පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-21
අසන ලද්දේ
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ආදේශකයන් 1,848ක් මේ වනවිට ලියාපදිංචි වී සිටී.
(ii) මෙම ලියාපදිංචි ආදේශකයන් 2012, 2014, 2017, 2018 සහ 2021 වසරවල ලියාපදිංචි කර ඇති අය වේ.
(iii) තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින තැපැල් සහායක පුරප්පාඩු 1,982ක් සඳහා ලියාපදිංචි ආදේශකයන් අතරින් පත්වීම් සිදු කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් අනුමැතිය ඉල්ලුවා. එම ඉල්ලීමට අනුව පුරප්පාඩු 1,000ක් පිරවීම අනුමත කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර, අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනය සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීමේ කමිටුවේ අනුමැතියට ඉදිරිපත් කළා.
ගරු මන්ත්‍රීතුමනි, ඒ අනුව ලියාපදිංචි ආදේශකයන් 1,000ක් ස්ථිර කිරීම සඳහා මීට සති දෙකකට කලින් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අයගේ ජ්‍යෙෂ්ඨතාව අනුව බඳවා ගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනවා. තව මාසයක් තුළ එ් ලියාපදිංචි ආදේශකයන් 1,000 තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවකයන් හැටියට බඳවා ගැනීමේ හැකියාවක් පවතිනවා.
(iv) ඔව්.
(v) බඳවා ගැනීම් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඉල්ලා තිබුණා. ඉන් 1,000ක් බඳවා ගැනීම නිර්දේශ කර, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනය සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීමේ කමිටුවේ අනුමැතිය සඳහා යොමු කළා. ඒ අනුව, අලුතින් ලියාපදිංචි ආදේශකයන් 1,000ක් බඳවා ගන්නත් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ අනුව අපි අදාළ කටයුතු සිදු කරනවා. ඒකට නම් මාසයකට වැඩි කාලයක් ගතවෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks