පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
955/2025
ගරු සුජීව දිසානායක මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ මහාමාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් සංඛ්‍යාව, දුම්රිය මාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් සංඛ්‍යාව සහ ඉදිකර ඇති උමං මාර්ග සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා ඉදිකිරීම සඳහා වැයවී ඇති මුදල කොපමණද;
යන්න එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඉදිකර ඇති ගුවන් පාලම් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා ඉදිකර ඇති ස්ථාන කවරේද;
(iii) උතුරු දිග දුම්රිය මාර්ගයේ, මහව මංසන්ධිය හරහා ගුවන් පාලමක් ඉදිකිරීමට යෝජනා කර තිබුණේද;
(iv) වර්ෂ 2004 සිට 2014 දක්වා කාල වකවානුව තුළ එම ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණේද;
(v) එසේ නම්, එම උත්සවය සඳහා දරන ලද වියදම කොපමණද;
(vi) එම ගුවන් පාලම ඉදිකිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-21
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) · මහාමාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් සංඛ්‍යාව 12 කි.
· දුම්රිය මාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් සංඛ්‍යාව 16කි.
· මහාමාර්ග හරහා ඉදිකර ඇති උමං මාර්ග සංඛ්‍යාව 20කි.
(ii) · මහාමාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් 12 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 21,131.80ක් -බිලියන 21ක් පමණ- වියදම් වී තිබෙනවා.
· දුම්රිය මාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් 16ක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 23.9ක් පමණ වියදම් වී තිබෙනවා.
· උමං මාර්ග 20ක් ඉදි කිරීම සඳහා රුපියල් බිලියන 8.2ක් පමණ වියදම් වී තිබෙනවා.
(ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ජාතික මහාමාර්ග හරහා ඉදිකර ඇති මගී ගුවන් පාලම් සංඛ්‍යාව 05යි. රථ වාහන ගුවන් පාලම් ඉදිකරලා නැහැ.
(ii) · කඩහපොළ රඹාවැව මාර්ගයේ (මගී ගුවන් පාලම), සියඹලාගස්කොටුව මදිනා පාසල අසල.
· කළුගමුව - විලාකටුපොත - බමුණාකොටුව මාර්ගයේ (15 වන කිලෝමීටරයේ), බමුණාකොටුව පාසල අසල.
· නිකවැරටිය - මොරගොල්ලාගම- සියඹලන්ගමුව මාර්ගයේ (23 වන කිලෝමීටරයේ) යාපහුව පාසල අසල.
· ඉබ්බාගමුව -කුඹුක්ගැටේ- මඩගල්ල මාර්ගයේ, පොල්පිතිගම පාසල අසල.
· අඹේපුස්ස -කුරුණෑගල- ත්‍රිකුණාමලය මාර්ගයේ, ගොකරැල්ල පාසල අසල.
(iii) ඔව්, එවකට පැවති දේශපාලන අධිකාරිය විසින් 2008 වර්ෂයේ දී මෙවැනි ඉදිකිරීමකට යෝජනා ඉදිරිපත් කර තිබුණි.
(iv) මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එවැනි කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබූ අතර, එවැනි උත්සවයක් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් කිසිදු නිලධාරියෙකු හෝ සහභාගි වී නොමැත. එවැනි උත්සවයක් මහාමාර්ග අමාත්‍යාංශය විසින් ද සංවිධානය කර ඇති බවට තොරතුරු සොයා ගත නොහැක.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා මේ අහන ප්‍රශ්නයට අදාළව තිබෙන පසුබිම් වාර්තාවේ තිබෙනවා, මෙහෙම උත්සවයක් සංවිධානය කරලා තිබෙනවා කියලා. මා එය කියවන්නම්.
2008 වර්ෂයේදී යෝජනා කර ඇති පරිදි, මහා මාර්ග අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ උපදෙස් පරිදි මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2008 මාර්තු 01 වන දින එවකට පැවති දේශපාලන අධිකාරිය විසින් එම ස්ථානයේ උත්සවයක් සංවිධානය කර මෙම ගුවන් පාලමේ ඉදි කිරීම් කටයුතු සඳහා මුල් ගල තබා ඇත. නමුත් එහි ඉදි කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් උත්සවයක් සංවිධානය කර නැත කියා එහි සඳහන් වනවා. උත්සවයක් සංවිධානය කරලා තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් නොවෙයි.
(v) උක්ත (ආ) - (iv) පිළිතුරට අනුව අදාළ නොවේ.
(vi)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks