පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
983/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල ඇතුළු සියලුම කාර්යාලවල සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) මණ්ඩලයේ සේවය කරනු ලබන සේවකයන්ගේ වැටුප් සහ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් නොපිරිහෙලා ලබා දිය යුතු බව පිළිගන්නේද;
(iii) වැටුප් කප්පාදු කිරීමක් සම්බන්ධයෙන් මණ්ඩලයේ සේවකයන් පසුගිය දිනවල උද්ඝෝෂණයක නිරතවූ බව දන්නේද;
(iv) එසේ නම්, එම වැටුප් කප්පාදු කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-25
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල ඇතුළු සියලුම කාර්යාලවල සේවය කරනු ලබන සේවකයින් සංඛ්‍යාව 2025.08.31 දිනට 837කි.
(ii) රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය මඟින් වරින් වර නිකුත් කරනු ලබන චක්‍රලේඛ ප්‍රකාරව හා ව්‍යවස්ථාපිත වගකීමක් වශයෙන් මණ්ඩලයේ සේවයේ නියුතු සේවකයින්ගේ වැටුප් හා ඔවුන්ට අවශ්‍ය අනෙකුත් ගෙවීම්, පඩි නඩි ලබා දිය යුතු බව පිළිගන්නවා.
(iii) කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2025 මඟින් රජයේ සියලුම සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට වැටුප් වැඩිවීමක් ලබා දී ඇත. එකී චක්‍රලේඛයේ අනු අංක 3:3 අනුව, 2025.01.01 දිනට නිලධාරින්ට අදාළ වැටුප තීරණය කිරීමේදී, 2006.01.01 දින හෝ එදිනට පසු සිදු කළ වැටුප් සංශෝධන අනුව වැටුප් සැකසීම හා නිලධාරින්ට අදාළ වැටුප් පරිවර්තනය නිවැරදිව සිදු කර ඇති බවට අදාළ බලධාරින් තහවුරු කර ගත යුතුයි.
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවකයින් සඳහා 2006.01.01 දිනට වැටුප් පරිවර්තනය කිරීමේදී මෙන්ම 2013 සහ 2015 වර්ෂයන්වලදී ද අදාළ චක්‍රලේඛයන් ප්‍රකාරව කටයුතු නොකර අවිධිමත් ආකාරයට වැටුප් වැඩි කරදීම් තුළින් මණ්ඩලය තුළ යම් වැටුප් විෂමතාවක් මතු වී තිබේ.
ඒ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 01/2025 චක්‍රලේඛයේ අනු අංක 3:3 ප්‍රකාරව වැටුප නිවැරදි කර ගෙවීම් කිරීමට පියවර ගෙන තිබේ.
මේ පිළිබඳව අසතුටට පත් සේවක සංගම් කිහිපයක් මඟින් 2025 ජූනි මාසයේදී උද්ඝෝෂණයක නිරත වෙලා තිබෙනවා. එම පාර්ශ්වයන් විසින් අභියාචනාධිකරණයේ CA/WRIT/709/2025 යටතේ නඩුවක් පවරා පවත්වා ගෙන යමින් තිබෙනවා.
(iv) සේවක වැටුප් කප්පාදුවක් කිසිසේත්ම සිදු වී නැහැ. ඒ වාගේම කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2025හි ප්‍රතිපාදන අනුව කටයුතු කර නිවැරදිව වැටුප් සකසා මණ්ඩලයේ සේවකයින් අතර පැවති වැටුප් විෂමතාව ඉවත් කර ඇත.
මෙම හේතුව මත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ විධිමත් අනුමැතියකින් තොරව ඊට කලින් වැටුප් වැඩි කර තිබූ සේවක සංඛ්‍යාවකගේ වැටුප්, 01/2025 චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව නිවැරදිව සකස් කිරීමේදී එම සේවකයන් හට ඉහත කී විධිමත් අනුමැතියකින් තොරව ප්‍රදානය කර තිබූ වැටුප් වර්ධකවල වටිනාකම අඩු කිරීම හේතුවෙන් 01/2025 චක්‍රලේඛය අනුව සිදු කරන ලද වැටුප් වැඩි කිරීම සංඛ්‍යාත්මකව විද්‍යමාන නොවීම පමණක් සිදු වී ඇත.
ඒ අනුව, මණ්ඩලය තුළ 2006 වර්ෂයේ සිට අවස්ථා කිහිපයකදීම විධිමත් අනුමැතියකින් තොරව සේවකයින්ට වැටුප් වර්ධක ලබා දීම මඟින් හටගෙන තිබූ වැටුප් විෂමතාව ඉවත් කර සියලු සේවකයින් නීත්‍යනුකූලව නිවැරදි වැටුප් තලයන්හි පිහිටුවා 01/2025 චක්‍රලේඛ ප්‍රකාරව ලබා දී තිබූ වැටුප 2025 මැයි මස සිට ගෙවීම් කිරීමට කටයුතු කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-09-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks