පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
925/2025
ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් වැලිසර ගබඩා සංකීර්ණය පිහිටි ඉඩමේ කොටසක්, වත්තල උසාවි සංකීර්ණයේ නීතිඥයන්ට කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීම සඳහා වෙන් කර ඇති බව දන්නේද;
(ii) එම ඉඩම් කොටස් වෙන් කර දී ඇති ක්‍රමවේදය කවරේද;
(iii) වත්තල නීතිඥ සංගමය විසින් එම ඉඩම් කොටස මේ වනවිට වාහන ගාල් කිරීම සඳහා වෙනත් පුද්ගලයෙකුට කුලියට ලබා දී ඇති බව දන්නේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) අදාළ බිම් කොටස සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-19
අසන ලද්දේ
ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) එසේ ක්‍රමවේදයක් නොමැත.
(iii) නැත.
(iv) මෙම විමසීම මූලික කර ගනිමින් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ.
(v) ඉදිරියේ දී නීතිඥවරු මාර්ගයෙන් ලිඛිත දැනුම් දීමක් සිදු කරනු ලැබේ.
(ආ) ` අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks