01

E   |     |  

 දිනය: 2025-07-09   පිළිතුර ලබා දී ඇත 

0950/2025: වේලනෙයි ප්‍රා.ලේ. කොට්ඨාසය: තැපැල් කාර්යාලය

950/2025

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       යාපනය දිස්ත්‍රික්කයේ, වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවා ඇති තැපැල් කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති බැවින් එම තැපැල් කාර්යාලය තාවකාලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බව දන්නේද;

(ii) එසේ නම්, ඉහත තැපැල් කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගන්නේද;

(iii) එම ගොඩනැගිල්ල ඉදිකරනු ලබන කාල  වකවානුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-07-09

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      ඔව්. වේලනෙයි තැපැල් කාර්යාලය කුලී පදනම මත පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යනු ලබයි.

‍              (ii)      ස්ථිර ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට සුදුසු, තැපැල් දෙපාර්තමේන්තුවට විධිමත් ලෙස පැවරුණු ඉඩම් කොටසක් දැනට වේලනෙයි ප්‍රදේශයේ නොමැත.

(iii) වේලනෙයි ප්‍රදේශයේ සුදුසු ඉඩම් කොටසක් තැපැල් දෙපාර්තමේන්තුවට විධිමත්ව පවරා ගැනීමට හැකියාව ලැබුණොත්, අපි ඒ ප්‍රදේශයේ ස්ථිර නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks