පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-11
අසන ලද්දේ
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ දේශීය ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා වාර්ෂික අබලි ලෝහ අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 21,600ක් පමණ වනවා. කර්මාන්තකරුවන්ට වඩා වැදගත් වන්නේ, දේශීයව ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලෝහ වර්ග, ඒ කියන්නේ, තඹ, ඇලුමිනියම්, යකඩ වාගේ ලෝහ වර්ග භාවිත කිරීමයි.
මේක තමයි ලෝකයේත් practice එක. මොකද, ඒකෙන් විදේශ විනිමය ආරක්ෂා වෙනවා වාගේම පරිසරය ආරක්ෂා වීමත් සිදු වෙනවා. හැම රටක්ම උත්සාහ කරනවා තමන් භාවිත කරන ලෝහ නැවත නැවත භාවිත කරන්න. එතකොට, අවශ්‍ය ඉතිරි ප්‍රමාණය තමයි ආනයනය කරන්නේ. අපේ ලංකාවේ තිබෙන ගැටලුව තමයි, මේ ලෝහ ප්‍රමාණයන් අපේ රටින් පිටට යන එක. දැනට මේ තිබෙන අබලි ලෝහ ප්‍රමාණය මදි. එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ මේ කියන අපනයන ක්‍රියාවලිය නිසා. දැනට පවතින ක්‍රමය තමයි, රජයේ ආයතනවල තිබෙන අබලි ලෝහ, එනම් යකඩ, ඇලුමිනියම් ආදිය එකතු කරලා IDB එක හරහා ඒ කර්මාන්තකරුවන්ට ලබා දීම. නමුත්, ඒ කර්මාන්තවලින් කරන ඉල්ලුමට සාපේක්ෂව අබලි ඇලුමිනියම් ලබා දෙන්න කිසිදු හැකියාවක් මේ දක්වා තිබිලා නැහැ. 2022දී අබලි ඇලුමිනියම් මෙට්‍රික් ටොන් 3,500ක් පමණ ඉල්ලා තිබෙනවා; 2024දී මෙට්‍රික් ටොන් 5,400ක් පමණ ඉල්ලා තිබෙනවා. නමුත් IDB එකට ලබා දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ සියයට තුනක වාගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ, අබලි ඇලුමිනියම් මෙට්‍රික් ටොන් 168ක් තමයි 2024දී ලබා දීලා තිබෙන්නේ.
අනෙක් කාරණය තමයි, ඒ ලෝහ රටින් පිට වන එක වළක්වන එක. ගරු මන්ත්‍රීතුමියනි, මේ කාරණා දෙකට අදාළව ක්‍රියාමාර්ග ගෙන තිබෙන විධිය අනුව තමයි ඒ ප්‍රශ්නයට විසඳුම ලැබෙන්නේ. දැනට රජයෙන් ලබාගන්නා අබලි ඇලුමිනියම් ප්‍රමාණය මදි වීමත්, ලංකාවෙන් පිටට යන ප්‍රමාණය වැඩි වීමත් නිසා තමයි අබලි ඇලුමිනියම් ප්‍රමාණවත්ව ලබා දීමට දැනට නොහැකි වෙලා තිබෙන්නේ.
(ii) ඇලුමිනියම්, ව්‍යාජ ලෙස අගය එකතු කරන ලද නිෂ්පාදන ලෙස අපනයනය කිරීම වැළැක්වීම සඳහා වන නීතිමය කාරණාවක් තිබෙනවා, ඒ අබලි ඇලුමීනියම්, එහෙම නැත්නම් ඒ අබලි ලෝහ, ලෝහ විධියට යවන්න බැහැ කියලා; ලෝහ ආශ්‍රිත නිෂ්පාදන විදේශයන්ට යවන කොට කර්මාන්ත අමාත්‍යාංශයෙන් අනුමැතියක් ගන්න ඕනෑ කියලා. ඒ වාගේම, ඒ සම්බන්ධයෙන් කමිටුවක් ද පත් කර තිබෙනවා. නමුත්, ඒ ක්‍රියාවලියත් මේ දක්වා හරියාකාරව සිදු කර ගන්න බැරි වෙලා තිබෙනවා; එහිදී අවභාවිතාවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා 2024දී කමිටුවක් පත් කරලා ඒ කමිටුවෙන් වාර්තාවක් අරගෙන තිබෙනවා. දැනට කරන කටයුත්ත තමයි, කවුරු හරි ලෝහ ආශ්‍රිත නම් කරන ලද නිෂ්පාදනයක් යවනවා නම්, ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීම. ඒ සඳහා licensing ක්‍රමයක් තිබෙනවා. නමුත් අපට දැනට අවබෝධයක් තිබෙනවා, ඒ භාණ්ඩවලට අමතර ප්‍රමාණයක් මේ රටින් පිට වෙනවා කියලා. එය වැළැක්වීම සඳහා අලුත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ලබන දෙසැම්බර් මාසයේ ඉඳලා අලුත් HS codes ප්‍රමාණයක් අපි මුදල් අමාත්‍යාංශයට යවා තිබෙනවා, ඒ ටිකත් මේ licensing ක්‍රමයට ඇතුළත් කරන්න කියලා.
(iii) ඉහත අංක (i) හා (ii) අනුව ව්‍යාජ ලෙස අගය එකතු කරන ලද නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට එරෙහිව ගනු ලබන පියවර ක්‍රියාත්මක කිරීම මඟින් ඇලුමිනියම් කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගනු ලබයි.
(අ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks