පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1067/2025
ගරු චානක මාදුගොඩ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා මේ වනවිට ලබා දෙන සංයුක්ත දීමනාව ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;
(ii) එම දීමනාව වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;
(iii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iv) එම දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් ඇති සීමාවන් හඳුනාගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-07
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනටමත් අපි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ මූලික වැටුප් වැඩිවීමක් කරලා තිබෙනවා. ඒ අනුව සංයුක්ත දීමනාව වැඩි වෙනවා. ඉදිරියේදී තවත් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.
(ii) ඔව්. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේදී එය අදාළ කරගන්නවා.
(iii) මෙය, පසුගිය වැටුප් වැඩිවීමත් එක්ක වැඩි කරපු බව මම කියන්න කැමැතියි.
(iv) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks