E   |     |  

 දිනය: 2026-08-07   පිළිතුර ලබා දී ඇත 

0946/2026: ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන (පුද්ගලික) සමාගම: ලැබුණු විදේශ රැකියා ‍අවස්ථා

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන (පුද්ගලික) සමාගමට 2015 වර්ෂයේ සිට මේ දක්වා ලැබුණු විදේශ රැකියා ඇබෑර්තු සංඛ්‍යාව වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම රැකියා ඇබෑර්තු සඳහා උපරිම පිරිසක් යැවීමට නොහැකිවූ හේතු කවරේද;

(iii) රැකියා ඇබෑර්තුවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-08-07

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගමට 2015 වර්ෂයේ සිට 2026 ජුනි 30 දක්වා ලැබුණු විදේශ රැකියා ඇබෑර්තු සංඛ්‍යාව වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහත දක්වා ඇත.

වර්ෂය

ඇබෑර්තු සංඛ්‍යාව

විදේශගත වූ සංඛ්‍යාව

2015

739

385

2016

2,784

820

2017

1,427

806

2018

1,427

662

2019

2,070

274

2020

227

113

2021

2,606

140

2022

2,973

324

2023

1,518

659

2024

1,555

558

2025

408

379

2026 ජූලි 31 දක්වා

1,127

93

එකතුව

18,861

5,213

 

 

 

 

 

 

 

 

 

 

(ii) මේ ප්‍රශ්නයට අදාළ උත්තරය ගත්තොත්, පළමු කාරණාව තමයි, මේ ආයතනය සමස්තයක් විධියට කඩාගෙන වැටිලායි තිබුණේ. මේ ආයතනය පිහිටෙව්වේ 1996 අවුරුද්දේ. සාමාන්‍යාධිකාරිවරු හැටියට full-timersලා තුන්දෙනායි හිටියේ. මීට පෙර හිටපු දෙදෙනාම ඉතාම කෙටි කාලයක් තමයි සේවය කළේ. ඒ නිසා  අපි බලයට පත් වුණාට පසු තීරණයක් ගත්තා, ස්ථිර සාමාන්‍යාධිකාරී කෙනෙක් පත් කරන්න ඕනෑ කියලා. ඒ සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීමත් එක්කම අපේ කාර්යමණ්ඩලයට අදාළ සියලු  සේවකයන්  බඳවා ගෙන මේ කටයුතු කරගෙන යනවා.  විශේෂයෙන්ම ඒකට PSC approval  ගන්න ඕනෑ. ඒ approval   අරගෙන අපි ඒ කටයුතු ටික කරගෙන යනවා. ඒ අනුව කාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීමට අදාළ   කටයුතු අපි කර තිබෙනවා. අපි දන්නවා, මීට පෙර වැරදි තෝරා ගැනීම් රාශියක් සිද්ධ වෙලා තිබෙන බව.  උදාහරණයක් කිව්වොත්, අපට ඇබෑර්තු 500ක් ලැබී තිබෙනවා. මීට පෙර පැවති ආණ්ඩුව  2023 අවුරුද්දේ 219දෙනෙක් යවා තිබෙනවා, E-7 කියන කාණ්ඩය යටතේ දකුණු කොරියාවට. ඒ E-7 කාණ්ඩය යට‍තේ ගිය 219දෙනා අතරින්  සාතිශය බහුතරය දැන් ඒ අයගේ වැඩ  පොළවල නිරත වී සිටින්නේ නැහැ. විශේෂයෙන්ම ඒ පුද්ගලයන් වෙන වෙන රස්සා හොයා ගෙන අදාළ තැන්වලින් පැනගොස් ඇති බව වාර්තා වෙලා තිබෙනවා.

ඒ වාගේම රුසියාවේත් රැකියා සංඛ්‍යාවක් අපට ලැබී තිබුණා. එතැනත් තෝරා ගැනීම් පටිපාටි සම්බන්ධව අපට  ගැටලු නිර්මාණ වෙලා තිබුණා. ඒ නිසා අපට ඒ අවස්ථාවත්  අහිමි වෙලා තිබෙනවා. ඒ වාගේම රුමේනියාවෙත් යම්කිසි රැකියා සංඛ්‍යාවක් අපට ලැබී තිබුණා. අතරමැදි පාර්ශ්ව  සමඟ ඇතිවෙච්ච ගැටුම්  නිසා ඒවාත් අපට අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා, සම්මුඛ පරීක්ෂණ ඉතාම හොඳ විධියට පවත්වන්න. පසුගිය කාල වකවානුව තුළ මේ ක්ෂේත්‍රය කඩාගෙන වැටෙන්න බලපෑ එක හේතුවක් තමයි සම්මුඛ පරීක්ෂණ අසමත් වීම. ඒ වාගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පවත්වා රැකියා අපේක්ෂකයන් තෝරා නොගැනීමත්  ඒකට හේතු වූ කාරණයක් විධියට අපි දකිනවා.

ඒ වාගේම, විදේශ නියෝජිතයන් විසින් රැකියා අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීම, අවශ්‍ය භාෂා හා තාක්ෂණික හැකියාව නොමැති වීම ඇතුළු කාරණාත් අපි  හඳුනාගෙන තිබෙනවා. ඒ හේතු නිසා අපි ඉතාම හොඳ විධියට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම හා  ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පැවැත්වීම කරනවා. ඒ හරහා විශේෂයෙන් පළමු කණ්ඩායම විධියට යවන කණ්ඩායම ඉතාම සුදුසු කණ්ඩායමක් විධියට යැවීමට අවශ්‍ය කටයුතු ටික අපි මේ මොහොත වෙනකොට කරගෙන යනවා.

(iii) දැනට කොරියාවේ යොන්වාල් ගන් කියන  ප්‍රාන්තයත්  එක්ක අපි E-8 සම්බන්ධ ගිවිසුම අත්සන් කරලා තිබෙනවා, විශේෂයෙන් කෘෂිකාර්මික කම්කරුවන් සඳහා. ඒ වාගේම අබුඩාබිවල Solapak Limited  කියන ආයතනයත් එක්ක අපි  agricultureවලට  ගිවිසුම අත්සන් කරලා තිබෙනවා. ඒ වාගේම මේ ‍මොහොත වෙනකොට ජපානයේ EUC, ඒ කියන්නේ Enterprise United Cooperative කියන ආයතනයත් එක්ක  ගිවිසුම් අත්සන් කරලා SSW කාණ්ඩය යටතේ  පුද්ගලයන් යැවීමට අදාළ කරන කටයුතු ටික කරගෙන යනවා. ඒ වාගේම ජපානයේ මෙටා ටෙක්නෝ කියන ආයතනයත් එක්ක සාකච්ඡා කරමින් IT engineers යැවීමට අදාළ කාර්යභාරයත් මේ මොහොත වෙනකොට අපි ඉටු කරලා තිබෙනවා. ඒ වාගේම අබුඩාබිවල Transguard කියන ආයතනයත් එක්ක සාකච්ඡා කරමින්, ගිවිසුම් අත්සන් තබමින් skilled and semi-skilled workers for different disciplines, ඒ කියන්නේ semi-skilled සහ skilled workersලා යවන එකට අදාළ කටයුතු කරලා තිබෙනවා. ඒවාගේම NOSTROY කියන, විශේෂයෙන් රුසියාවේ National Association of Builders කියන ආයතනයත් එක්ක අපි ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.  මීට කලිනුත් තිබුණු ගිවිසුමක් ඒක . ඒක අලුත් කරමින් ඒකට අදාළ  semi-skilled and skilled workers යැවීමට අදාළ කටයුතු ටිකත් අපි කරගෙන යනවා.

මෙතැනදී ප්‍රමාණය කියන එක එක කාරණයක්. ඒ ප්‍රමාණයත් එක්ක ගුණාත්මක බවක් ඇති කරන්න ඕනෑ කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ නිසා  ප්‍රමාණය මෙන්ම ගුණාත්මක කරුණු කාරණාවලට විශේෂ මැදිහත්වීමක්  කරමින් අපි මේ කටයුතු ටික කරගෙන යනවා. අපට අදහසක් තිබෙනවා, කෙටි කාලයක් තුළ පුහුණු ශ්‍රමිකයන් යැවීමට අදාළ කටයුතු ටික කරන්න. එතැනදී ලොකු සාර්ථකත්වයක් අත්පත් කරගන්න පුළුවන් කියන බලාපොරොත්තුව අපට තිබෙනවා. ඒ වාගේම මෙතැනදී ජර්මනියත් එක්ක විශේෂ ගිවිසුමක් තිබෙනවා, හෙදියන් යැවීමට අදාළව. ලංකාවෙත් හෙදියන්ගේ පුරප්පාඩු තිබෙනවා. පෞද්ගලික ආයතන හරහා, ඒ කියන්නේ පෞද්ගලික පාඨමාලා හරහා ලියාපදිංචි - register - වෙච්ච හෙදියන් යැවීමට අදාළ අවස්ථාව මේ මොහොත වෙනකොට අපි සකස් කරගෙන යනවා. ඒකට අදාළ  සාකච්ඡා ටිකත් අපි පවත්වාගෙන යනවා.

(ආ) අදාළ නොවේ. 

 

 

පිළිතුරු දුන් දිනය

2026-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks