බලන්න

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1066/2026: White fly infestation affecting coconut cultivation in Northern Province

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      උතුරු පළාතේ පොල් වගාවට බලපාන සුදු මැස්සන් පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

             (ii)      බලපෑමට ලක්වූ පොල් වගාකරුවන් සඳහා වන්දි/මූල්‍ය ආධාර ලබා දීමට සැලසුම් කර තිබේද;

(iii) සුදු මැස්සාගේ පැතිරීමට හේතු වන දේශගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් පාරිසරික ඇගයීම් සිදු කර තිබේද;

(iv) ජෛව පාලකයක් ලෙස එන්කාර්සියා ග්වාඩලූප් (Encarsia guadeloupe) නැමැති කෘමියා ලැබී ඇති කලාප සංඛ්‍යාව කොපමණද;

(v) එම මැදිහත්වීමෙහි ඵලදායිතාවය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)    (i) සුදු මැස්සා අනෙකුත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් තිබේද;

(ii) ජීව විද්‍යාත්මක පාලන ක්‍රම සහ විකල්ප පිළියම් පිළිබඳ ව්‍යාප්ති වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබේද;

(iii) පොල් වගාවේ පළිබෝධ පාලනය සඳහා අවශ්‍ය කරන හදිසි අරමුදල් මීළඟ අයවැයෙන් වෙන් කරන්නේද;

(iv) නව පළිබෝධ පාලන ක්‍රම වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබේද;

(v) කෘෂිකාර්මික ව්‍යසනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා සහ එයට විසඳුම් සෙවීම සඳහා අන්තර්-අමාත්‍යාංශ සම්බන්ධීකරණයක් ඇති කිරීමට රජය ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-08-07

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks