පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් සහ කළමනාකරණ සේවා නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(ii) දෙපාර්තමේන්තු සහ පළාත්වලට සංවර්ධන නිලධාරින් බෙදී යාම පිළිබඳව මෑතකදී සමාලෝචනයක් සිදුකර තිබේද;
(iii) එසේ නම්, එහි ප්‍රධාන සොයාගැනීම් කවරේද;
(iv) සංවර්ධන නිලධාරි සේවයට තවමත් විධිමත් ලෙස අනුමත කරන ලද සේවා ව්‍යවස්ථාවක් නිකුත් කර නොමැතිද;
(v) එසේ නම්, එවැනි ප්‍රමාදයකට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-07
අසන ලද්දේ
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සංවර්ධන නිලධාරින් - 79,173යි.
කළමනාකාරණ සේවා නිලධාරින් - 26,330යි.
(ii) රාජ්‍ය සේවයේ සියලුම සේවක සංඛ්‍යාවන් පිළිබඳව සමාලෝචනයක් සිදු කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ පවතින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් වේ. කෙසේ වෙතත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අනුයුක්තව සේවය කරන ඒකාබද්ධ සේවයට අයත් සංවර්ධන නිලධාරින්ගේ 2025.06.01 දිනට පුරප්පාඩු හා අතිරික්ත සංඛ්‍යාවන් පිළිබඳ තොරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ලබාගෙන තිබෙනවා. එක් එක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු යටතේ අනුයුක්ත සංවර්ධන නිලධාරින් එම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සේවක සංඛ්‍යාවන් යටතේ පවත්වාගෙන යනු ලබන අතර, ආයතන ප්‍රධානින් විසින් යොමු කරනු ලබන පුරප්පාඩු ලිපි අනුව එම අමාත්‍යාංශ හෝ දෙපාර්තමේන්තු වෙත නිලධාරින් අනුයුක්ත කිරීම සිදු කරනු ලබනවා.
(iii) 2025.06.01 දින වනවිට ඒකාබද්ධ සේවයේ සංවර්ධන නිලධාරි සේවයට අයත් නිලධාරින්ගෙන් ස්වදේශ කටයුතු අංශය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම්
කාර්යාලවල සේවය කරන නිලධාරින් සැලකූ විට ඇතැම් දිස්ත්‍රික්ක තුළ සංවර්ධන නිලධාරින් අතිරික්තවද, ඇතැම් දිස්ත්‍රික්ක තුළ සංවර්ධන නිලධාරි සේවයේ පුරප්පාඩු පවතින බවද එමඟින් නිරීක්ෂණය වේ.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්ක තුළ විවිධ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු යටතේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර අදාළ පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමට එම දිස්ත්‍රික්කයන්හිම සිටින අතිරික්ත සංවර්ධන නිලධාරින් නම් කර යොමු කරන මෙන් දන්වා තිබෙනවා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරි ලෙස රාජකාරි කටයුතු කිරීම සඳහා පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පිරවීමට මේ වනවිටත් කටයුතු කරමින් තිබෙන අතර, තවදුරටත් අවශ්‍ය නිලධාරින් අනුයුක්ත කිරීමට කටයුතු සිදු වෙමින් පවතී. ඉදිරියේදී අනුමත සේවා සංඛ්‍යාවන් අනුව ආයතනවලට නිලධාරින් අනුයුක්ත කිරීම අත්‍යවශ්‍ය වන බැවින් අතිරික්ත නිලධාරින් පුරප්පාඩු තනතුරු සඳහා ක්‍රමානුකූලව යොමු කිරීමට කටයුතු කරනු ලැබේ.
(iv) සංවර්ධන නිලධාරි සේවයට විධිමත් සේවා ව්‍යවස්ථාවක්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2012.02.14 දිනැති අංක 1745/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලද අතර, එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2012.09.07 දිනැති අංක 1774/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධනය කර ඇත.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks