පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1076/2025
ගරු තුරෛරාසා රවිකරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2019 වර්ෂයේදී පවත්වන ලද විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් පසුව උතුරු පළාතේ සෞඛ්‍ය සහායක සේවා (III ශ්‍රේණිය) ස්ථිර තනතුරට බඳවාගැනීම සඳහා තෝරාගන්නා ලද සෞඛ්‍ය සහායකයන් 454 දෙනෙකු මේ වනතෙක් බඳවාගෙන නොමැති බවත්;
(ii) මුදල් අමාත්‍යාංශයේ අනුමතිය නොලැබීමෙන් ඉහත බඳවාගැනීම් ප්‍රමාද වී ඇති බවත්;
(iii) ඉහත තනතුරේ පුරප්පාඩු 643ක් පැවතීම, උතුරු පළාතේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධාවක්වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) 2019 වර්ෂයේ ලබාදී ඇති පත්වීම් ලිපි නොසලකමින් මෙම සෞඛ්‍ය සහායකයන් බඳවාගැනීමට බාධාවක්වී ඇති පරිපාලන හෝ නිත්‍යානුකූල හේතු කවරේද;
(ii) ඔවුන් කඩිනමින් බදවාගැනීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-22
අසන ලද්දේ
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද අංක DMS/NP/0302 හා 2019.03.28 දිනැති ලිපිය මඟින් මෙම පුරප්පාඩු පිරවීම සඳහා අනුමැතිය ලබා දී තිබූ අතර, ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ 2019.05.27 සිට 2019.06.18 දින දක්වා පවත්වන ලදී. එහිදී සුදුසුකම් ලැබූවන් 454දෙනෙකු සඳහා 2019.11.18 දිනැති පත්වීම් ලිපි ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ අතර, එමඟින් ඔවුන්ට අයත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත 2019.11.25 දින වාර්තා කරන ලෙසද දන්වා යවන ලදී.
කෙසේ නමුත්, 2019 ජනාධිපතිවරණය හේතුවෙන් "සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීම" යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද අංක DMS/Policy/Recruitments හා 2019.11.20 දිනැති ලිපියට අනුව උක්ත බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවන ලෙස උතුරු පළාත් ප්‍රධාන ලේකම් විසින් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව පත්වීම්ලාභීන්ට රාජකාරියට වාර්තා කිරීමට හැකියාව නොලැබුණි.
(ii) ප්‍රාථමික සේවා ගණයේ - PL - තනතුරු සඳහා සිදු කරනු ලබන බඳවා ගැනීම් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකාය මඟින් සිදු කළ යුතු බවට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අංක 02/2020 හා 2020.10.26 දිනැති චක්‍රලේඛය මඟින් දක්වා ඇත.
කෙසේ නමුත්, උතුරු පළාත් ආණ්ඩුකාර, ප්‍රධාන ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම බඳවා ගැනීම්වලට අදාළව අවස්ථා ගණනාවක දී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉල්ලීම් ඉදිරිපත් කළ ද මේ වන තෙක් සාධනීය පිළිතුරක් ලැබී නොමැත. එබැවින් තේරී පත් වූ අයදුම්කරුවන්ට එම සේවාවේ වැඩ භාර ගැනීමට නොහැකි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වන විට යාපනය පළාත්බද මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
(iii) සේවක හිඟය සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීමට බලපෑම් ඇති කරන නමුත්, රෝගී සත්කාර සේවාව විධිමත්ව හා අඛණ්ඩව පවත්වා ගෙන යනු ලැබේ.
(ආ) (i), (ii) මෙම සෞඛ්‍ය සහායක සේවකයින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට උතුරු පළාත් ප්‍රධාන ලේකම් හරහා කළමනාකරණ සේවා පාර්තමේන්තුව වෙත, ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශයෙන් නැවතත් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, අදාළ අනුමැතීන් ලද පසු කඩිනමින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks