පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1011/2025
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2020 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියට වාර්තාවී ඇති මුළු සයිබර් මූල්‍ය අපරාධ පැමිණිලි සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2020 වර්ෂයේ සිට මේ දක්වා උතුරු පළාත තුළ ශ්‍රී ලංකා පොලිසියට වාර්තාවී ඇති මුළු සයිබර් මූල්‍ය අපරාධ පැමිණිලි සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම නිල සයිබර් අපරාධ වාර්තා කිරීමේ වේදිකා හෝ පොලිස් සයිබර් අපරාධ ඒකක හරහා ලැබුණු අන්තර්ජාල බැංකු වංචා, තතු බෑම (Phishing) සහ අනවසර විද්‍යුත් අරමුදල් හුවමාරු කිරීම් වැනි මූල්‍ය වංචාවලට අදාළ පැමිණිලි සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ග්‍රාමීය හා අවම පහසුකම් සහිත ප්‍රදේශවල, විශේෂයෙන්ම උතුරු පළාතේ සිදුවන සයිබර් මූල්‍ය අපරාධ පිළිබඳව වාර්තා කිරීමට මහජනතාවට ඇති ප්‍රවේශය පුළුල් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-20
අසන ලද්දේ
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
වාර්තා වී ඇති මුළු සයිබර් මූල්‍ය අපරාධ සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව |
|
2020 |
24 |
|
2021 |
577 |
|
2022 |
654 |
|
2023 |
472 |
|
2024 |
1539 |
|
2025.10.31 දක්වා |
2368 |
|
එකතුව |
5634 |
(ii)
|
වර්ෂය |
වාර්තා වී ඇති මුළු සයිබර් මූල්‍ය අපරාධ සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව |
|
2020 |
- |
|
2021 |
02 |
|
2022 |
03 |
|
2023 |
02 |
|
2024 |
03 |
|
2025.10.31 දක්වා |
41 |
|
එකතුව |
51 |
(iii)
|
දිස්ත්‍රික්කය |
අන්තර්ජාල බැංකු වංචා සම්බන්ධව පැමිණිලි සංඛ්‍යාව |
තතු බෑම (phishing) සම්බන්ධව පැමිණිලි සංඛ්‍යාව |
අනවසර විද්‍යුත් අරමුදල් හුවමාරු කිරීම් සම්බන්ධව පැමිණිලි සංඛ්‍යාව |
එකතුව |
|
යාපනය |
39 |
- |
03 |
42 |
|
මන්නාරම |
- |
- |
- |
- |
|
කිලිනොච්චිය |
04 |
- |
- |
04 |
|
මුලතිව් |
01 |
- |
- |
01 |
|
වව්නියාව |
04 |
- |
- |
04 |
|
එකතුව |
51 |
|||
(iv) උතුරු පළාත ආවරණය වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ විමර්ශන උප ඒකකයක් යාපනය මූලස්ථාන පොලිස් ස්ථානයේ 2025.04.25 දින සිට ස්ථාපිත කර ඇත. එයට අමතරව බස්නාහිර පළාත ආවරණය වන පරිදි පරිගණක අපරාධ විමර්ශන මූලස්ථානය ස්ථාපිත කර ඇති අතර, මධ්‍යම පළාත ආවරණය වන පරිදි මහනුවර උප ඒකකය ද, දකුණු පළාත ආවරණය වන පරිදි මාතර උප ඒකකය ද, නැඟෙනහිර පළාත ආවරණය වන පරිදි මහඔය උප ඒකකය ද, වයඹ පළාත ආවරණය වන පරිදි වාරියපොළ උප ඒකකය ද, උතුරුමැද පළාත ආවරණය වන පරිදි අනුරාධපුර උප ඒකකය ද වශයෙන් පරිගණක අපරාධ විමර්ශන උප ඒකක ස්ථාපිත කර විමර්ශන කටයුතු සිදු කරයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-11-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks