පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-23
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කය ගත් විට ඉරණවිල, අඹකඳවිල, ඉලන්තඩිය, ආලංකුඩා, කුඩාව, කන්දකුලිය හා කරුකපනේ වෙරළ තීර මේ වන විට ඛාදන තත්ත්වයට මුහුණ පා ඇත. නිරිතදිග මෝසම් සමය හා වරින් වර ඇති වන මුහුදු කුණාටු තත්ත්ව යන ස්වාභාවික හේතු මත මෙම වෙරළ ඛාදන තත්ත්වයේ තීව්‍රතාව වැඩි වී ඇත. වෙරළ ඛාදනය හේතුවෙන් වෙරළබඩ දේපොළ හා ඉඩම් හානි වීම, ජීවනෝපාය මාර්ගවලට ගැටලු පැන නැඟීම ආදී අහිතකර බලපෑම් සිදු වේ.
(ii) වෙරළ ඛාදනයට පිළියම් ලෙස ලොව පිළිගත් සාර්ථකම විද්‍යාත්මක විසඳුම, ගැඹුරු මුහුද කැනීම තුළින් ලබා ගත් වැලි මඟින් වෙරළ ප්‍රතිපෝෂණය කිරීමයි. නමුත් ඒ සඳහා අවශ්‍ය වියදම් දැරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට හැකියාව දැනට රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකීමේදී දුෂ්කර වී ඇති බැවින්, වෙරළාරක්ෂක ව්‍යුහය ඉදි කිරීම වැනි දෘඪ විසඳුම් ක්‍රියාත්මක කිරීම මඟින් වෙරළ ඛාදන තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු වී ඇත.
(ආ) පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ ඛාදන ගැටලු වළක්වාලීම සඳහා මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා 2026 වර්ෂය සඳහා යෝජිත වැඩ විස්තරය පහත පරිදි වේ.
i) 2025 වසරේ ක්‍රියාත්මක වැඩසටහන්
වැඩසටහන් විස්තරය ඇස්තමේන්තු අනුව වෙන් කර ඇති ප්‍රතිපාදන (රුපියල් මිලියන)
1. උඩප්පුව උතුර මීටර් 200
වෙරළාරක්ෂක රිවෙට්මන්ට්
ව්‍යුහය ඉදි කිරීම 10.5
(2024 වසරේ සිට
ක්‍රියාත්මක වන වැඩ අයිතමයකි)
2. මූදුකටුව ධීවර තොටුපොළ,
T දියකඩන ව්‍යුහය ඉදි කිරීම හා 20.00
රිවට්මන්ට් ව්‍යුහය
ප්‍රතිසංස්කරණය කිරීම
3. ලංසිගම මීටර් 80 දියකඩන
ව්‍යුහය ප්‍රතිංස්කරණය කිරීම 20.00
4. හදිසි වෙරළාරක්ෂය ව්‍යුහ
ඉදි කිරීම - කරුකපනේ 12.00
සහ ඉරණවිල
2025 වර්ෂය සඳහා
පුත්තලම දිස්ත්‍රික්කයට 62.50
වෙරළාරක්ෂක ඉදි කිරීම්
සඳහා වෙන් කර ඇති මුදල
ii) 2026 වසරට යෝජිත වැඩසටහන්
වැඩසටහන් විස්තරය අපේක්ෂිත ප්‍රතිපාදන (රුපියල් මිලියන)
1. ඉරණවිල - අඹකඳවිල ග්‍රොයින
ශ්‍රේණිය ඉදිකිරීම 18.0
2. කල්පිටිය, තුඩාව වෙරළ තීරයේ
වෙරළාරක්ෂක රිවෙට්මන්ට් 19.0
ව්‍යුහය ඉදිකිරීම්
3. ආරච්චිකට්ටුව, කරුකපනේ
වෙරළාරක්ෂක රිවෙට්මන්ට් 16.0
ව්‍යුහය ඉදිකිරීම්
4. උඩප්පුව දකුණ වෙරළාරක්ෂක
රිවෙට්මන්ට් ව්‍යුහය ඉදිකිරීම් 20.0
හා ග්‍රොයින ප්‍රතිසංස්කරණය
2026 වර්ෂය සඳහා පුත්තලම
දිස්ත්‍රික්කයට වෙරළාරක්ෂක ඉදිකිරීම්
සඳහා අපේක්ෂිත මුදල 73.0
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks