පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-07
අසන ලද්දේ
ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1988 වර්ෂය.
(ii) 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනතේ 22වන වගන්තිය මඟින් දක්වා ඇති අතර, එහි මෙසේ සඳහන් කර ඇත.
මෙම පනත යටතේ වරදකට වරදකරුවකු වන සෑම තැනැත්තෙකුම මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් 2,500කට නොඅඩු වූද, රුපියල් 5,000කට නොවැඩි වූද දඩයකට හෝ මාස 6ක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ යටත් විය යුතුය;
තවද, දෙවන හෝ තදනන්තර වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් 5,000කට නොඅඩු වූද, රුපියල් 10,000කට නොවැඩි වූද දඩයකට හෝ මාස 12ක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ තැනැත්තා යටත් විය යුතුය.
(iii) ඔව්.
ආනයනය කරනු ලබන සියලුම පොහොර ආනයනයට පෙර ජාත්‍යන්තර රසායනාගාරයකින් ලබා ගත් ප්‍රමිති සහතිකයක් සහ ආනයනයට පසුව වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර ප්‍රතීතකරණය කරන ලද රසායනාගාරයකින් ප්‍රමිතිය තහවුරු කිරීමෙන් පසු පමණක් අළෙවි කිරීම සඳහා අවසරය දෙනු ලැබේ. එයට අමතරව රට තුළ නිෂ්පාදනය කරනු ලබන සියලුම රසායනික, කාබනික සහ දෙමුහුම් පොහොර සඳහා බලපත්‍ර ලබා දීමේදී රසායනාගාර විශ්ලේෂණයට ලක් කර ප්‍රමිතිය තහවුරු කිරීමෙන් පසු වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා අවසර දෙනු ලැබේ.
(iv) ඔව්.
ශ්‍රී ලංකාව තුළ කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම උදෙසා ජාතික පොහොර ලේකම් කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සමඟ එක්ව කටයුතු කරනු ලබයි. මෙමඟින් සාම්ප්‍රදායික කාබනික පොහොර නිෂ්පාදකයින් කාබනික පොහොර ව්‍යවසායකයින් බවට පත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය, පුහුණු කිරීම, වැඩිදියුණු කරන ලද කාබනික කැට පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය සහ පෝෂක අනුපාත ඉහළ නැංවීම සඳහා හා පාංශු හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ ගහනය ඉහළ නැංවීම සඳහා කාබනික දියර හා ජෛව කාබනික දියර පොහොර සමඟ මිශ්‍ර කර නව නිෂ්පාදන කටයුතු කිරීම කර ඇත. 2024 වර්ෂයේ කාබනික පොහොර නිෂ්පාදකයින් 54ක පිරිසක්, 2025 වර්ෂයට අදාළව 2025.06.30 දින වන විට කාබනික පොහොර නිෂ්පාදකයින් 15ක පිරිසක් ද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත.
ඊට අදාළ තවත් ක්‍රියාවලි සිදු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks