01

E   |     |  

 දිනය: 2026-02-05   පිළිතුර ලබා දී ඇත 

1064/2026: මත්පැන් බලපත්‍ර: විස්තර

1064/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන   අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      මත්පැන් විකිණීම සඳහා මේ වනවිට නිකුත් කර ඇති නීත්‍යානුකූල බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම බලපත්‍ර වර්ග කවරේද;

  (iii) එම බලපත්‍ර හිමියන්ගේ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ ඇති මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්කාගාර සංඛ්‍යාව කොපමණද;

(ii) ඒවායේ නම් කවරේද;

(iii) එම ස්කාගාර බලපත්‍ර හිමියන්ගේ නම් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) දේශීයව නිෂ්පාදනය කරනු ලබන මත්පැන් බෝතලයකින් අය කරනු ලබන බදු මුදල කොපමණද;

(ii) එමඟින් 2024 වර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුව උපයාගෙන ඇති මුළු බදු ආදායම කොපමණද;

(iii) 2024 වර්ෂය තුළදී අලෙවි කර ඇති මත්පැන් බෝතල් සංඛ්‍යාව කොපමණද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-02-05

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මත්පැන් විකිණීම සඳහා 2025.01.01 සිට 2025.12.31 දක්වා නිකුත් කර ඇති සංචාරක මණ්ඩල අනුමැතිය සහිත නව බලපත්‍ර සංඛ්‍යාව 142කි.

        (ii)      i.       ර.බී. 07 - සංචාරක මණ්ඩල අනුමත හෝටල් බලපත්‍ර.

                  ii.      ර.බී. 11 - සංචාරක මණ්ඩල අනුමත ‍භෝජනාගාර බලපත්‍ර.

iii. ර.බී. 22බී - සංචාරක මණ්ඩල අනුමත බියර්, ඒල්, ස්ටවුට් හා වයින් ස්ථානීය පරිභෝජනය සඳහා වූ බලපත්‍ර.

(iii) බලපත්‍ර හිමියන්ගේ නම් ඇමුණුම 01 මඟින් දක්වා ඇත. එය දීර්ඝ ඇමුණුමක්. එම නිසා ඇමුණුම 01 සභාගත* කරනවා.

 

(ආ) (i) මත්පැන් නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාර සංඛ්‍යාව 23කි.

(ii) එම ස්කාගාර හා නිෂ්පාදනාගාරවල නම් ඇමුණුම 02 මඟින් දක්වා ඇත.

ඇමුණුම 02

(iii) ස්කාගාර සහ නිෂ්පාදනාගාරවල බලපත්‍ර හිමියන්ගේ නම් ඇමුණුම 03 මඟින් දක්වා ඇත.

 

ඇමුණුම 03

(ඇ) (i) දේශීයව නිෂ්පාදනය කරනු ලබන මත්පැන් බෝතලයකින් අය කරනු ලබන බදු මුදල, මද්‍යසාර සැර 33.5%ක් වන අතිවිශේෂ අරක්කු මිලිලීටර් 750 බෝතලයක් සඳහා සුරා බද්ද රු.1,832/-කි.

(ii) සුරා බද්ද (මත්පැන්) රුපියල් බිලියන 213.39කි. (රු. 213,389,597,989කි. )

(iii)

මත්පැන් වර්ගය

ප්‍රමාණය

දේශීයව නිෂ්පාදිත අරක්කු මිලිලීටර් 750 ‍බෝතල්

29,734,328

දේශීයව නිෂ්පාදිත අරක්කු මිලිලීටර් 375 ‍බෝතල්

33,049,388

දේශීයව නිෂ්පාදිත අරක්කු මිලිලීටර් 180 ‍බෝතල්

95,009,539

දේශීයව නිෂ්පාදිත අරක්කු මිලිලීටර් 700 ‍බෝතල්

7,080

දේශීයව නිෂ්පාදිත විදේශීය මත්පැන් මිලිලීටර් 750 ‍බෝතල්

5,445,359

දේශීයව නිෂ්පාදිත විදේශීය මත්පැන් මිලිලීටර් 375 ‍බෝතල්

2,635,288

දේශීයව නිෂ්පාදිත විදේශීය මත්පැන් මිලිලීටර් 180 ‍බෝතල්

1,778,111

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks