පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1081/2025
ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඉඩම් මිලට ගෙන විකිණීමේ ව්‍යාපාරයක නිරත වන මාලඹේ, කඩුවෙල පාරේ, අංක 362 ඩී දරන ලිපිනයේ සිය ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යනු ලබන ‘Park Properties (Private) Limited’ යන ආයතනය විසින් දිගු කාලයක් තිස්සේ සිදු කර ගෙන යනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ, මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කර ඇති විමර්ශනවල වර්තමාන ප්‍රගතිය කවරේද;
(iii) ඉහත පැමිණිලිවලට අදාළව දිවයින පුරා විවිධ අධිකරණවල පවරා ඇති නඩු සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-19
අසන ලද්දේ
ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පැමිණිලි ගණන 126කි.
එම පැමිණිලි ලැබී ඇති ආකාරය පහත පරිදි වේ.
|
අනු අංකය |
පැමිණිලි ලැබී ඇති ස්ථානය |
ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව |
|
01 |
මාලබේ පොලිස් ස්ථානය |
25 |
|
02 |
මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය |
95 |
|
03 |
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය |
01 |
|
04 |
කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය |
01 |
|
05 |
මතුගම විශේෂ අපරාධ විමර්ශන අංශය |
01 |
|
06 |
පානදුර විශේෂ අපරාධ විමර්ශන අංශය |
02 |
|
07 |
හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය |
01 |
|
එකතුව |
126 |
|
(ii) මෙම ආයතනයට විරුද්ධව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි 95ක් වාර්තා වී ඇත. එම පැමිණිලිවලට අදාළව විමර්ශන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර මේ සම්බන්ධව සාක්ෂිකරුවන්ගේ හා එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.
අදාළ විමර්ශන කටයුතු පවතින අතරතුර එම ආයතනයේ සාමාජිකයන් විසින් කොළඹ අභියාචනාධිකරණයේ අංක 751/24 දරන රිට් පෙත්සම මඟින්, ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇති අතර, මෙය 2025.11.10 දින දක්වා බලාත්මකව පවතී.
මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් වගඋත්තරකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම මත එම අතුරු තහනම් නියෝගය ඉවත් කර ගැනීම සඳහා පොලිස් නීති කොට්ඨාසය විසින් මේ වන විට කටයුතු කරමින් සිටියි.
(iii) පවරා ඇති නඩු සංඛ්‍යාව 04කි.
ඉතිරි පැමිණිලි 122 සම්බන්ධව පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-08-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks