01

E   |     |  

 දිනය: 2025-07-25   පිළිතුර ලබා දී ඇත 

1018/2025: පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය: විස්තර

1018/2025

ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       පොළොන්නරුව, හිඟුරක්ගොඩ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තිබෙන බව දන්නේද;

            (ii)       2024 වර්ෂයේදී එම ක්‍රීඩාංගනයේ උත්සවයක් පැවැත්වූ අතර ඒ සඳහා විශාල මුදලක් අනවශ්‍ය ලෙස වැය කර ඇති බව පිළිගන්නේද;

(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේද;

(iv) නොඑසේ  නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පොළොන්නරුවේ ජාතික ක්‍රීඩාංගනයක් තිබෙන බව දන්නේද;

(ii) එම ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

(iii) ඉදිකිරීමේ දුර්වලතා හේතුවෙන් එම ක්‍රීඩාංගනයේ කොටස් ගණනාවක් කඩා වැටී ඇති බව දන්නේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-07-25

අසන ලද්දේ

ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)            (i)      පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය නමින් ක්‍රීඩාංගණයක් පවතී.

              (ii)      2024 වර්ෂයේ මෙම ක්‍රීඩාංගණයේ උත්සවයක් ලෙස පැවැත්වූයේ ක්‍රීඩාංගණය විවෘත කිරීම සඳහා‍ පැවති ප්‍රදර්ශන තරගය පමණි. 

              (iii)      නැත.

              (iv)      සොයා බලා අවශ්‍ය නම් පරීක්ෂණයක් ආරම්භ කරමි.

(ආ)          (i)      පොළොන්නරුව, ගල්ලෑල්ල ක්‍රීඩා සංකීර්ණය ජාතික ක්‍රීඩා සංකීර්ණයක් ලෙස නම් කළද එය දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයක් බැවින්, දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

(ii) ක්‍රීඩාංගණය සඳහා රුපියල් මිලියන 42ක මුදලක් වැය කර ඇති අතර, ක්‍රීඩා සංකීර්ණය සඳහා රුපියල් මිලියන 583ක මුදලක් වැය කර ඇත.

(iii) ඔව්. ක්‍රීඩාංගණය වටා අලි වැට ඉදිකිරීමට පෙර අලින් විසින් වොලිබෝල් ක්‍රීඩා පිටියේ ආවරණ කඩා බිඳ දමා ඇත.

(iv) 2025 වසරේ ක්‍රීඩා සංකීර්ණවල නඩත්තු කටයුතු යටතේ කැඩී ඇති කොටස් පිළිසකර කිරීමට අපේක්ෂිතය.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-07-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks