01

E   |     |  

 දිනය: 2025-11-18   පිළිතුර ලබා දී ඇත 

1063/2025: වර්තමාන රජය යටතේ සහල් ආනයනය: විස්තර

1063/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්තමාන රජය බලයට පත් වීමෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය කොපමණද;

              (ii)       එම සහල් වර්ග කවරේද;

(iii) එම සහල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා අය කරන ලද බදු මුදල කොපමණද;

(iv) එමඟින් උපයාගෙන ඇති මුළු ආදායම කොපමණද;

(v) ආනයනය කරන ලද සහල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා පනවන ලද පාලන මිල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉදිරියේදී සහල් ආනයනය කිරීමට අපේක්ෂා කරන්නේද;

(ii) සහල් ආනයනය කිරීමෙන් දේශීය වී ගොවියාට සිදු වන බලපෑම කවරේද;

(iii) ඉදිරියේදී සහල් ආනයනය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන ජාතික වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-18

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      වර්තමාන රජය බලයට පත්වීමෙන්පසු මේ දක්වා (2024.11.18 දින සිට 2025.11.13 දක්වා) ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය ශ්‍රී ලංකා රේගු වාර්තාවලට අනුව සහල් මෙට්‍රික් ටොන් 263,878ක් වේ.

              (ii)

 

 

 

 

 

 

 

 

(iii) මෙසේ ගෙන්වන ලදන එක් එක් සහල් වර්ග කිලෝග්‍රෑම් එකක් සඳහා අය කරන ලද බදු මුදල පහත වගුවෙහි දක්වා ඇත.

 

 

 

 

 

 

(iv) වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව දක්වා ඇති පරිදි 2024.11.25 දින සිට 2025.10.31 දින දක්වා රේගු සංකේතාංක 1006.30.19 සහ 1006.30.29 යටතේ වර්ගීකරණය වන සහල් ආනයනය මත රජය උපයාගෙන ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බදු ආදායම රුපියල් මිලියන 14,686ක් වේ.

(v) ආනයනය කරන ලද සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවන ලද පාලන මිල පහතින් දක්වා ඇත.

ගැසට් නිවේදන  අංකය

දිනය

සහල් වර්ගය

කි.ග්‍රෑ. 1 සඳහා පාලන මිල

2459/12

2025.10.21

කැකුළු

210.00

 

 

නාඩු

220.00

 

 

සම්බා

230.00

 

 

පොන්නි සම්බා -GR 11

240.00

 

 

කීරි පොන්නි/ පාල් පොන්නි

255.00

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ආ) (i) දැනට අපේක්ෂා නොකරයි.

එසේ වුවද, බාස්මතී වැනි විශේෂිත සහල් වර්ග ආනයනය කිරීම සඳහා බාධාවක් නොමැත.

(ii) වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇතිවන අවස්ථාවන්හී දී පමණක් සහල් ආනයනය සිදු කිරීම පිළිබඳ සලකා බලන බැවින් දේශීය වී ගොවියාට බලපෑමක් සිදු නොවේ.

(iii) කෘෂිකර්ම අමාත්‍යාංශය දක්වන පරිදි,

1. දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙළ නව්‍යතාවෙන් යුතුව ශක්තිමත්ව ඉදිරියට සිදු ක‍රගෙන යාම.

  • දැනට හඳුන්වා දී ඇති ඉහළ අස්වනු දෙන වී ප්‍රභේද ප්‍රචලිත කිරීමට අමතරව විශේෂ වෙළෙඳ පොළ සඳහා ආනයනය කරනු ලබන සහල් සඳහා ආදේශක ලෙස සුදුසු ඉහළ ධාන්‍ය ගුණාත්මයෙන් යුතු (බාස්මතී ආකාර හා කීරි සම්බා ආකාරයේ) නව වී ප්‍රභේද නිපදවීම සඳහා පර්යේෂණ කටයුතු සිදු කිරීමත්, ඒ සඳහා අවශ්‍ය වන නව තාක්ෂණයන් ජනනය කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අඛණ්ඩව සිදු කරගෙන යනු ලබන අතර,

- අභිජනන බීජ වී සම්පූර්ණ අවශ්‍යතාවය සැපයීම තුළින් බීජ ගුණය ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීම හා බීජ ගුණාත්මය තහවුරු කිරීම.

- පොහොර කාර්යක්ෂමතාව වැඩි කිරීමේ ක්‍රම හඳුන්වා දීම.

- නව පරම්පරාවේ පොහොර භාවිතය ප්‍රචලිත කිරීම හා පස පරීක්ෂා කර පොහොර යෙදීම මඟින් තවදුරටත් අස්වැන්න ඉහළ නැංවීම.

- කම්කරු ශ්‍රමය හිඟවීම නිසා සීමා වී ඇති නිෂ්පාදාත භූමි යාන්ත්‍රීකරණය මඟින් කාර්යක්ෂමව භාවිත කිරීමට හැකි ක්‍රමවේද හඳුන්වා දීම.

- ඩ්‍රෝන තාක්ෂණය ඇතුළුව නව තාක්ෂණයන් හඳුන්වාදීම හා භාවිතය ප්‍රචලිත කිරීම ඔස්සේ තරුණයන් වී වගාව සඳහා ආකර්ෂණය කරවීම.                                                         

- යෙදැවුම් පිරිවැය අඩු කිරීම සඳහා රෝග හා පළිබෝධ පාලන ක්‍රමවේද, ජල කළමනාකරණය කාර්යක්ෂම කර ගැනීමේ ක්‍රමවේද, වල් වී පාලනය හා වල් පැළ පාලනය සඳහා කාර්යක්ෂම ක්‍රමවේද හඳුනා ගැනීම වැනි දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

2. දේශීය වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා "පුනරුදයට අරුණළු" වැඩසටහනට සමගාමීව සිදු කෙරෙන යාය වැඩසටහන

  • ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා 2025/2026 මහ කන්නයේ සිට "පුනරුදයට අරුණළු" ජාතික කෘෂිකර්ම වැඩසටහනට සමගාමීව වී නිෂ්පාදන යාය වැඩසටහන 2028 වර්ෂය දක්වා සැලසුම් කර ඇත. ඒ තුළින්          වී නිෂ්පාදනයේ ඵලදායීතාවය හෙක්‍ටයාරයකට මෙට්‍රික් ටොන් 4.8ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර ඇත.
  • වී නිෂ්පාදන යාය වැඩසටහන සඳහා අක්කර 509 බැගින් යුතු යාය 500ක් 2025/26 මහ කන්නයේදී තෝරාගෙන වී අස්වැන්න වැඩි කිරීමට හේතුවන තාක්ෂණික කරුණු 11න් සමන්විත තාක්ෂණික පැකේජයක් මෙම යාය සඳහා ක්‍රියාත්මක කරනු ලබයි. මෙම යාය සංඛ්‍යාව කන්නයෙන් කන්නයට වැඩි කරමින් 2028 වර්ෂය වන විට යාය 5,000 දක්වා වැඩි කර හෙක්ටෙයාර 100,000ක් ආවරණය කිරීමට සැලසුම් කර ඇත. එසේම මෙම යාය තුළ නිෂ්පාදනයේ ඵලදායීතාව 2028 වන විට හෙක්ටෙයාරයකට මෙට්‍රික් ටොන් 7ක් ලබා ගැනීමට අපේක්ෂිතය.  ඇමුණුම** - යාය සැලැස්ම -  බලන්න. 

වී නිෂ්පාදන යාය වැඩසටහනට සමගාමීව සිදු කරන ප්‍රවර්ධන කටයුතු මඟින් හා වී වගාවේ තාක්ෂණික පැකේජය භාවිත කිරීම තුළින් පහත පරිදි වී අස්වනු අපේක්ෂා කරනු ලැබේ.

 

 

 

 

 

මෙම නිෂ්පාදන දත්ත අනුව 2026 වර්ෂයේ සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇත. නමුත්, සහල් පිටි ආශ්‍රිත ආහාර කර්මාන්තය සහ සත්ව ආහාර සඳහා සහල් අවශ්‍යතාව වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් තව දුරටත් 2028 වර්ෂය දක්වා වී නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කර ඇත.

3. ගුණාත්මක හා තත්ත්වයෙන් උසස් බිත්තර වී සුලභතාව ඉහළ නැංවීම.

  • වී ප්‍රභේද ප්‍රචලිත කිරීමේ හා සුලභ කිරීමේ වැඩසටහනක් 2025/26 මහ කන්නයේදී වියළි හා අතරමැදි කලාපවලට හඳුන්වා දී ඇත. එහිදී තෝරාගත් වී ප්‍රභේද 12ක් ගොවි ක්ෂේත්‍රවල අක්කර 1/4 ස්වයං බිත්තර වී ආදර්ශන ලෙස වගා කිරීමසිදු කරයි. 2026 යල කන්නයේදී මෙම ආදර්ශන ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි කර එම ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-11-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks