බලන්න

E   |     |  

 දිනය: 2026-08-06   පිළිතුර ලබා දී ඇත 

1037/2026: ලග්ගල පදිංචි කළ අවතැන් වූ ජනතාව: ජල පහසුකම්

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       කළු ගඟ-මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වූ ජනතාව පදිංචි කර ඇති ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ ජීවත්වන ජනතාවට ප්‍රමාණවත් ජල පහසුකම් නොමැතිව පීඩා විඳින බව දන්නේද;

(ii) එසේ නම්, එම ජනතාව මුහුණදී ඇති ජල ගැටලුව විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-08-06

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මොරගහකන්ද හා කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අවතැන් වූ නැවත පදිංචි කළ ජනතාවට සහ එම ප්‍රදේශවල දැනට පදිංචිව සිටින ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළ අතර මේ වනවිට එහි වැඩකටයුතු අවසන් කර 2026.07.01වන දින සිට ප්‍රතිලාභී පවුල් සඳහා ජල සම්බන්ධතා ලබා දීම ආරම්භ කර ඇත. ඒ අනුව ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ග්‍රාම නිලධාරි වසම් 21ක ජීවත් වන පවුල් 6,800කට නව ජල සැපයුම් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks