගය කැපීමේදී ඉවත් කරන ලද කළුගල් හා පස් බැහැර කරන ලද ආකාරය කවරේද;
(iv) මේ වනවිට එම ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කරගෙන තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-22
අසන ලද්දේ
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දෙබරආර පෝෂිත ඇළෙහි ඉදිකිරීම් කටයුතු 2008 වසරේ ආරම්භ කර ඇත.
(ii) මූලික ඇස්තමේන්තුව රුපියල් මිලියන 67.58යි.
(iii) පහළ ඌව සුළු වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තමයි ප්‍රතිපාදන වෙන් කර තිබෙන්නේ සහ එම ඇළ ඉදි කරන්න පටන් අරගෙන තිබෙන්නේ.
(iv) නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමය කර තිබේ.
(v) වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ මූලිකව කොන්ත්‍රාත්කරුවන් සිව්දෙනෙකු යටතේ වැඩ විෂයයන් සිදු කර ඇත.
(ආ) (i) දෙබරආර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2008 වර්ෂයේදී කොටස් වශයෙන් සිදු කරන ලද අතර, එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ විස්තර පහත පරිදි වේ.
(ii) වාරිමාර්ග දෙපාර්තමේන්තුව.
(iii) මෙම ව්‍යාපෘතිය මඟින් බැහැර කරන ලද කළුගල් ඇළ දෙපස ගොඩගසා තිබූ අතර, පසුව උමා ඔය ව්‍යාපෘතිය මඟින් සංවර්ධනය කරන ලද වැව්වල සංවර්ධන කටයුතු සඳහා ද, වැල්ලවාය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මඟින් සංවර්ධන කටයුතු සිදු කරන ලද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් තෙඹුආර, ගල්වැව, වටගලආර යන වැව්වල රළපනා සඳහා ද යොදා ගන්නා ලද අතර, ඉවත් කරන ලද පස් ඒ අවට ගොඩගසා තුනී කර ඇළ දෙපස මාර්ගය සකස් කිරීම සඳහා යොදා ගන්නා ලදී.
(iv) ඇළ මාර්ගය ඉදිකර දෙබරආර වැව දක්වා ජලය සපයන ලදී. එහෙත් පසුගිය වර්ෂයන්හි පැවති අධික වර්ෂාව නිසාත්, ජල අවශ්‍යතා ඇති නොවීමත්, ඇළ මාර්ගයේ මුළු දිග ප්‍රමාණයම භාවිතයට නොගැනීම නිසාත්, දැනට රොන්මඩ තැන්පත් වී ඇළ මාර්ගය අවහිර වී ඇත. කිලෝමීටර 6.5ක් දිග ගැඹුරු ඇළ මාර්ගයක් බැවින් සාමාන්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ඇළ මාර්ගය නඩත්තු කිරීම අපහසු වේ. එබැවින් විශේෂ ප්‍රතිපාදනයක් යටතේ එය නඩත්තු කළ යුතුය. දැනට මේ යටතේ දෙපස පිහිටි කුඹුරුවලට ද මුදියන්සේ වැව හා ඉනුම්ආර යන කුඩා වැව් දෙකට ජලය සැපයීම සිදු වේ. තවද, ඉන්ධන සහ සූර්ය පැනල භාවිතයෙන් වතුර පොම්ප කිරීම මඟින් ගොඩ ඉඩම් අක්කර 200කට පමණ ඉරිඟු, කෙසෙල්, මුං, කවුපි ඇතුළු අතුරු භෝග සඳහා වාරි ජල පහසුකම් ලබා ගනී. ලබන වර්ෂා කාලයට පෙර මෙම ඇළ මාර්ගයේ රොන්මඩ ඉවත් කර දෙබරආර වැව දක්වා ජලය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇත.
(ඇ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks