පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
997/2025
ගරු නිශාන්ත පෙරේරා මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත පිහිටුවීම සඳහා පුද්ගලයන් වෙත ඉඩම් ලබා දී තිබේද;
(ii) එසේ නම්, එම ඉඩම්වල මේ වනවිට පිහිටුවා ඇති කර්මාන්තශාලා සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ඉඩම් ලබා දුන් ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-23
අසන ලද්දේ
ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii)
|
අ.අ |
කර්මාන්ත ශාලාව |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
|
01 |
සැම්සන් රබර් නිෂ්පාදන (පුද්) සමාගම |
අක්මීමන (05) |
|
02 |
ඩී. සැම්සන් කර්මාන්ත ආයතනය |
|
|
03 |
ස්ටාර් පැෂන් ක්ලෝතින් පුද්ගලික සමාගම |
|
|
04 |
සී/ස ක්ලැසික් කාර්ස් (පුද්) සමාගම |
|
|
05 |
සුජීව ෆාම් හවුස් |
|
|
06 |
දීපා ගාර්මන්ට් පුද්ගලික සමාගම |
ඇල්පිටිය (03) |
|
07 |
බෙටන්ස් ගෲප් ඔෆ් කම්පැනි පුද්. සමාගම |
|
|
08 |
කාර්මික සංවර්ධන මණ්ඩලය (කර්මාන්තපුර) |
|
|
09 |
ජෝ ලංකා පුද්ගලික සමාගම |
බද්දේගම (02) |
|
10 |
ස්ටාර් ගාමන්ට් පුද්ගලික සමාගම |
|
|
11 |
කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාව |
තවලම (01) |
|
12 |
බී. ලෝරන්ස් ද සිල්වා - දියර පොහොර ව්‍යාපෘතිය |
රත්ගම (01) |
(iii) 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 22(1) ආ වගන්තිය යටතේ බදු පදනම මත බැහැර කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks