01

E   |     |  

 දිනය: 2025-11-21   පිළිතුර ලබා දී ඇත 

1086/2025: වවුනියාව දිස්ත්‍රික්කයේ මදගුවෛත්තකුලම්හි ආර්ථික මධ්‍යස්ථානය: විස්තර

1086/2025

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)        එවකට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විසින් වවුනියා දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා 2015 වර්ෂයේදී යෝජනාවක් ඉදිරිපත් කරන ලද බවත්;

(ii) ඒ අනුව රු.මි. 263ක් වියදම් කර කඩකාමර 52කින් යුත් ආර්ථික මධ්‍යස්ථානයක් වවුනියාව-මහනුවර ප්‍රධාන මාර්ගයේ මදගුවෛත්තකුලම්හි 2018 වර්ෂයේදී ඉදිකරන ලද බවත්;

(iii) ඉදිකිරීමෙන් පසුව වර්ෂ 7ක් ගතවී ඇතත් මේ දක්වා එය විවෘත කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(ii) එම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා ගත වන කාලය කොපමණද;

(iii) එහි ඇති කඩකාමර 52 බෙදා දෙන පදනම කවරේද;

(iv) මේ වනවිට තොග එළවළු වෙළඳාමේ නිරතවී සිටින වෙළඳුන්ට ඉහත කඩකාමර ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)      2025.09.03 දින වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර ඇත.

(ආ)         (i)      සහ  (ii)

                        2025.09.03 දින වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර ඇත.

             (iii)      මෙම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර පරිශ්‍ර ලබා දීම පිළිබඳව අංක අමප/21/0556/323/18 හා 2021.04.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අනුව වවුනියාව තොග වෙළෙඳ පොළෙහි තොග වෙළෙඳාම් කරන ලද සුදුසුකම් සපුරා ඇති තොග වෙළෙඳුන් සඳහා කඩ කාමර 35ක් ලබා දී ඇත. ඉතිරි කඩ කාමර ප්‍රදේශයේ ගොවි සංවිධාන සඳහා හා දිස්ත්‍රික්කය තුළ අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය දෙමින් ලබා දීමටත්, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපතිගේ ඉල්ලීම පරිදි තොග එක්රැස් කිරීම හා අළෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා කඩ කාමර 02ක් ලංකා සතොස ආයතනයට ලබා දීමටත් බලාපොරොත්තු වේ.

(iv) ලබා දී ඇත.

(ඇ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2025-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks