පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1070/2025
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඉදිකිරීම් කටයුතු නතර කර ඇති සහ මේ වනවිට භාවිතා කරනු නොලබන මාතර, නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කර ඇති මුළු මුදල කොපමණද;
(ii) එම මූල්‍ය පිරිවැය දරා ඇති ආයතන කවරේද;
(iii) එම ගොඩනැගිලි සංකීර්ණය නඩත්තුව සහ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව දරන පිරිවැය කොපමණද;
(iv) ඉහත ගොඩනැගිලි සංකීර්ණය භාවිතයට ගැනීම සඳහා පවතින සැලැස්ම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-22
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2019 වසර අවසානය වන විට මෙහි වැඩකටයුතු නතර වෙලා තිබෙනවා. 2019 වර්ෂය අවසාන වන විට වියදම් කරන ලද මුදල රුපියල් මිලියන 1,432.26කි.
(ii) වියදම් කරන ලද මුළු වියදම දරා තිබෙන්නේ සංස්කෘතික කටයුතු විෂය භාර අමාත්‍යාංශය යටතේ.
(iii) මෙහි ජල හා විදුලි බිල්පත් ගෙවීමේ නඩත්තු කටයුත්ත සඳහා වියදම් අමාත්‍යාංශය විසින් දරා තිබෙනවා. මේ කාලය තුළ අමාත්‍යාංශය විසින් දරන ලද පිරිවැය සම්බන්ධ තොරතුරු ඇමුණුම මඟින් දක්වා තිබෙනවා. එය පහත පරිදි වේ.
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ ජල හා විදුලි බිල් තොරතුරු:
|
වර්ෂය |
ජල බිල (රු.) |
විදුලි බිල (රු.) |
|
2020 (ජනවාරි - දෙසැම්බර්) |
205,959.32 |
226,935.60 |
|
2021(ජනවාරි - දෙසැම්බර්) |
114,246.66 |
143,410.30 |
|
2022 (ජනවාරි - දෙසැම්බර්) |
66,728.80 |
161,202.11 |
|
2023 (ජනවාරි - දෙසැම්බර්) |
199,049.68 |
275,667.89 |
|
2024 (ජනවාරි - දෙසැම්බර්) |
121,088.60 |
159,614.80 |
|
2025 (ජනවාරි - ජූලි) |
36,404.96 |
44,861.54 |
ආරක්ෂාව සම්බන්ධ කාරණයේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමක් නැහැ. නමුත් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සෙබළුන් හය දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මෙහි ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.
(iv) මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය මැදිහත් වෙලා පසුගිය කාලය තුළ කටයුතු කර තිබෙනවා. 2019දී මේ ඉදිකිරීම් කාර්යය නතර වුණාට පස්සේ තවදුරටත් මෙය භාවිත කිරීමේ මට්ටමේ නැති නිසා සහ මින් ඉදිරියට මේ සඳහා යන ප්‍රතිපාදන දැරීමේ හැකියාවක් අමාත්‍යාංශයට නැති නිසා විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා බුද්ධශාසන අමාත්‍යාංශය හැටියට.
ඒ විකල්ප යෝජනාවට 2024.07.05 දිනැතිව ඉදිරිපත් කරපු කැබිනට් සන්දේශයේ අනුමැතියට යටත් වන විධියට කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඒ කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙන්නේ මේ සංස්කෘතික මධ්‍යස්ථානයට අයත් ගොඩනැඟිලි සහ භූමිය රුහුණ විශ්වවිද්‍යාලයට පවරා දීමටයි. මේ පවරා දීමට අදාළව මූලික කටයුතු සිද්ධ වෙන අතර, 2024.05.22 දින රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු නිලධාරි කණ්ඩායමකුත් ඒ වාගේම සාර්ක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමාත්, අමාත්‍යාංශයේ නිලධාරි කණ්ඩායමකුත් මේ පරිශ්‍රය නිරීක්ෂණයට ලක් කරලා එකඟතාවට ඇවිල්ලා තිබෙනවා, රුහුණ විශ්වවිද්‍යාලයට මේ භූමිය සහ වත්කම් පවරා දෙන්න. අවසානයට ආපු එකඟතාව තමයි රුහුණ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් එකඟතා සහිත ලියවිල්ල අමාත්‍යාංශයට ලබා දෙන්නම් කියන කාරණය.
නමුත් ගරු කථානායකතුමනි, මේ එකඟතා සහිත ලියවිල්ල තවම අප අමාත්‍යාංශය වෙත ලැබී නැහැ. ඒ අනුව මේ වන විට ඒ කටයුතු නතර වෙලා තිබෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගමගෙදර දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks