පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1062/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමෙන් පසු මේ වනවිට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) එම වාහනවලින් අය කර ගත යුතු බදු මුදල එන්ජින් ධාරිතාවය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වාහන ආනයනය කිරීමෙන් උපයා ගැනීමට අපේක්ෂිත බදු මුදල සහ එයින් මේ වනවිට උපයා ගෙන ඇති බදු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවට නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමෙන් පසු මේ වනවිට ආනයනය කර ඇති ත්‍රීරෝද රථ සංඛ්‍යාව සහ යතුරු පැදි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ආනයනික ත්‍රීරෝද රථයකට අය කරනු ලබන බදු මුදල කොපමණද;
(iii) ආනයනික යතුරු පැදියකට අය කරනු ලබන බදු මුදල එන්ජින් ධාරිතාවය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-06
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks