පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1062/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමෙන් පසු මේ වනවිට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) එම වාහනවලින් අය කර ගත යුතු බදු මුදල එන්ජින් ධාරිතාවය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වාහන ආනයනය කිරීමෙන් උපයා ගැනීමට අපේක්ෂිත බදු මුදල සහ එයින් මේ වනවිට උපයා ගෙන ඇති බදු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවට නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමෙන් පසු මේ වනවිට ආනයනය කර ඇති ත්‍රීරෝද රථ සංඛ්‍යාව සහ යතුරු පැදි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ආනයනික ත්‍රීරෝද රථයකට අය කරනු ලබන බදු මුදල කොපමණද;
(iii) ආනයනික යතුරු පැදියකට අය කරනු ලබන බදු මුදල එන්ජින් ධාරිතාවය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-06
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 451,770යි.
(ii) මෝටර් රථ වාහන සඳහා අදාළ වන බදු හා එම බදු පනවා ඇති ආකාරය දැක්වෙන ගැසට් පත්‍ර පහත පරිදි වේ.
|
|
බදු වර්ගය |
අදාළ පනත |
ගැසට් පත්‍රය සහ දිනය |
|
01 |
රේගු බදු |
රේගු ආඥාපනත |
2324/49 - 24.03.2023 2436/10 - 15.05.2025 2452/03 - 01.09.2025 |
|
02 |
රේගු බදු මත අධිභාරය |
රේගු ආඥාපනත |
2421/43 - 31.01.2025 2434/03 - 28.04.2025 |
|
03 |
එකතු කළ අගය මත බදු (VAT) |
2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත |
2363/22 - 19.12.2023 |
|
04 |
වාහන හිමිකම් අය බද්ද |
2018 අංක 35 දරන මුදල් පනත (2019.01.01 දින සිට බලපැවැත්වේ) |
අදාළ නොවේ. |
ඒ අනුව ඉහත ගැසට් පත්‍රයන්හි රේගු ශීර්ෂ අංක 87.02, 87.03, 87.04 සහ 87.05 යටතේ මෝටර් වාහන වර්ගීකරණය වන අතර, එම එක් එක් රේගු ශීර්ෂය යටතේ වන රේගු සංකේතාංක ඉදිරියේ ඉහත ගැසට් පත්‍රවල සඳහන් කර ඇති බදු මුදල් අදාළ වනවා. ඒ කියන්නේ, ඒ ගැසට් පත්‍රවල නිසි පරිදි දක්වා තිබෙනවා, ඒ ඒ engine capacity එකට අදාළව කොපමණ මුදලක් අය කරනවාද කියලා. ඒ අනුව ඒ ගැසට් පත්‍රවල දක්වා තිබෙන විධියට තමයි මේ අය කිරීම් සිදු වන්නේ.
(iii)
|
බද්ද |
ඇස්තමේන්තුගත ආදායම (2025 අය වැය) රුපියල් බිලියන |
2025 දෙසැම්බර් 31 දිනට බදු ආදායම රුපියල් බිලියන |
|
ආනයන රේගු බදු සහ අධිභාරය |
66 |
148 |
|
එකතු කළ අගය මත බද්ද |
132 |
234 |
|
නිෂ්පාදන බද්ද |
230 |
461 |
|
වාහන හිමිකම් ගාස්තුව |
1 |
2 |
|
මෝටර් රථ මත සුඛෝපභෝගී බද්ද |
10 |
55 |
|
වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු |
2 |
4 |
|
එකතුව |
441 |
904 |
(ආ) (i) ත්‍රිරෝද රථ සංඛ්‍යාව - 22,407
යතුරුපැදි සංඛ්‍යාව - 313,989
(ii) රේගු ශීර්ෂ අංක 87.03 යටතේ ත්‍රිරෝද රථ වර්ගීකරණය වන අතර, එම රේගු ශීර්ෂය යටතේ වන රේගු සංකේතාංක ඉදිරියේ ඉහත ගැසට් පත්‍රවල සඳහන් කර ඇති බදු අදාළ වේ.
(iii) රේගු ශීර්ෂ අංක 87.11 යටතේ යතුරුපැදි වර්ගීකරණය වන අතර, එම රේගු ශීර්ෂය යටතේ වන රේගු සංකේතාංක ඉදිරියේ ඉහත ගැසට් පත්‍රවල සඳහන් කර ඇති බදු අදාළ වේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-01-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks