පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1088/2025
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වන්නි ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග කෘෂිකර්මාන්තය හා සත්ත්ව පාලනය බවත්;
(ii) නිසි වෙළඳපොළක් නොමැති වීම, කාලගුණික විපර්යාස, වන සත්ත්ව හානි සහ වසංගත රෝග ආදිය හේතුවෙන් කෘෂිකර්මාන්තය පිළිබඳව ජනතාවගේ උනන්දුව අඩු වෙමින් පවතින බවත්;
(iii) සත්ත්ව පාලනය සාපේක්ෂව ලාභදායි ව්‍යාපාරයක් වන බැවින් ගොවීන්ගෙන් වැඩි පිරිසක් සත්ත්ව පාලනයේ නිරත වන බවත්;
(iv) නමුත් මෑතක සිට සත්ත්ව සොරකම් ඉහළ ගොස් ඇති අතර, දිනකදී ගවයන් 35කට වැඩි ප්‍රමාණයක් සොරකම් කර ඇති බව පසුගියදා පැවැති වවුනියාව-උතුර ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණයවූ බවත්;
(v) මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළද විසඳුමක් ලැබී නොමැති බවත්;
(vi) ඒ හේතුවෙන් වන්නි ප්‍රදේශයේ ජනතාව විශාල ආර්ථික අභියෝගයන්ට මුහුණදී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේ නම්, මේ සඳහා ලබා දෙන විසඳුම් කවරේද;
(ii) එම විසඳුම් ලබා දෙන කාල වකවානු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-01-21
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(iv) නැත.
(v) නැත.
(vi) නැත.
සත්ත්ව සොරකම් හේතුවෙන් වන්නි ප්‍රදේශයේ සත්ත්ව පාලනයේ නියුතු ජනතාවට සිදු වන ආර්ථික හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මඟින් ඉහත සඳහන් කර ඇති ක්‍රියාමාර්ග ගෙන ඇත.
(ආ) (i) ● නිසි වෙළෙඳ පොළක් නොමැති වීම, කාලගුණික විපර්යාස, වනසතුන්ගෙන් වන වගා හානි සහ වසංගත රෝග ආදිය අවම කර ගැනීම සහ සත්ත්ව පාලනය පිළිබඳව ජනතාවගේ උනන්දුව වැඩි කිරීම සඳහා පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් පහත සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
Dairy Hub ව්‍යාපෘතිය යටතේ යෝජිත ජාතික කිරිගව සංවර්ධන වැඩසටහන
එමෙන්ම, උතුරු පළාත් සභා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ගොවි ප්‍රජාව වෙනුවෙන් ද පහත ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
උදාහරණ:-
Climate Smart Irrigated Agriculture Project - CSIAP
(ii) ඉහත සඳහන් කරන ලද වැඩසටහන් 2026 වසරේදී ක්‍රියාත්මකව පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks