පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1068/2025
ගරු චානක මාදුගොඩ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඉඩම් හිමියන් විසින් රජයට භාර දෙන ලද ඉඩම් බලපත්‍ර, දීමනා පත්‍ර සහ ඔප්පු වෙනුවට ‘උරුමය’ වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දීමට මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පිළිගන්නේද;
(ii) එසේ ඉඩම් බලපත්‍ර, දීමනා පත්‍ර සහ ඔප්පු භාර දෙන ලද පුද්ගලයන්ගේ ඉඩම් හිමිකම තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iii) ඉහත සඳහන් ඉඩම් බලපත්‍ර, දීමනා පත්‍ර සහ ඔප්පු වෙනුවට සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට නිශ්චිත කාල රාමුවක් තිබේද;
(iv) සින්නක්කර ඔප්පු ලබා ගැනීම පිණිස රජයට භාර දෙන ලද ඉඩම් බලපත්‍ර, දීමනා පත්‍ර සහ ඔප්පු සම්බන්ධයෙන් වන වර්තමාන තත්ත්වය පිළිබඳව අදාළ පුද්ගලයන්ට තොරතුරු ලබා ගත හැකි මාර්ගය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-22
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
'උරුමය' වැඩසටහන 2024 වර්ෂයේදී ආරම්භ කළ අතර සමාලෝචනය සඳහා පත් කළ විද්වත් කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත වේ.
(ii) 2025 පෙබරවාරි මස 24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 'උරුමය' වැඩසටහන සමාලෝචනය කර එම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිර්දේශ වාර්තාවක් ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කර ඇති අතර එම විද්වත් කමිටු නිර්දේශ සහිත වාර්තාව 2025.07.14 දින අමාත්‍ය මණ්ඩල සන්දේශයක් මඟින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ඒ සඳහා 2025.07.21 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි ඇත. එම අනුමැතිය අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත වේ.
දැනට ඉඩම් කොමසාරිස් ජනරාල් භාරයේ ඇති සකස් කළ නිදහස් දීමනා පත්‍ර 3,800ක පමණ ප්‍රමාණයක් ඉදිරියේදී ප්‍රතිලාභීන්ට ලබා දීමට කටයුතු කරමින් පවතී.
(iii) අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත එම වැඩසටහන හදිසි වැඩසටහනක් ලෙස නොව සාමාන්‍ය වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ඇත.
(iv) අදාළ ප්‍රාදේශීය ලේකම්වරු වෙතින් සහ ඉඩම් කොමසාරිස් ජනරාල් වෙතින් තොරතුරු ලබා ගත හැක.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks