පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1087/2025
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) පාසැල් අධ්‍යාපනයට සමගාමීව පෞද්ගලික අධ්‍යාපන ආයතනද අධ්‍යාපන සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත්;
(ii) ඒවා නියාමනය කිරීම සඳහා නීතිමය යාන්ත්‍රණයක් නොමැති වීමෙන් ගැටලු රාශියක් පැන නැගී ඇති බවත්;
(iii) පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම, යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය සහ මූලික සෞඛ්‍ය පහසුකම් ආදිය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවන බවත්;
එතුමිය පිළිගන්නෙහිද?
(ආ) (i) එසේ නම්, මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්‌ග කවරේද;
(ii) ඒ සඳහා ගත වන කාලය කොපමණද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-03
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks