01

E   |     |  

 දිනය: 2025-08-22   පිළිතුර ලබා දී ඇත 

1092/2025: කුඩා ඔය සිට දෙබරආර වැව දක්වා ඇළ මාර්ගය ඉදිකිරීම: විස්තර

----

අසන ලද දිනය

2025-08-22

අසන ලද්දේ

ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දෙබරආර පෝෂිත ඇළෙහි ඉදිකිරීම් කටයුතු 2008 වසරේ ආරම්භ කර ඇත.

              (ii)      මූලික ඇස්තමේන්තුව රුපියල් මිලියන 67.58යි.

            (iii)      පහළ ඌව සුළු වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තමයි ප්‍රතිපාදන වෙන් කර තිබෙන්නේ සහ එම ඇළ ඉදි කරන්න පටන් අරගෙන තිබෙන්නේ.

(iv) නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමය කර තිබේ.

(v) වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ මූලිකව කොන්ත්‍රාත්කරුවන් සිව්දෙනෙකු යටතේ වැඩ විෂයයන් සිදු කර ඇත.

(ආ) (i) දෙබරආර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2008 වර්ෂයේදී කොටස් වශයෙන් සිදු කරන ලද අතර, එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ විස්තර පහත  පරිදි වේ.

  • · සුහද එන්ටර්ප්‍රයිසස්
  • · ආර්.ජේ. කන්ස්ට්‍රක්ෂන්
  • · බිෂාන් එන්ටර්ප්‍රයිසස්
  • · කේ.එම්.බී. කන්ස්ට්‍රක්ෂන්

(ii) වාරිමාර්ග දෙපාර්තමේන්තුව.

(iii) මෙම ව්‍යාපෘතිය මඟින් බැහැර කරන ලද කළුගල් ඇළ දෙපස ගොඩගසා තිබූ අතර, පසුව උමා ඔය ව්‍යාපෘතිය මඟින් සංවර්ධනය කරන ලද වැව්වල සංවර්ධන කටයුතු සඳහා ද, වැල්ලවාය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මඟින් සංවර්ධන කටයුතු සිදු කරන ලද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් තෙඹුආර, ගල්වැව, වටගලආර  යන වැව්වල රළපනා සඳහා ද යොදා ගන්නා ලද අතර, ඉවත් කරන ලද පස් ඒ අවට ගොඩගසා තුනී කර ඇළ දෙපස මාර්ගය සකස් කිරීම සඳහා යොදා ගන්නා ලදී.

(iv) ඇළ මාර්ගය ඉදිකර දෙබරආර වැව දක්වා ජලය සපයන ලදී. එහෙත් පසුගිය වර්ෂයන්හි පැවති අධික වර්ෂාව නිසාත්, ජල අවශ්‍යතා ඇති නොවීමත්, ඇළ මාර්ගයේ මුළු දිග ප්‍රමාණයම භාවිතයට නොගැනීම නිසාත්, දැනට රොන්මඩ තැන්පත් වී ඇළ මාර්ගය අවහිර වී ඇත. කිලෝමීටර 6.5ක් දිග ගැඹුරු ඇළ මාර්ගයක් බැවින් සාමාන්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ඇළ මාර්ගය නඩත්තු කිරීම අපහසු වේ. එබැවින් විශේෂ ප්‍රතිපාදනයක් යටතේ එය නඩත්තු කළ යුතුය. දැනට මේ යටතේ දෙපස පිහිටි කුඹුරුවලට ද මුදියන්සේ  වැව හා ඉනුම්ආර යන කුඩා වැව් දෙකට ජලය සැපයීම සිදු වේ. තවද, ඉන්ධන සහ සූර්ය පැනල භාවිතයෙන් වතුර පොම්ප කිරීම මඟින් ගොඩ ඉඩම් අක්කර 200කට පමණ ඉරිඟු, කෙසෙල්, මුං, කවුපි ඇතුළු අතුරු භෝග සඳහා වාරි ජල පහසුකම් ලබා ගනී. ලබන වර්ෂා කාලයට පෙර මෙම ඇළ මාර්ගයේ රොන්මඩ ඉවත් කර දෙබරආර වැව දක්වා ජලය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇත.

(ඇ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks