පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
957/2025
ගරු අජිත් ගිහාන් මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය කාලයේදී, පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ තීරයෙන් නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය, මත්කුඩු හා වෙනත් භාණ්ඩ රට තුළට ගෙන් වූ බවත්;
(ii) එම නීති විරෝධී ක්‍රියා මේ වනවිටත් සිදු කරමින් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-05
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) වරින් වර එවැනි අවස්ථා නිරීක්ෂණය වේ.
(ආ) * හලාවත කොට්ඨාසයේ, වෙන්නප්පුව සිට පුත්තලම කොට්ඨාසයේ වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශය දක්වා වූ වෙරළ තීරයේ මුහුදු මාර්ගයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ රැගෙන එන බැවින්, එම මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි ඒ ඒ පොලිස් ස්ථාන මඟින් රාත්‍රී ජංගම සංචාර, දිවා යතුරු පැදි සංචාර හා වෙනත් සංචාර මඟින් සැක කටයුතු පුද්ගලයන් හා වාහන පරීක්ෂාව සිදු කිරීම සහ පෞද්ගලික ඔත්තුකරුවන්, බුද්ධි අංශ නිලධාරින් හා විශේෂ කාර්යාංශ නිලධාරින් මඟින් තොරතුරු ලබා ගනිමින් මෙහෙයුම් සිදු කිරීමද, නාවික හමුදා නිලධාරින්ගේද සහාය ලබා ගනිමින් වැටලීම් රාජකාරි සිදු කිරීම.
* ස්ථිර මාර්ග බාධක හා ක්ෂණික මාර්ග බාධක මඟින් නිරතුරුව වාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීම්වලට ලක්වන අතර, ඒ මඟින් මුහුදු මාර්ග ඔස්සේ ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධී ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
* නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලීසිය අතර ඒකාබද්ධ මෙහෙයුම් වැඩි කිරීමට පියවර ගැනීම හා මනා සම්බන්ධීකරණය පවත්වා ගැනීම.
* ධීවර තොටුපොළ පරීක්ෂා කිරීමට විධිමත් වැඩ පිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
* මහජන ආරක්ෂක කමිටු මඟින් හා ඔත්තුකරුවන් මඟින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ පෙර වැරදිකරුවන් සම්බන්ධව තොරතුරු ලබා ගැනීමේ ක්‍රමයක් සකස් කර තිබීම.
* වෙරළ තීරය ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් විසින් එම ප්‍රදේශ ආවරණය වන පරිදි නිරන්තර විමර්ශන හා ආවේක්ෂණ රාජකාරි සඳහා නිලධාරින් යොමු කරමින් විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු අඩාළ කිරීමට හා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම.
* විෂ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් වන ආදීනව පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය හා එක්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් වැඩසටහනක් සකස් කර ඇති අතර, එය ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.
* ශ්‍රී ලංකා පොලීසිය සඳහා වෙරළ තීරයේ ගමන් කළ හැකි වාහන - ATV / UTV - ලබා ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කිරිම.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-08-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks